වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති සියල්ලම පාහේ අද (19/11) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි.
ප්‍රාන්ත ජනගහනයෙන් 90% ක පිරිසක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය කරා මේ සති අන්තය වන විට ළඟා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
Highlights
- නොවැම්බර් 19 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිවෙස්වලට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවේ මෙන්ම එළිමහනේ රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාවේ උපරිම සීමාව ඉවත් කෙරේ.
- අවන්හල්, ආපන ශාලා, තැබෑරුම්වල සිටිය යුතු පාරිභෝගිකයින් සංඛ්‍යාවේ සීමාවද ඉවත් කෙරේ.
- තම නිවසින් පිටත සිටින කොවිඩ් ආසාදිතයෙකු සමඟ ගැටුණු ඕනෑම අයෙකු ස්වයං නිරෝධායනය වීමද නොවැම්බර් 19 සිට අවශ්‍ය නොවේ.

Premier Daniel Andrews has announced COVID-19 restrictions will relax further from 11:59 pm tonight. Source: Getty Images AsiaPac
නොවැම්බර් 19 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති වෙනස් වන අයුරු
වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට නොවැම්බර් 19 සිට පහත අයුරින් කොවිඩ් නීති වෙනස් වන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (18/11) දැනුම් දුන්නේය.
- නිවෙස්වලට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවේ උපරිම සීමාව ඉවත් කෙරේ.
- එළිමහනේ රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාවේ උපරිම සීමාව ඉවත් කෙරේ.
- අවන්හල්, ආපන ශාලා, තැබෑරුම්වල සිටිය යුතු පාරිභෝගිකයින් සංඛ්‍යාවේ සීමාව ඉවත් කෙරේ.
- සිල්ලර වෙළෙඳ සැල්වල හැර අනෙක් ගෘහස්ථ ස්ථානවල පාරිභෝගිකයින්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
- නමුත් එම ව්‍යාපාර ස්ථානවල සේවකයින් මුව ආවරණ පැළඳිය යුතුවේ.
- දෙසැම්බර් 15 සිට සිල්ලර වෙළෙඳ සැල්වලට පැමිණෙන පාරිභෝගිකයින්ට අනිවාර්ය මුව ආවරණ පැළදීමේ නීතිය ඉවත් කෙරේ.
- පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී, ප්‍රථමික පාසල්වල ගුරුවරුන් ඇතුළු සේවකයින් සහ 3 වසරේ සිට 6 වසර දක්වා පාසල් සිසුන්ද තවත් සති කිහිපයක් යනතෙක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- සමාජ ශාලාවල නර්තනය සඳහා අවසර ලැබේ.
- ගෘහස්ථ උත්සව සඳහා පාරිභෝගිකයින් 30,000 ක් දක්වා සත්කාරකත්වය සැපයිය හැකි නමුත් එම ධාරිතාව ඉක්මවා යාමට අනුමැතිය අවශ්‍ය වේ.
- තම COVID ආරක්ෂිත සැලසුම් ප්‍රකාශ කළහොත් එළිමහනේ පැවැත්වෙන උත්සව සඳහා 30,000 ඉක්මවා පිරිස් සහභාගී කරවාගත හැකිය.
- කොවිඩ් එන්නත ලබාගත් බව පරීක්ෂා නොකරන මංගල උත්සව, අවමංගල්‍ය උත්සව සහ පූජනීය ස්ථානවලට සහභාගී වන පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සහ ඝනත්ව සීමාවන්ට (density limits) යටත් විය යුතුය.
- තම නිවසින් පිටත සිටින කොවිඩ් ආසාදිතයෙකු සමඟ ගැටුණු ඕනෑම අයෙකු ස්වයං නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.
- නමුත් එලෙස ආසාදිතයෙකු හා ගැටුණු අය PCR පරීක්ෂණයක් කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් හුදකලා විය යුතුය.
- කොවිඩ් ආසාදිතයෙකු තම ව්‍යාපාර පරිශ්‍රයේදී හමුවුවහොත් ව්‍යාපාරවලට තවදුරටත් තම පරිශ්‍රය deep clean කිරීමට හෝ යළි විවෘත කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටීමට අවශ්‍ය නොවේ.