වික්ටෝරියානු ප්‍රාන්තය අද (27/05) මධ්‍යම රාත්‍රියේ සිට දින 7 ක lockdown කාලයකට එළඹීමට නියමිතය.
ඒ අනුව අද (27/05) රාත්‍රී 11.59 ට පැනවෙන මෙම lockdown එක ජුනි 03 වන දින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වේ.
Highlights
- වික්ටෝරියානු ප්‍රාන්තය අද (27/05) මධ්‍යම රාත්‍රියේ සිට දින 7 ක lockdown කාලයකට එළඹීමට නියමිතය.
- මෙම lockdown කාලය තුළ වික්ටෝරියානු වැසියන්ට අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකිය.
- භාණ්ඩ මිලට ගැනීමේදී සහ ව්‍යායාම් කිරීමේදී මෙම lockdown කාලය තුළ තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුර ඉක්මවා යා නොහැක.
වික්ටෝරියානු ප්‍රාන්තයට සතියක lockdown එකක්
අද (27/05) මධ්‍යම රාත්‍රියේ සිට පැනවෙන මෙම lockdown එක සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම බලපාන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino මීට සුළු වේලාවකට පෙර පැවසීය.
මෙල්බර්න් නුවර දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කොරෝනා ආසාදිතයින් නිසා වයිරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් පසුගිය පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවී තිබේ.
ඒ සමග මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුර 27 ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින ආසාදිතයින් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් දක්වා වැඩිවී ඇත.
පසුගිය පැය 24 තුළ කොරෝනා පරීක්ෂණ 40,000 කට අධික සංඛ්‍යාවක් සිදු කළ බවද සඳහන්.

People wait for COVID tests in Melbourne on Wednesday, 26 May. Source: AAP
අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකියි
මෙම දින 7 lockdown කාලය තුළ වික්ටෝරියානු වැසියන්ට අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.
එම හේතු 5 පහත පරිදි වේ.
- ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා
- අවසරලත් රැකියා සහ රාජකාරි කටයුතු සඳහා
- යම් පුද්ගලයෙකුව රැක බලාගැනීම සඳහා
- උපරිම පැය 2 ක කාල සීමාවකට තවත් එක් පුද්ගලයෙකු සමග පමණක් ව්‍යායාම් කිරීම සඳහා
- කොරෝනා එන්නත ලබාගැනීම සඳහා
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
lockdown කාලය තුළ පැනවෙන නීති හා සීමාවන්
- නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- පාසල් වසා දැමේ, නමුත් අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් විවෘතව පවතී.
- childcare මධ්‍යස්ථාන විවෘතව පවතී.
- සුපිරි වෙළෙඳසැල්, බැංකු, ඖෂධාගර වැනි අත්‍යවශ්‍ය සේවා විවෘතව පවතී.
- අවන්හල්, ආපන ශාලා take-away සේවාවන් සඳහා පමණක් විවෘත කළ හැකිය.
- පුද්ගලික හෝ පොදු කටයුතු සඳහා ජනයා ඒක රාශි වීම් තහනම් වේ.
- භාණ්ඩ මිලට ගැනීමේදී සහ ව්‍යායාම් කිරීමේදී තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුර ඉක්මවා යා නොහැක.
- සමීපතම හවුල්කරුවන් හැර වෙනත් අමුත්තන්ට නිවසට පැමිණීමට අවසර නැත.
- විවාහ වන පුද්ගලයෙකුගේ සමීපතමයකු මරණාසන්නව සිටියි නම් හෝ විවාහ වන පුද්ගලයාව පිටුවහල් කිරීමකට ලක් කර ඇති මොහොතක වැනි අතිශය මානුෂීය සහ දුක්ඛිත තත්වයන් යටතේ හැර අනෙක් සියලු තත්ත්වයන් යටතේ සංවිධානය කරන විවාහ උත්සව තහනම්ය.
- උපරිම පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
- උපරිම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සමඟ සජීවීව විකාශය නොකරයි නම් ආගමික සේවාවන් ද තහනම් වේ.
- සීමිත හේතුන් මත හැර Aged care මධ්‍යස්ථාන වලට අමුත්තන් පැමිණීම තහනම්ය.
- පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
- සියලුම විනෝදාස්වාද සපයන ස්ථාන වසා දැමේ.
- සියලුම කොණ්ඩා මෝස්තර සැකසුම් ස්ථාන, පුද්ගලික සේවා සහ රූපලාවණ්‍ය සේවා වසා දැමිය යුතුය.
- පිහිනුම් තටාක සහ කය වර්ධන මධ්‍යස්ථාන වසා දැමේ.
- ප්‍රේක්ෂකයන් නොමැතිව අනුමත වෘත්තීය ක්‍රීඩා ඉසව් ඉදිරියට පවත්වා ගෙන යා හැකිය.
- නිවාස වෙන්දේසි Online මාර්ගයෙන් සිදුකළ යුතුය.