ඕස්ට්‍රේලියාවේ Boxing Day එක ගැන ඔබ දැනගතයුතු දේවල් : SBS සිංහල AUSTRALIA EXPLAINED

Portrait of an excited beautiful girl wearing dress and sunglasses holding shopping bags

All you need to know about Boxing Day in Australia - Getty Source: Moment RF / Witthaya Prasongsin/Getty Images

ඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක. බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ සහ සිඩ්නි සිට හොබාර්ට් යාත්‍රා තරඟය නැරඹීම සිදු කරයි.එමෙන්ම මෙම දිනයේදී ඔස්ට්‍රේලියන්බුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි.


Key Points
  • Boxing Day sales හෙවත් බොක්සිං දින අලෙවිය දෙසැම්බර් 26 සිට සතියක පමණ කාලයක් දක්වා සිදු කෙරෙන ඉහළම සිල්ලර වෙළඳාම වේ.
  • ඔබ ඕස්ට්‍රේලියාවේ මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන සඳහා වගකීම් සහතිකයක් ලැබේ
  • නිවාඩු සමයේ විකුණුම් මගින් ඩොලර් බිලියන 23-25 ​​ක් උපයන අතර, බොක්සිං දිනය තුල පමණක් විකුණුම් වලින් ඩොලර් බිලියන 3-4 ක ඉපැයීමක් සිදු වේ.
දෙසැම්බර් 26 වන දින සමරන Boxing Day හෙවත් බොක්සිං දිනය, ඕස්ට්‍රේලියාවේ රජයේ නිවාඩු දිනයක් වන අතර එය බටහිර කිතුනුවන් සිදුකරන නත්තල් සැමරීමෙන් පසුව යෙදේ.

මෙම දිනය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මුල් බැස ඇති අතර, අතීතයේදී එය සම්ප්‍රදායිකව තම සේවකයින්ට 'තෑගී සහිත නත්තල් පෙට්ටි' ලබා දෙන දිනයක් වී තිබේ.

Monash විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය Constant Mews පවසන්නේ, මෙලෙස සේවකයින් හට නත්තල් පෙට්ටියක් ලබා දීමේ සම්ප්‍රදාය 16 වන සියවස දක්වා දිව යන බවයි.

එය ත්‍යාගශීලීත්වය පෙන්වන ත්‍යාගයක් වේ, බොහෝ විට මෙම නත්තල් පෙට්ටි සේවකයින්ට සහ වෙළඳුන්ට ලබාදීම සිදු කොට තිබේ.

16 සහ 17 වැනි සියවස්වල එය එලෙසින් මෙය ආරම්භ වී ඇති බවත් මහාචාර්ය Constant කියා සිටී.
තම පවුලේ සාමාජිකයින්ට පමණක් නොව, තමාට උදව් කළ සහ සතියේ සෑම දිනකම රැකියා කරන පිරිසට මෙලෙස නත්තල් පෙට්ටි ලබාදීම සිදු කරන බව මහාචාර්ය Constant පවසයි.

ඔහු පැහැදිලි කරන්නේ සමාජ බෙදීම් මඟහරවා ගැනීම සඳහා බොක්සිං දිනය මුලින් නිර්මාණය කළ බවයි.

කෙසේ නමුත් 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේදී එය විවේක සුවය විඳීම, ක්‍රීඩා කිරීම සහ ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Boxing Day sales සඳහා දිනයක් බවට පත් විය.

Brian Walker Head shot.png
Brian Walker, CEO and Founder of Retail Doctors Group

Boxing Day (බොක්සිං දින) Sales

මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් අන් අයට හෝ තමාට තෑගි ලබාගැනීම සඳහා සාප්පු යාම සිදු කරයි.
බොක්සිං දින අලෙවිය යනු ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට ඇඳුම් පැළඳුම් දක්වා වන විවිධ භාණ්ඩ විකිණීම සඳහා සාප්පු හිමියන්ට කදිම අවස්ථාවක් වේ.

Retail Doctors සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Brian Walker පවසන්නේ මෙම දින සිදුවන වෙළඳාම් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර වෙළඳසැල් විශාල සංක්‍යාවකින් සැලකිය යුතු වට්ටම් ලබා දෙන බවයි.

බොක්සිං දින අලෙවිය සම්ප්‍රදායිකව දෙසැම්බර් 26 සිට දින සිට දින හතක් පමණ සිදු වන ප්‍රමුඛතම වෙළඳ කාලය වේ.
මෙම කාලය තුලදී දළ වශයෙන් ඔස්ට්‍රේලියාව තුල ඩොලර් බිලියන 23ත් 25ත් අතර ප්‍රමාණයක වෙළඳාම් සිදු වේ.

දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන බොක්සිං දිනය 1980 ගණන්වල සිට පැවතෙන සම්ප්‍රදායකි.

එම සමයේදී විශාල වෙළඳ සමාගම් පමණක් මෙහි ආධිපත්‍යය දරා තිබේ.

