වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වෙත සංචාරය කිරීම පිණිස ලබාදෙන ඩොලර් 200 ක සංචාරක වවුචරය යළිත් වරක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
මේ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීම සඳහා වික්ටෝරියානුවන් දිරිමත් කෙරේ.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ $200 සංචාරක වවුචරයට මාර්තු 12 සිට අයදුම් කළ හැකිය.
- මෙවර $200 සංචාරක වවුචර 40,000 ක් ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
- මෙවර වවුචර සඳහා සංචාරය කිරීමට සුදුසු කාල සීමාව 2021 මාර්තු 19 සිට මැයි 16 තෙක් බව දන්වා තිබේ.
$200 සංචාරක වවුචරය
මෙවර $200 සංචාරක වවුචර 40,000 ක් ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට අද (12/03) සිට මේ සඳහා අයදුම් කළ හැකිය.
ඊට අමතරව මෙල්බර්න් metropolitan කලාපයේ ක්‍රියාකාරකම් සඳහා කූපන් පත් ද පළමු වරට නොමිලේ පිරිනැමීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
මෙම $200 සංචාරක වවුචරය අදියර කිහිපයක් යටතේ ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇති අතර එහි පළමු අදියර පසුගිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක විය.
මෙවර අදියරේදී මෙම වවුචර සඳහා Eligible travel period හෙවත් සංචාරය කිරීමට සුදුසු කාල සීමාව 2021 මාර්තු 19 සිට මැයි 16 තෙක් බව දන්වා තිබේ.

Source: Getty Images
මේ සඳහා අයදුම් කළ හැක්කේ කාහටද?
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම වික්ටෝරියානුවෙකු හට මෙම ඩොලර් 200 වවුචරය ලබාගත හැකිය.
එක් පවුලකට එක් වවුචරයක් පමණක් නිකුත් කෙරේ.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක සංචාරය කරන විට නවාතැන් පහසුකම් සඳහා, සංචාරක කටයුතු වලදී හෝ යම් ස්ථාන නැරඹීමේදී ඩොලර් 400 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන පුද්ගලයින්ට මෙම ඩොලර් 200 වවුචරය ලබාගත හැකිය.
ඒ සඳහා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක පිහිටි නවාතැන්පොලක මුදල් ගෙවා රාත්‍රී 2 ක් නැවතී සිටිය යුතුය.
සියලු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප, Yarra හා Dandenong Ranges සහ Mornington Peninsula ප්‍රදේශ මේ සඳහා ඇතුළත් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වවුචරය ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ නොවන වියදම්
මෙම ඩොලර් 200 වවුචරය ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ නොවන වියදම් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පහත පරිදි ලැයිස්තුගත කර ඇත.
- gaming සඳහා වන වියදම්
- ඇල්කොහොල් වියදම් (නමුත් වයින් හෝ අනෙකුත් බීර වර්ග රස බැලීමේ චාරිකා වලදී එයට අදාළ වියදම් ඇතුළත් කළ හැකිය)
- ඉන්ධන වියදම්
- winery චාරිකාවකදී ආහාර ඇතුළු සියලු දෑ පැකේජයක් ලෙස දෙන අවස්ථා හැර අනෙකුත් ආහාර පාන වියදම්
- සිල්ලර බඩු සඳහා වන වියදම් (groceries)
- ඇඳුම් පැළඳුම් වැනි පුද්ගලික දේවල් සඳහා වන වියදම්
- ගමනාගමන වියදම් (වාහනයේ කුලී ගාස්තු, බස් ටිකට්)