2023-24 මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration State Nomination වැඩසටහන දැන් විවෘත බව ටස්මේනියා ප්‍රාන්තය දන්වා සිටී.
පසුගිය මුල්‍ය වර්ෂය සමග සංසන්දනය කරන කල 2023-24 වැඩසටහනේ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර ඇති බවද ඔවුහු පවසති.
2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි
2023-24 වැඩසටහනේ සිදුකළ සුළු වෙනස්කම් පහත පරදී වේ:
- ටස්මේනියානු Skilled Employment pathway හරහා අයදුම් කළ හැකි සියලුම වෘත්තීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාගත හැකි 190 වීසා සඳහා සුදුසුකම් ලබා දීම
- ටස්මේනියා ප්‍රාන්තයේ Onshore Skilled Occupation ලැයිස්තුව යාවත්කාලීන කිරීම
- Massage therapists හෙවත් සම්බාහන චිකිත්සකයින් සඳහා අවශ්‍ය සුදුසුකම්වල වෙනස්කම් කිරීම
- Temporary Skilled Migration Income Threshold එක $70,000 දක්වා ඉහළ දැමීම
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මීට අමතරව Nomination සඳහා අයදුම් කිරීමේ සේවා ගාස්තුව ඩොලර් 330 (GST ඇතුළුව) දක්වා වැඩි කර ඇත.
නමුත් Registration of Interest හෙවත් ROI එකක් යොමු කිරීමට කිසිදු මුදලක් අය නොකෙරේ.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ "Skilled Nominated visa - 190" අනුමත කිරීමේ කාලය අඩු කිරීම, අයදුම් කරන ඔබට බලපාන්නේ කොහොමද?
SBS Sinhala
05:40
2023 ජූලි 01 දිනට පෙර යොමු කරන ලද අයදුම්පත්
2023 ජූලි 01 වන දිනට පෙර යොමු කර ඇති නමුත් මේ දක්වා තීරණයක් ලබා නොදුන් Nomination සඳහා වන අයදුම්පත්, අයදුම් කරන අවස්ථාවේ පැවති අවශ්‍යතාවලට සහ සුදුසුකම්වලට අනුව අඛණ්ඩව සලකා බලනු ලැබේ.
යොමු කර ඇති Nomination අනුමත වුවහොත්, ඒවා 2023 ජූලි 03 දා සිට SkillSelect වෙත නම් කරනු ලැබේ.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබගේ අවලංගු වුනු වීසා යලි ලබාගැනීමට ඉල්ලීම් කිරීමේ අලුත් මගක් විවෘත වී ඇති බව දන්නවාද?
SBS Sinhala
17:09
2023 ජූලි 01 ට පෙර යොමු කරන ලද Registrations of Interest (ROIs)
2023 ජූලි 01 ට පෙර යොමු කරන ලද Registrations of Interest (ROIs) 2023-24 වැඩසටහන් වර්ෂය සඳහා වලංගු වේ.
Nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා කළහොත් ROI ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටිය එම අයදුම්පතට අදාළ වේ.
නව අවම සුදුසුකම් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ගුණාංග ROI සඳහා සහ 2023 ජූලි 5 සිට ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා අදාළ වේ.