Retail Doctors හි Brian කියා සිටින්නේ කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු සහ ගෝලීය වෙළඳාම මේ වනවිට සැලකියයුතු ලෙස වෙනසකට ලක්ව ඇති බවයි.

මේ වනවිට ඉහල තරඟකරුවන් පිරිසක් වෙළඳපොල තුල දක්නට ලැබෙන අතර, සැලකිය යුතු ලෙස වැඩි ඉල්ලුමක්ද පවතින බව Brian පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට වෙළෙන්දන් තුල තරඟකාරී පරිසරයක් නිර්මාණය වී ඇති බවත් Brian කියා සිටී.

Australians Celebrate Boxing Day Under COVID-19 Restrictions
MELBOURNE, AUSTRALIA - DECEMBER 26: People shop at Cotton On during the Boxing Day sales at Chadstone the Fashion Capital (Photo by Naomi Rahim/Getty Images) Credit: Naomi Rahim/Getty Images

සාප්පු සවාරි අත්දැකීම

Australian Style Institute හි නිර්මාතෘ Lauren Di Bartolo කියා සිටින්නේ බොක්සිං දිනය යනු විලාසිතා සහ lifestyle කර්මාන්ත සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රාථමිකම වෙළඳ කාල පරිච්ඡේදයක් වන බවයි. කෙස් නමුත් එය එකම වෙළඳ කාලය නොවේ.

බොක්සිං දිනයේ වෙළඳාම් ඔක්තෝබර් සහ නොවැම්බර් වල Click Frenzy, Black Friday සහ නොවැම්බර් අග Cyber Monday යන දිනවලදී සිදුවන වෙළඳාම් වලින් පසුව සිදු වේ.

බොක්සිං දිනය යනු ඔබ කලක් සිට බලාපොරොත්තු වූ දේ මිලදීගන්නා දිනයක් වන බව Lauren කියා සිටී.

එමෙන්ම Brian පවසන්නේ ප්‍රධාන වෙළඳ සමය සෑම වසරකම නොවැම්බර් මැද සිට ජනවාරි අග දක්වා විහිදෙන අතර, දළ වශයෙන් ඩොලර් බිලියන 70 ක් පමණ මෙහිදී පාරිභෝගික ප්‍රජාව වියදම් කරන බවයි.

බොක්සිං දිනයේදී ඔබට අන්තර්ජාලය ඔස්සේ සහ in-store හෙවත් වෙළඳසැල් තුළ සිදු කරන ගනුදෙනු සිදු කල හැක.

කෙසේ නමුත් අන්තර්ජාලය හරහා සිදු කරන වෙළඳාම් මේ වනවිට ඉහල යාමත් සමග ඒ සම්බන්ධයෙන් ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් වේ.
Brian කියා සිටින්නේ මෙහිදී ඔබ භාණ්ඩ මිලදීගන්නා වෙළඳුන් සම්බන්ධයෙන් හොඳින් දැන සිටිය යුතු අතර, බැංකු විස්තර පරීක්ෂා කිරීම සහ වෙබ් අඩවිය ආරක්ෂිතද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරීමත් වැදගත් වන බවයි.

ඔබ බොක්සිං දිනයේදී in-store හෙවත් වෙළඳසැල් තුළ සාප්පු සවාරි යාමට සිතන්නේ නම් ඒ සම්බන්ධයෙන් කලින් සොයා බැලීම ඉතා වැදගත් වේ.

Lauren කියා සිටින්නේ සාප්පු සවාරි යාම පුද්ගලයින්ගේ මානසික තත්වය හා බැඳී ඇති අතර බොහෝ පුද්ගලයින් මේ ඔස්සේ සාප්පු යාමේ ඇබ්බැහි වීමේ ස්වභාවයට පත්වන බවයි.

මෙම දිනයේදී ඔබ දකින බොහෝ දෑ මගින් ඔබව නිරායාසයෙන්ම මුදල් වියදම් කිරීමට පොළඹවන අතර මිලදී ගැනීම් සිදු කිරීමේදී තමා සතු මුදල සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කරන ලෙස Lauren පවසයි.

එමෙන්ම ඇය කියා සිටින්නේ මිනිස් මොළයේ තමා නිතර දකින දේ සඳහා තමාව යොමු කරන Reticular activating system ලෙස පද්ධතියක් ඇති අතර ඒ ඔස්සේ ඔබ සතුව දැනටමත් තිබෙන දෑ මිලදී ගැනීමට ඔබව යොමු කරන බවයි.

මේ හේතුවෙන් අනවශ්‍ය සාප්පු සවාරි වළක්වා ගැනීම සඳහා ඔබ සතුව තිබෙන දේ ගැන සොයාබැලීමත් වැදගත් වන බව Lauren කියා සිටී.

LaurenDiBartolo.JPG
Australian Style Institute Founder Lauren Di Bartolo

තම අයවැය සකස් කිරීම සහ අධික වියදම් වළක්වා ගැනීම

Melbourne Business School හි මූල්‍ය පිළිබඳ මහාචාර්යවරියක වන Nadia Massoud කියා සිටින්නේ තමා සිදු කරන වියදම් සම්බන්ධයෙන් අයවැයක් නිර්මාණය කිරීම වැදගත් වන බවයි.

