Key Points
- විවා නොවී එකට ජීවත් වන සබඳතාවක් ලියාපදිංචි කර නොමැති අවස්තාවක ඒ පිලිබඳ නීතිමය වශයෙන් කටයුතු කිරීමේදී එක් එක් සබඳතාව පිලිබඳ වෙන වෙනම සලකා බැලීමක් සිදුවේ.
- De facto ආයතනය විසින් විවාහ නොවී එකට ජීවත් වන යුවලකගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි. පශ්චාත් වෙන්වීමේ කාරණා හෝ හවුල්කරුවෙකුගේ මරණයෙන් පැන නගින හිමිකම් ගැටලුවලදී අදාළ අයිතීන් ආරක්ෂා කිරීමට මෙම ආයතනය බැඳී සිටී.
- මෙවැනි සබඳතාවයක් බිඳවැටීමෙන් පසු ඇති වන ආරවුල් විසඳීම සඳහා උපදේශ සේවා වෙත යොමුවීම අධිකරණ ක්‍රියාවලියකට යොමුවීමට ඇති විකල්පය ක්‍රමවේධයකි.
ඕස්ට්‍රේලියාවේ, දෙදෙනෙකු විවාහ වීවීමකින් තොරව යුවලක් ලෙස එකට ජීවත් වන විට, ඔවුන්ගේ සම්බන්ධතාවය නීතියෙන් පිළිගැනීමක් සිදු කරයි.
පවුල් පිලිබඳ පනතේ විවාහ වීමකින් තොරව එකට ජීවත්වීම පුළුල් ලෙස අර්ථ දක්වා ඇත්තේ එකම හෝ විරුද්ධ ලිංගයේ පුද්ගලයන් දෙදෙනෙක් එකම ගෘහයක යුවලක් ලෙස එකට ජීවත් වීමයි.
කෙසේ උවත් මෙවැනි සම්බන්ධතාවයක් නීතිය තුලින් පිළිගන්නා ආකාරය, එම පිළිගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා ඇති අවශ්‍යතා ඔබගේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය මත රඳා පවතී.
උදාහරණයක් ලෙස, දකුණු ඕස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමේ සබඳතා, 2016 සබඳතා ලියාපදිංචි කිරීමේ පනත (Relationship Register Act 2016) යටතේ ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි වූ පසු, මේ සඳහා ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනකදී නීතිමය පිළිගැනීමක් ලබා දෙයි.

Lesbian couple looking at mobile phone and smiling in living room at home. Credit: eclipse_images/Getty Images
මෙහිදී වීසා අයදුම් කිරීම වැනි ක්‍රියා වලියකදී මෙවැනි සම්බන්දතාවයකට නීතිමය පිළිගැනීම ලැබී තිබීම වැදගත් වේ. එසේම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදී හෝ එක අයකු මිය ගිය අවස්තාවකදී තීරණ ගැනීමේ අයිතිය ලැබීමටද මෙවැනි සම්බන්දතා නීතියෙන් පිළිගෙන තිබීම වැදගත් වේ.
විවාහ නොවී එකට ජීවත්වන දරුවන් සිටින යුවල සඳහා නීත්‍යානුකූල දෙමාපියන් ලෙස පිළිගැනීමට මෙවැනි සබඳතාවයක් ලියාපදිංචි කිරීම වැදගත්වේ. විශේෂයෙන්ම සමලිංගික සම්බන්දතාවක් ඇති කාන්තාවන්ගේ මෙවැනි සබඳතාවයකදී දරුවා ප්‍රසූත නොකළ කාන්තාවද දරුවාගේ දෙමව්පියන්ගෙන් අයෙකු ලෙස සැලකේ.
මෙවැනි සම්බන්දතා ලියාපදිංචි කිරීම සමාජ සුභසාදන දීමනා ලබාගැනීම සඳහාද වැදගත් වේ.
අධිකරණය විසින් defacto සබඳතාවක් පිළිගන්නේ කෙසේද?
