විදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්‍රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර

Home caregiver taking care of elderly woman

Smiling young female caregiver holding hands and talking with senior woman in living room Credit: izusek/Getty Images

ඕස්ට්‍රේලියාවේ පවතින Agecare සේවා සඳහා විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට Aged Care Industry Labour Agreement ක්‍රමවේදය හරහා Agecare සේවා සපයන ආයතන සඳහා වැඩි හැකියාවක් ලැබෙනවා. මේ හරහා පුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සරල සහ වේගවත් කිරීමක් සිදු වනවා.


LISTEN TO
31012025_podcast_house_prices image

ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහත වැටීම් විශාල ලෙස සිදුවූ ප්‍රදේශ මෙන්න

SBS Sinhala

31/01/202504:42
Aged Care Industry Labour Agreement ක්‍රමවේදය හරහා පුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සරල සහ වේගවත් කිරීමක් සිදුකිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙම ක්‍රමවේදය යටතේ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට නම් අදාළ ආයතන මෙම ක්ෂේශ්ත්‍රයේ වුර්තීය සමිති සමග Memorandum of Understanding (MoU) ලෙස හැඳින්වෙන එකඟතාවයකට පැමිණිය යුතු වනවා.

මෙහිදී පහත සඳහන් රැකියා සඳහා ඍජුවම සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.
  • Nursing Support Worker (ANZSCO 423312)
  • Personal Care Assistant (ANZSCO 423313)
  • Aged or Disabled Carer (ANZSCO 423111)
මෙම රැකියා සඳහා Skills in Demand (subclass 482) කාණ්ඩය යටතේ හෝ Employer Nomination Scheme (subclass 186) වීසා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. කෙසේ උවත් තම ආයතනයේ පවතින පුරප්පාඩු සඳහා ඕස්ට්‍රේලියාව තුලින් සේවකයකු සොයාගැනීමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කිරීමක් අදාළ ආයතනය විසින් සිදුකල යුතු වනවා.

 
මෙම නව Aged Care Industry Labour Agreement ක්‍රමවේදයේ ඇති මූලික කරුණු

  • Employer Nomination ක්‍රමවේදය හරහා වසර දෙකකින් ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ හැකියාව.
  • වීසා අයදුම් ක්‍රමවේදය සරල සහ වේගවත් කර ඇත.
  • අධ්‍යයන කාලයෙන් පසු සේවා පළපුරුද්දක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය ඉවත් කර ඇත.
  • ඇතැම් අයදුම් කරුවන් සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය ලිහිල් කර තිබීම
  • අවම වාර්ෂික වැටුප් අවශ්‍යතාවය $51,222 AUD කර තිබීම. මෙහිදී අදාළ රැකියාව සඳහා වෙළඳපොල සම්මත අගය ඊට වඩා වැඩි අවස්ථාවල එම අගය ලබාදිය යුතුවේ.

මෙම ක්‍රමවේදය යටතේ වීසා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

මේ සඳහා AQF Certificate III ඕස්ට්‍රේලියානු සුදුසුකමට සමාන හෝ ඊට වඩා ඉහල සුදුකමක් ලබා තිබය යුතු වේ. කෙසේ උවත් අධ්‍යාපන සුදුසුකම වෙනුවට අදාළ රැකියාවේ මාස 12ක පූර්ණකාලීන පළපුරුද්දද හෝ ඊට සමාන අර්ධකාලීන පළපුරුද්ද තිබීම අවශ්‍ය වනවා.

ඔබේ අධ්‍යාපන සුදුසුකම් විදේශයකින් ලබාගත් ඒවානම් ඕස්ට්‍රේලියාවේ ඇති Nursing and Midwifery Accreditation Council හෝ the Australian Community Workers Association හරහා කුසලතආගයීමක් (skills assessment) සිදුකර ගත යුතු වනවා. මෙහිදී අධ්‍යාපන සුදුසුකම් වෙනුවට රැකියා පළපුරුද්ද භාවිතා කර අයදුම් කරනවානම් එහිදීද ඉහත ආකාරයේ කුසලතා ඇගයීමක් (skills assessment) සිදුකර ගත යුතු වනවා.

 
IELTS විභාගයෙන් ලකුණු 5 ක් හෝ ඊට සමාන ඉංග්‍රීසි කුසලතා ඇගයීමක් තිබිය යුතු වනවා. කෙසේ උවත් වෙනත් භාෂා කතාකරන පිරිස් වෙනුවෙන් Age care සේවා සපයන ආයතන සඳහා අයදුම් කරනවානම් එම පුද්ගලයින් සඳහා IELTS විභාගයෙන් ලකුණු 4.5 ක් හෝ ඊට සමාන ඉංග්‍රීසි කුසලතා ඇගයීමක් තිබීම ප්‍රමාණවත් වනවා. කෙසේ උවත් Employer Nomination Scheme (subclass 186) වීසා කාණ්ඩය සඳහා අයදුම් කරන අයදුම් කරුවන්ට ELTS විභාගයෙන් ලකුණු 5.5 ක් හෝ ඊට සමාන ඉංග්‍රීසි කුසලතා ඇගයීමක් තිබිය යුතු වනවා.

Employer Nomination Scheme (subclass 186) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන අයදුම් කරුවන්ට අදාළ රැකියාවේ වසර දෙකක පළපුරුද්ද තිබීම අත්‍යවශ්‍ය වනවා.මේ සඳහා එක් සේවා යෝජකයකු හෝ සේවා යෝජකයින් කිහිපදෙනෙකු යටතේ රැකියා සිදුකල සේවා කාලය යොදාගැනීමේ හැකියාව අයදුම් කරුවන්ට පවතිනවා.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා වෙත පිවිසෙන්න

SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ලියාපන්දින්චි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගත යුතුවේ.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



********************************************************************************

Share

Recommended for you