මේ දිනවල ලොව පුරා සිදුවන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගම් පිළිබඳ නිරන්තරයෙන් පුවත් බිහි වේ. ඒ අතරින් මුස්ලිම් ජාතිකයන් ලොව පුරා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතීමද ඉන් එක් පුවතකි.
මේ අතර ඔස්ට්‍රේලියාවේද මුස්ලිම් ජාතිකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවන බවට බොහෝ දෙනා සිතුව නමුත් එය එසේ නොවන බව ඉතා සමීපව බැලූ කළ පෙනී යයි.
ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන ආගම
Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආගම ලෙස ඉස්ලාම් ආගම හඳුනාගෙන ඇති අතර මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.6ක්ව පවතින මුස්ලිම් ජාතිකයන් 2050 වන විට බිලියන 2.3දක්වා වර්ධනය වන බවට මත පළ කරයි.
වසර 2050 වන විට මුස්ලිම්වරු ලොව විශාලතම ආගමික කණ්ඩායම වන 31.4%ක ප්‍රතිශතයක් හිමි ක්‍රිස්තියානු ජාතිකයන්ගේ සංඛ්‍යාවට ආසන්න වන බව Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ වාර්තාව පැවසීය. ඒ අනුව 2050 වන මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් 29.7%ක් වනු ඇති බවට අනුමාන කර ඇත.
එම ජන කන්ඩායම් දෙකෙහි ජනගහන වර්ධන වේගය මෙය මනාව පැහැදිලි කරයි. 2010 – 2050 අතර වසර 40ක කාලයේදී ලෝක මුස්ලිම් ජනගහනය 73%ක වේගයකින් වර්ධනය වන බව අපේක්ෂිතය. එම කාලය අතරතුර ක්‍රිස්තියානි ජාතිකයන්ගේ වර්ධන වේගය 35%ක් බවට ගණන් බලා තිබේ.
Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙම වාර්තාවෙහි නිරවද්‍යතාව ඔවුන් මෙය සම්පාදනය කිරීමේදී කරනු ලැබූ උපකල්පනයන් මත අතිශය රඳා පවතින බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජන විකාශ විද්‍යාව පිළිබඳ මහාචාර්ය Peter McDonald පැවසීය. “මුස්ලිම් ජන වර්ගය පිළිබඳ අනාවැකි කීම ගැටලුවක් විය හැකිය. මන්ද මුස්ලිම්වරු කණ්ඩායම් ගණනාවක් සිටීමයි.” මහාචාර්ය Peter McDonald වැඩි දුරටත් පැවසීය.

Source: Pew Research Centre
අන්‍යාගමික සංකල්ප
අඥේයවාදය, අදේවවාදය සහ අනනුබද්ධතාවය හේතුවෙන් 2010 සහ 2050 අතර කාලයේදී මිලියන 60ක් පමණ ක්‍රිස්තියානු ආගමට අහිමිවී යන බවට අනාවැකි පළ වේ. ඒ අනුව අනනුබද්ධ පුද්ගලයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමේදී සමස්ත ප්‍රමාණයේම පහත බැසීමක් සිදු වේ.
2010 වසර තුළදී ගෝලීය අනනුබද්ධ ජනගහනය බිලියන 1.13ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2050 වන විට එම ප්‍රමාණය බිලියන 1.23 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් Pew පර්යේෂණයට අනුව එම කාලයේදී අනනුබද්ධ ජනකොටසෙහි ප්‍රතිශතය 16.4% සිට 13.2% දක්වා පහත යනු ඇති බව සඳහන්.
යුරෝපය, උතුරු ඇමෙරිකාව, චීනය සහ ජපානය වැනි රටවල අඩු සරු භාවය සහ මහළු ජනගහනය හේතුවෙන් අනනුබද්ධ ජන කොටස් පිළිබඳ අවධානය යොමුවිය.
2010 – 2050 අතර කාලයේදී ලොව සිව්වන විශාලතම ආගමික කණ්ඩායම වන හින්දු ධර්මය 15%ක පැතලි වර්ධනයක් පෙන්වන බවට අනාවැකි පළවේ.

