වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට පනවා ඇති මුව ආවරණ පැළඳීමේ නීතිය ඇතුළු තවත් කොරෝනා නීති කිහිපයක් මාර්තු 26 වන දා සිකුරාදා සිට ලිහිල් කෙරේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිදු සක්‍රීය කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීමත් සමග ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන තිබේ.
Highlights
- මාර්තු 26 වන දා සිකුරාදා පස්වරු 6 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවසක රැස්විය හැකි උපරිම පිරිස 30 සිට 100 දක්වා ඉහළ දැමේ.
- එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 100 සිට 200 දක්වා ඉහළ දැමේ.
- පොදු ප්‍රවාහන සේවා හා කුලී රථ භාවිතයේදී, aged care මධ්‍යස්ථාන වලදී සහ රෝහල් වලදී පමණක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
මාර්තු 26 වන දා සිකුරාදා සිට ලිහිල් වන කොරෝනා නීති
මාර්තු 26 වන දා සිකුරාදා පස්වරු 6 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ පහත සඳහන් කොරෝනා නීති ලිහිල් කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino අද (23/03) නිවේදනය කළේය.
- නිවසේදී රැස්විය හැකි උපරිම පිරිස 30 සිට 100 දක්වා ඉහළ දැමේ
- එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 100 සිට 200 දක්වා ඉහළ දැමේ
- පොදු ප්‍රවාහන සේවා හා කුලී රථ භාවිතයේදී, aged care මධ්‍යස්ථාන වලදී සහ රෝහල් වලදී පමණක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ
- සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳ සැල් සහ සිල්ලර වෙළෙඳ සැල් තුළ අනිවාර්ය අනිවාර්ය මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කෙරේ
- කැසිනෝ, රාත්‍රී සමාජශාලා සහ karaoke ස්ථානවල වර්ග මීටර 4 කට එක් පුද්ගලයෙකු බැගින් සිටිය යුතු සීමාව වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින් ලෙස සංශෝධනය කෙරේ.
- dancefloors වල සිටිය හැකි උපරිම පිරිස 50 ලෙස දක්වා තිබූ නීතිය ඉවත් කෙරේ.
- පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වල සේවක ධාරිතාවෙන් 75% ක් පමණක් සේවා ස්ථාන වලට ගෙන්වා ගත යුතු යන සීමාව ඉවත් කෙරේ. (නමුත් වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින් වූ නීතිය අදාළ වේ.)

Victoria Police officers walking around Melbourne's CBD wearing masks Source: AAP
වික්ටෝරියානු රාජ්‍ය සේවය සඳහා සංශෝධිත නම්‍යශීලී ප්‍රතිපත්තියක්
වික්ටෝරියානු රාජ්‍ය සේවය සඳහා සංශෝධිත නම්‍යශීලී ප්‍රතිපත්තියක් ද අද (23/03) නිකුත් කරන ලදී.
එයට අනුව රාජ්‍ය සේවකයින් සතියකට අවම වශයෙන් දින තුනක් හෝ යළි කාර්යාලයට පැමිණිය යුතුය.
මෙල්බර්න් කලාපය පුරාවට නව "suburban government hubs" පහක් ද පිහිටුවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
එමඟින් රාජ්‍ය සේවකයින්ට නිවෙස්වලට සමීපව වැඩ කිරීමට ඉඩ සලසන අතර තදාසන්න ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් ද වැඩි වනු ඇතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එයින් එක් මධ්‍යස්ථානයක් දැනටමත් Footscray හි ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ජුනි 30 ට පෙර තවත් ද්විත්වයක් Mulgrave සහ Williams Landing හි විවෘත කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
රාජකාරිය හා පුද්ගලික ජීවිතය අතර සමතුලිතභාවය රැකීමට මේ හරහා ඉඩ ලැබෙන බවත් එමගින් සේවකයින්ගේ රාජකාරී ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේ ද සැලකිය යුතු වෙනසක් ඇතිවනු ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.
මේ අතර AFL තරගාවලියේ දෙවැනි වටයේ තරග නැරඹීමට ක්‍රීඩාංගන වෙතට පැමිණීමට අවසර ලැබෙන ප්‍රේක්ෂකයින් ගේ ප්‍රමාණය ද 75% ක් දක්වා ඉහළ දමා තිබේ.

Acting Victorian Premier James Merlino addresses a media conference in Melbourne Source: AAP
වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් බිංදුව දක්වා පහළට
අද (23/03) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිදු සක්‍රිය කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සඳහන්.
පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දිනෙන් පසුව මේ තත්ත්වය උදාවූ පළමු අවස්ථාව මෙය වේ.
කොරෝනා වසංගතය පැමිණි දා සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown තුනකට මුහුණ දුන් අතර එහි පළමු lockdown එකට ඇතුළුවී අදට වසරක් සපිරේ.