විවාහ නොවී එකට ජීවත්වන යුවලක් පිලිබඳ උසාවියක් හමුවේ නීතිමය වශයෙන් පිළිගැනීම සඳහා පහත කරුණු සලකා බැලීමක් සිදුකරනු ලබයි.
- සම්බන්ධතාවයේ කාලසීමාව
- ලිංගික සම්බන්ධතාවයක් පවතින්නේද යන්න
- මූල්‍යමය විධිවිධාන හෝ පොදු වත්කම්
- හවුල් ජීවිතයක් සඳහා කැපවී ඇති ප්‍රමාණය
එක් එක් සබඳතාව පිලිබඳ අධ්‍යයනයක් හරහා මෙවැනි සබඳතාවයක් පිලිබඳ නීතිමය පිළිගැනීම ලබා දීමේදී කටයුතු සිදු කරයි.
විවාහ නොවී එකට ජීවත්වන යුවලකගේ මෙවැනි සබඳතාවයක් පිළිබඳ වැරදි මත දෙකක් ඇති බව එවන්ස් මහත්මිය පෙන්වා දෙයි.
"බොහෝ දෙනා සිතනවා මෙවැනි සබඳතාවක් නීතිමය වශයෙන් පිළිගැනීමට අවුරුදු දෙකක් එකට සිටිය යුතු බව. එය සත්‍යයක් නොවේ. තවද අවුරුදු දෙකක් එකට සිටි පමණින් අනෙක් පුද්ගලයාගේ වත්කම් වලින් අඩක් තමාට හිමිවන බවට තවත් මතයක් ඇති අතර එයද සත්‍යයක් නොවේ" යැයි එවන්ස් මහත්මිය පෙන්වා දේ.

A Young Man is Distraught and Ignoring her Muslim Girlfriend While Arguing. A Man and his Muslim Girlfriend are Having a Serious and Harsh Communication Due to the Problems They are Going Through. Credit: ProfessionalStudioImages/Getty Images
එක් අයෙකු නීත්‍යානුකූලව වෙනත් කෙනෙකු සමඟ විවාහ වී සිටියද, defacto සබඳතාවක් නීතිය හරහා පිළිගන්නා අවස්ථා පවතී.
කෙසේ උවත් මෙම තත්වය නිතර සිදු වන්නක් නොවන බව පවුල් නීතිය පිළිබඳ විශේෂඥ බ්‍රිස්බේන් නීතිඥ ඩේමියන් ග්‍රීර් පවසා සිටී. යම් අවස්තාවලදී විවාහක යුවලක් නීතියෙන් වෙන් නොවී එකිනෙකාගෙන් වෙන්වී ජීවත්වන අවස්තාවක එක පාර්ශවයක් තවත් සම්බන්දතාවක් ඇතිකරගෙන ඇති අවස්තාවක මේ ආකාරයේ තත්වයක් උද්ගත වීමේ හැකියාව පවතී.
මෙවැනි සබඳතාවයක් ඇති යුවලක් වෙන්වීමේදී දරුවන් පිළිබඳව තීරණ ගැනීම උසාවිය හරහා සිදුවන අතර එහිදී විවාහක යුවලකට බලපාන අයුරින්ම නීතිමය තත්වය බලානු ලැබේ.
විවාහක අය හා සමානව විවාහ නොවී එකට ජීවත්වන යුවලකටද තුළ ඕනෑම අවස්ථාවක මූල්‍යමය තත්වයන් සම්බන්දයෙන් ගිවිසුමකට එළඹීමේ හැකියාව පවතින බව, Nicole Evans පැහැදිලි කර සිටී.
මෙහිදී ඔබ දෙදෙනාම මෙම සම්බන්ධතාවය වෙනුවෙන් ගෙන ආ දේ එය ලේඛනගත කිරීමක් සිදු කරයි. මේ අනුව වෙන්වීමකදී වත්කම් සහ බැරකම් ඔබ අතර බෙදී යන ආකාරය පිළිබඳ ගිවිසුම කුමක් දැයි එය තීරණය කරන බව Nicole Evans වැඩිදුරටත් පවසා සිටී.