මෙමගින් අධික වියදමක් සිදු කිරීම වලක්වාගත හැකි බවත් සාප්පු යාම සඳහා නිශ්චිත මුදලක් වෙන්කිරීම සිදු කල හැකි බවත් Nadia පවසයි.
ඔබේ අදායමට අනුව, ඔබට මිලදීගැනීමට අවශ්‍ය දෑ ලැයිස්තුගත කිරීම වැදගත් වන බවත් Nadia කියා සිටී.

මේ ඔස්සේ ඔබට තේරීම් සිදු කල හැකි අතර ඔබේ අභිමතය පරිදි වියදම් පාලනය කිරීමද ඔබට සිදු කල හැක.

එමෙන්ම ඇය පාරිභෝගික ප්‍රජාවට කියා සිටින්නේ, මෙම දිනය තම ස්ථාවර වියදම් අඩු කර ගැනීමට අවස්ථාවක් වශයෙන් සලකන ලෙසයි.

දරුවන් සඳහා මිලදීගතයුතු දෑ කල්තියා සැලසුම් කිරීම වැදගත් වන බවත් බොක්සිං දින අලෙවියේදී එම වැදගත් භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් Nadia පවසයි.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික අයිතිවාසිකම් අවබෝධ කර ගැනීම

ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයකු වශයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික අයිතිවාසිකම් අවබෝධ කර ගැනීම වැදගත් වේ.

ඔබේ අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වී ඇති බව දැන ගැනීම ඔස්සේ ඔබට බොහෝ කරදරවලින් මිදිය හැක.

දෝෂ සහිත හෝ අනාරක්ෂිත නිෂ්පාදන සඳහා මුදල් ආපසු ලබාගැනීමක්, අලුත්වැඩියාවක් හෝ ඊට සමාන දෙයක් ගැනීම සඳහා ඔබට හිමිකම් තිබේ.

මේ සඳහා ඔබේ රිසිට්පත් තබා ගැනීම යෝග්‍ය වන අතර වෙළෙන්දා සමඟ ඇති ඕනෑම ගැටලුවක් විසඳීමට පසුබට නොවිය යුතු වේ.

NSW Fair Trading කොමසාරිස් Natasha Mann පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන වගකීම් සහතිකයක් සමඟ පැමිණෙන බවයි, නිෂ්පාදනය අපේක්ෂිත කාර්යය සඳහා අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බව මේ ඔස්සේ සහතික කරයි.

මේ හේතුවෙන් නිෂ්පාදන පිළිගත හැකි ගුණාත්මක භාවයකින් යුක්ත විය යුතුවේ.

එමෙන්ම ඒවා ආරක්ෂිත සහ කිසිදු දෝෂයකින් තොරව කල් පැවතිය යුතු බවත් පිළිගත හැකි පෙනුමක් තිබිය යුතු බවත් Natasha පවසයි.

Australians Celebrate Boxing Day
Boxing Day sales are an excellent opportunity for shoppers to grab deals on everything from electronics to clothing - Getty Credit: Diego Fedele/Getty Images
මෙහිදී ඔබ භාණ්ඩය අන්තර්ජාලය ඔස්සේ හෝ වෙළඳසැල තුලදී මිලදිගන්නේද යන්න ගැටළුවක් නොවේ.

කෙසේ නමුත් ඔබ යම් භාණ්ඩයක් විදේශීය විකුණුම්කරුවෙකුගෙන් මිලදී ගත් විට එය වඩාත් සංකීර්ණ විය හැක.

මෙහිදී ඇතැම්විට ඔබ මුදල් ආපසු ලබාගැනීමක් සඳහා සුදුසුකම් නොලැබිය හැක.

බොක්සිං දින අලෙවිය අතරතුර, ඔබ මිලදී ගැනීමට අවශ්‍ය දේ මිලදී ගන්නා බවට වග බලා ගන්නා ලෙසත් යම් හෙයකින් ඔබේ අදහස වෙනස් වුවහොත් ඔබට ආපසු මුදල් ලබාගැනීමක් සිදු කල නොහැකි විය හැකි බවත් Natasha කියා සිටී.

සාප්පු සවාරි යනු ඕස්ට්‍රේලියාවේ බොක්සිං දිනයේ විශාල කොටසක් වේ.

Di Bartolo පවසන්නේ මෙම දිනය පුද්ගලයින්ව එකට එක් කිරීම, විවේකීව සිටීම සහ නත්තල් සැමරීමෙන් පසු ඉතිරි ආහාර අනුභව කිරීම සඳහා දිනයක් වන බවයි.

බොක්සිං දිනය වියදම් කිරීමට සහ සාප්පු සවාරි යන දිනයක් වීමටද අවශ්‍ය නොවේ.

බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට මෙම දිනය, පුද්ගලයින්ට විවේක ගත හැකි දිනයක් වශයෙන් සලකන බවත් Di Bartolo කියා සිටී.

Share