මුල් Covid-19 වයිරසය විකෘති වී නව Covid-19 ප්‍රභේද හටගෙන ඇති ආකාරයක් මේ වන විට ලෝකය පුරා වාර්තා වේ.
එලෙස හටගත් නව ප්‍රභේද ද්විත්වයක් එක්සත් රාජධානියෙන් හා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ අතර ඒවා මුල් Covid-19 වයිරසයට වඩා භයානක බවද සඳහන්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මාස 10 කට පසුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු පසුගිය සති අන්තයේ වාර්තා වූ අතර ඔහුට ද ආසාදනය වී ඇත්තේ එක්සත් රාජධානියේ හටගත් නව Covid-19 ප්‍රභේදය බව පැවසේ.
මේ හේතුවෙන් එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේද, මුල් Covid-19 වයිරසයට වඩා වෙනස් වන්නේ කෙසේද සහ භයානක වන්නේ කෙලෙසද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
Highlights
- එක්සත් රාජධානියේ නව Covid-19 ප්‍රභේදය B117 යනුවෙන් හැඳින්වේ
- දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේදය 501.V2 යනුවෙන් හැඳින්වේ
- නව Covid-19 ප්‍රභේද වලට මුල් වයිරසයට සාපේක්ෂව ශීග්‍රයෙන් පැතිරී යා හැකිය
එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේද
මෙම ප්‍රභේද නිර්මාණය වී ඇත්තේ මුල් Covid-19 වයිරසයේ සිදුවූ විකෘති නිසා බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ නව Covid-19 ප්‍රභේදය B117 යනුවෙන් ද දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේදය 501.V2 යනුවෙන් ද හඳුන්වන බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
B117 ප්‍රභේදය මුලින්ම එක්සත් රාජධානියෙන් වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් ඉන් අනතුරුව දෙසැම්බර් මාසය වන විට එක්සත් රාජධානියේ බොහෝ පිරිසකට ආසාදනය වී තිබුණේ එම වයිරස ප්‍රභේදය බවත් ඇය පැවසුවාය.
දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේදය පසුගිය නොවැම්බර් මාසයේ පටන් හමුවූ බවත් දෙසැම්බර් මාසයේදී එය වඩා පුළුල්ව පැතිරුණු බවත් වාර්තා වේ.

A healthcare worker at work at a pop up covid19 testing facility. Source: AAP
මෙම නව ප්‍රභේද මුල් Covid-19 වයිරසයේ වෙනස් වන්නේ කෙසේද?
වයිරස වලට තනිව ප්‍රජනනය වීමට අපහසු හෙයින් තවත් සෛලයක් තුළට ගොස් ප්‍රජනනය සිදු කරයි.
පළමුව අපගේ ශරීරය තුළ Covid-19 වයිරසයට ප්‍රජනනය සිදුකළ හැකි නිවැරදි සෛලය සොයාගන්නා බව සඳහන්.
එම නිවැරදි සෛලය තුළට යාමට විශේෂ ක්‍රම ඇති බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
"Covid-19 වයිරසයේ බාහිර ස්ථරයේ කූරු කූරු ඇති බව ඔබ දැක ඇතිනේ, එම කූරු නිර්මාණය වී ඇත්තේ ප්‍රෝටීන් වලින්. ඒවා තෝරාගත් මිනිස් සිරුරේ සෛල සමග බද්ධවී ඒවායේ ආධාරයෙන් තම ප්‍රජනනය සිදු කරයි. එහිදී ඒවායේ ජාන වල යම් යම් වෙනස්කම් හටගන්නා අතර එම විකෘති වලින් හටගන්නා වයිරස් වලට වැඩි කලක් පැවතීමට අපහසුයි." යනුවෙන් වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
නමුත් ඇතැම් විකෘතීන් මුල් වයිරසයට වඩා හොඳින් හැඩගැසී මිනිස් සිරුරේ ඇති සෛල වලට වඩාත් හොඳින් බද්ධ වී තම ප්‍රජනනය මුල් වයිරසයට වඩා ශීග්‍රයෙන් සිදු කිරීමේ හැකියාවක් පවතියි.
එම නිසා එම විකෘති වලට මුල් Covid-19 වයිරසයට වඩා ඉක්මණින් පැතිරී යාමට සහ ප්‍රජනනය කිරීමට හැකියාව පවතියි.

Source: Pixabay/ Flutie
එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේද, මුල් වයිරසයට වඩා කෙතරම් භයානකද?
නව Covid-19 ප්‍රභේද වල භයානක බව අපට පහත සඳහන් ලෙස දෙආකාරයකට බැලිය හැකි බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
01. තදබල රෝගයක් වැළඳීම
02. ශීග්‍රයෙන් පැතිර යාම
නමුත් එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේද වලින් මුල් වයිරසයට සාපේක්ෂව තදබල රෝගයක් සෑදෙන්නේ නැති බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය පැවසුවාය.
නමුත් ඒවාට මුල් වයිරසයට වඩා ශීග්‍රයෙන් පැතිරී යා හැකිය.
මුල් Covid-19 වයිරසයට වඩා එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේද වල පැතිරී යාමේ වේගය 70% කින් වැඩි බව දැනට සොයාගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.