Technical And Further Education system හෙවත් TAFE යනුවෙන් හැඳින්වෙන ආයතනය මගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රාජ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබා දේ.
TAFE මගින් විවිධ ප්‍රාන්ත වල විවිධ පාටමාල 100ක් පමණ ලබා දෙන අතර , ඒවා ඉතා කෙටි පාටමාලා වන Responsible Service of Alcohol හා දීර්ඝ කාලීන පාටමලාද වේ . සමහර පාටමාලා වලට සහභාගී වීම සදහා මුලික ඉංග්‍රීසි දැනුම ආදී විවධ නිපුනතා අවශ්‍ය විය හැකියි.

Technical and Further Education system Source: Maskot
නොමිලේ පාටමාලා
අන්තර්ජාතික සිසුන්ට TAFE අධ්‍යාපනය ලැබිය හැකි වුවත් , බොහෝ ගාස්තු සහන හිමි වන්නේ , පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලැබූ සිසුන්ටයි.
Iබොහෝ ප්‍රාන්ත වල නොමිලේ ලබා දෙන පාටමාලාද කිහිපයක් ඇත. pre-apprenticeship සිට සහතික පත් 4 දක්වා හෝ ඩිප්ලෝම දක්වා මෙවන් පාටමාල 40-50ක් පමණ තිබිය හැකියි.
ප්‍රජා සේවා සිට සිවිල් ගොඩනැගිලි කර්මාන්ත පාටමාල තෙක් එවන් නොලිමේ ලබා දෙන පාටමාලා තිබිය හැකියි
එසේම සරණාගත පසුබිමකින් පැමිණෙන ජනයාට, aboriginal පසුබිමක් සහිත ජනයාටත් නොමිලේ මෙම සමහර පාටමාලා වලට සහභාගී විය හැකියි. එසේම FEE-HELP වැනි රජයේ ශිෂ්‍ය නය ක්‍රම වලටත් එම පාටමාලා අයත් වේ. ඔබේ ප්‍රදේශයේ TAFE ආයතනය හරහා එම තොරතුරු ලබා ගන්න

The Sydney Institute of TAFE campus in Sydney Source: AAP, April Fonti

Source: Getty Image
ඔබේ ප්‍රදේශයේ TAFE ආයතනයෙන් තොරතුරු ලබා ගන්න
නොමිලේ පාටමාලා බොහෝ TAFE ආයතන වල ඔබට ගැලපෙන පාටමාලාව හා රැකියා අවස්ථා පිලිබදව උපදෙස් ලබා දේ . බොහෝ ආයතන වල වෙනත් භාෂා කතා කල හැකි උපදේශකයින් සිටින අතර 131 450 ඔස්සේ ඔබට භාෂා පරිවර්තන සහය ද ලබා ගත හැකියි

Two car mechanic students working in garage at FE college, young woman learning mechanical skills Source: E+
TAFE is for everybody
ඔබේ ඕස්ට්‍රේලියාවේ ප්‍රථම රැකියාව ලබා ගැනීමට හෝ TAFE අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙත යාමට හෝ කුමන අරමුණකින් වුවත් ඔබට TAFE අධ්‍යාපනය වෙත එක් විය හැකිය. ඔබේ ප්‍රදේශයේ TAFE ආයතනය අමතා හෝ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් තොරතුරු දැන ගන්න

Source: SBS