Source: Pew Research Centre
ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය
2010 වසරේදී ලෝක ජනගහනයෙන් 23.5%ක් මුස්ලිම් ජාතිකයන් බව ඇස්තමේන්තු කර ඇති අතර අවසාන ඔස්ට්‍රේලියානු සංගණනයේදී හෙළිදරවු වූයේ වෙනස් ජනගහන අගයකි.
2011 සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජාතිකයන් 476,300ක් හෝ 2.2%ක් සිටි බව හඳුනාගෙන තිබුණි. නමුත් එහි නියම අගය ඊට වඩා වෙනස් විය යුතුය. ඊට හේතුව වන්නේ සංගණනයේදී බොහෝ පුද්ගලයන් තම ආගම පිළිබඳ තොරතුරු ඇතුලත් නොකිරීමය. Pew පර්යේෂණයට අනුව 2010 වසරේ ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් ජනගහනය 2.4%ක්ව පැවතුනි.
නමුත් සමස්ත ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධන වේගයත් සමග බලන විට ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් ජනගනය වේගයෙන් වර්ධනය වුවද ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් ආගම නොවන බව සඳහන්. නවතම සංගණන වාර්තා වලට අනුව මෙරට වේගයෙන් වර්ධනය වන ආගම වන්නේ හින්දු ධර්මයයි.

Source: ABS
ඔස්ට්‍රේලියාව තුළට ඇතුල්වීමේ සමස්තයෙහි කැපී පෙනෙන රටවල් 4කි. එනම් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ නවසීලන්තයයි. මහාචාර්ය McDonaldට අනුව මුස්ලිම්වරුන්ට වඩා හින්දුවරු, කොන්ෆියුසියස්වරු සහ ක්‍රිස්තියානුවන් ඔස්ට්‍රේලියාවට ඇතුල්වෙයි.
සංසන්දනාත්මකව බලන කල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන මුස්ලිම් ජාතිකයන් ප්‍රමාණය ඉතා කුඩාය. නමුත් ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනය පිළිබඳ ඇත්තේ වෙනත් චිත්රයකි.

Source: ABS
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානුවන්ගේ සහභාගිත්වයෙන් Ipsos Mori පර්යේෂණ ආයතනය සිදු කළ ඡන්දයේදී සිතුවේ ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනය 18%ක් බවය. නමුත් නියම අගය ඊට වඩා අඩුය. එය 2.2-2.4% ප්රතිශතයකි.
එයට හේතුව වන්නේ ඉස්ලාම් ආගම සම්බන්ධ සංකේත බහුලව දක්නට ලැබීම වර්ධනය වීම බව Charles Sturt විශ්ව විද්‍යාලයේ ඉස්ලාම් දේවධර්මවාදී Mehmet Ozalp පැවසීය.
“ඉස්ලාම් ආගමේ වර්ධනය දෙආකාරයකි. ලෝකයේ සහ ඔස්ට්‍රේලියාවේ ඉස්ලාම් ජාතිකයන් සංඛ්‍යාත්මකව වර්ධනය සහ මීට අමතරව මීට පෙර ඉස්ලාම් ආගම පුරුදු පුහුණු නොවූ මුස්ලිම් ජාතිකයන්ගේ ගුණාත්මක වර්ධනය එම ආකාර දෙකයි.” Mehmet Ozalp පැවසීය.

Source: ABS
බොහෝ පුද්ගලයන් ඉස්ලාම් ආගමට හැරෙමින් පවතියිද?
Pew පර්යේෂණ වාර්තාවට අනුව ලෝක මුස්ලිම් ජනගහනයේ පුරෝකථන වර්ධනයට මූලික කරුණක් වන්නේ හැරවීම හෝ මාරුවීමය.
2050 වන විට මිලියන 3.2ක් පමණ පුද්ගලයන් ඉස්ලාම් ආගමට හැරෙන බවට පුරෝකථනය කර ඇත.