වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews මෙම නව කොරෝනා සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අද(6) නිවේදනය කළේය.මේ අනුව ප්‍රාන්තය තුල පවතින මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවට වන නීතීන් සහ පුද්ගල එක්රැස්වීම් සඳහා වන නීතීන් ලිහිල් කොට තිබේ.
වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කොට සිටියේ සෑම ප්‍රාන්ත වැසියෙකුම තමන් සතුව මුහුණු ආවරණ ළඟ තබාගැනීම අනිවාර්ය වන අතර පොදු ප්‍රවාහන සේවයන්හි ගමන් කිරීමේදී, ගෘහස්ථ සාප්පු සංකීර්ණ තුල ගමන් කිරීමේදී සහ ජනාකීර්ණ ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ දුරස්ථ බව ආරක්ෂාකිරීමට නොහැකි අවස්ථාවන්හිදී හැර සෙසු අවස්ථාවන්හිදී මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යද යන්න ජනතාවට තීරණය කල හැකි බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එක් නිවසකට,එක් දිනක් තුල පුද්ගලයින් 30 දෙනෙකු දක්වා පැමිණීමට අවසර හිමිවේ. ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේ 2021 වසරේ මුල් භාගයේදී සේවා ස්ථාන සඳහාද නීති ලිහිල් කරන බවයි.
මේ අතර ජර්මනියේ සිට ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි බවට විශ්වාස කෙරෙන 53 හැවිරිදි කාන්තාවක සහ15 හැවිරිදි දරුවකු හෝටල් නිරෝධායනය වෙත නොගොස් සිඩ්නි හි සිට මෙල්බර්න් දක්වා ගමන් කොට ඇති බවට අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් Virgin ගුවන් සමාගමට අයත් VA838 දරන ගුවන් යානයේ මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 176 දෙනෙකු හට නිරෝධායනය වන ලෙසට බලධාරීන් දැනුම් දී තිබේ.
කෙසේ නමුත් මෙම මගීන් දෙදෙනා පරීක්ෂාවට බඳුන් කිරීමෙන් අනතුරුව සෘණාත්මක ප්‍රතිඵල ලැබුණු බව වික්ටෝරියානු ප්‍රාන්ත සෞක්‍ය අමාත්‍ය Martin Foley පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මොවුන්ත තවත් පරීක්ෂණයකට බඳුන් කොට ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තුරු සිටින බවයි.
මෙම කාන්තාව සහ දරුවා සිඩ්නි හි නිරෝධායනය නොවී, මෙල්බර්න් වෙත ගමන් ගත් ගුවන් යානය වෙත යාම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම සහ ප්‍රාන්ත බලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Virgin Airways Source: AAP
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඉරිදා(6) වන විට වික්ටෝරියා ප්‍රාන්තය කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවී දින 37ක කාලයක් ගතකොට තිබේ.කෙසේ නමුත් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට සිටියේ මෙම වෛරසය තවමත් සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන්ව නොමැති බවයි. මේ හේතුවෙන් මෙම ගිම්හාන සෘතුව තුල සෑම අයකුම අවධානයෙන් සිටින ලෙසද ඔහු සඳහන් කරයි.
සඳුදා(7) සිට පොලිසිය සහ ආරක්ෂක බලකා නිලධාරීන් යොදාගනිමින් වික්ටෝරියා ප්‍රාන්තය තුල නවීකරණය කරන ලද නව ක්රමෝපායකට අනුව හෝටල් නිරෝධායන වැඩසටහන නැවත ඇරඹේ.
මේ අනුව Colombo, Doha, Hong Kong සහ Singapore යන ගුවන්තොටුපලවල සිට ජාත්‍යන්තර ගුවන්යානා 5ක් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නියමිතව ඇති අතර දිනකට ප්‍රාන්තයට පැමිණෙන පිරිස පුද්ගලයින් 160ක උපරිමයකට යටත් කොට තිබේ.