Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
දෙසැම්බර් 06 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.
Highlights
- මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත.
- 2021/22 මුල්‍ය වර්ෂයේදී ACT හි 190 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
- Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ACT දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය
ACT හි දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 දෙසැම්බර් 06 වන දින ක්‍රියාත්මක විය.
මෙම වටයේදී 457/482 වීසා ලාභීන් කිසිවෙකුට 190 හෝ 491 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නැත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඊට අමතරව මෙම ආරාධනා වටයේදී Small Business Owners ධාරාව හරහා අයදුම්කළ අයදුම්කරුවෙකුට 491 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැතිවීම විශේෂත්වයකි.
2021/22 මුල්‍ය වර්ෂයේදී ACT හි 190 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
කෙසේවෙතත්, Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.
නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 95 ක් බව සඳහන්.

Source: Getty Images
දෙසැම්බර් පළමු වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්
මෙවර වටයේ වෘත්තීන් 21 කට 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
එහිදී Accountants, Auditor සහ Policy Analyst යන වෘත්තීන් සඳහා වැඩිම ලකුණු ප්‍රමාණය සලකා බලා ඇති අතර එය ලකුණු 95 කි.
එමෙන්ම Contract, Program and Project Administrators සඳහා ලකුණු 85 ක් සහ Cook සඳහා ලකුණු 75 ක් ලෙස සලකා බලා තිබේ.
මෙවර වටයේ 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කළ වෘත්තීන් සහ ඒවාට අදාළ අවම ලකුණු පහත පරිදි වේ.
Occupation ID | NOMINATED OCCUPATION | Minimum Rank: 491 |
2211 | Accountants | 95 |
2212 | Auditor | 95 |
2244 | Policy Analyst | 95 |
2324 | Graphic and Web Designers | 65 |
2332 | Civil Engineering professionals | 65 |
2333 | Electrical Engineers | 65 |
2334 | Electronics Engineers | 65 |
2339 | Other Engineering professionals | 65 |
2411 | Early Childhood (Pre-Primary School) Teacher | 65 |
2544 | Registered Nurses | 65 |
2611 | ICT Business and Systems Analyst | 65 |
2612 | Multimedia Specialists and Web Developers | 65 |
2613 | Software and Applications Programmers | 65 |
2621 | Database and Systems Administrator | 65 |
2632 | ICT Support and Test Engineers | 65 |
3121 | Architectural, Building and Surveying Technicians | 65 |
3513 | Chef | 65 |
3514 | Cook | 75 |
4114 | Enrolled Nurse | 65 |
4117 | Welfare Support Worker | 70 |
5111 | Contract, Program and Project Administrators | 85 |
2021 නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු
2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (subclass 190) වීසා - 600
- Skilled Work Regional (subclass 491) වීසා - 1,400
මේ අතර 2021 දෙසැම්බර් මාසයේ 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.
- 190 වීසා - 344
- 491 වීසා - 752
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.