මේ සඳහා මූල්‍ය ගිවිසුමක් සකස් කළ හැක්කේ නීති වෘත්තිකයෙකුට පමණි.
මෙවැනි ගිවිසුමකට එළැඹීමේ වාසි සහ අවාසි පිළිබඳව ඔවුන් ඔබට ස්වාධීන නීති උපදෙස් ලබා දී ඇති බව පවසන ලේඛනයකට නීතිඥවරයා අත්සන් කළ යුතු බව Nicole Evans වැඩිදුරටත් පවසා සිටී.
නිසි මැදිහත් වීමෙන් ආරවුල් විසඳීම ක්‍රමවේදය.
විවාහක ජෝඩුවලට සමානව, විවාහ නොවී එකට ජීවත්වන යුවලකට දරුවන් සහ මූල්‍ය සම්බන්ධ ආරවුල් සම්බන්ධයෙන් එකඟතාවලට එළඹීමට සමතකිරීම් පිලිබඳ උපදේශණ සේවා වෙත ප්‍රවේශ විය හැක.
උපදේශණ සේවා වෙත ප්‍රවේශ වීම හරහා මෙවැනි යුවලකට තම හැඟීම් වලට වහල් නොවී සාධාරණ ලෙස එකඟතාවයකට පැමිණීමේ හැකියාව පවතින බව Relationships Australia හි බටජිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත උපදේෂිකා ෆියෝනා බෙනට් පවසා සිටී.
වෙන්වීමෙන් පසු, වත්කම් බෙදීම සහ හවුල්කරු නඩත්තු කිරීම ඇතුළු මූල්‍ය කරුණු පිළිබඳව අධිකරණයට නියෝග කිරීමේ හැකියාවක් පවතී.

Family law concept. Family Paper and hammer on the table Source: Moment RF / Rapeepong Puttakumwong/Getty Images
මෙහිදී එම කාල රාමුවෙන් පිටතදී උවද මෙම ගැටලුව විසඳීමට අධිකරණයෙන් ඔබට අවසර ඉල්ලා සිටිය හැකි නමුත් එහිදී සංකීර්ණ ක්‍රියාවලියකට ඔබ මුහුණ දෙන බව ග්‍රීර් මහතා පවසයි.
අධිකරණ ක්‍රියාවලියට විකල්පයක් ලෙස, හිටපු හවුල්කරුවන් අන්‍යෝන්‍ය ගිවිසුමකට එළඹිය යුතු අතර ගිවිසුම නීත්‍යානුකූලව වලංගු සහ ලේඛනගත බව සහතික කළ යුතුය.
මේ සඳහා ක්‍රම දෙකක් පවතී. එක ක්‍රමයක් නම් ඔබගේ කැමැත්තෙන්ම උසාවි නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමයි. අනෙක් ක්‍රමයනම් ඔබ විසින් මූල්‍යමය ගිවිසුමකට එළඹීම වන බව ග්‍රීර් මහතා පවසා සිටී.
උපදේශණ ක්‍රියාවලියකට යොමුවීම ස්වේච්ඡාවෙන් සිදු වේ. එක් පාර්ශ්වයක් එය ආරම්භ කරන විට, ඒ හා සම්බන්ද වීමට කැමති දැයි විමසීමට අදාළ උපදේශන සේවාව අනෙක් පුද්ගලයා සම්බන්ධ කර ගනී.

A father is standing in the doorway of their home with his son as they say goodbye to the mother who is going to work. Credit: SolStock/Getty Images
“අපිට තේරුම් ගන්න අවශ්‍යයි මෙම දෙදෙනාට එක කාමරයක ඉඳගන්න පුළුවන් තත්වයක් පවතීද යන්න. එකම කාමරේ ඉඳගන්න බැරි නම් අඩුම තරමේ මැදිහත්කරුවෙකු හරහා සන්නිවේදනය කරන්න පුළුවන්ද යන්න අවබෝධ කරගැනීමට අවශ්‍ය යැයි" ඇය වැඩිදුරටත් පවසා සිටී.
“අපි ඒ සම්බන්ධයෙන් ඇති අවදානම පරීක්ෂා කරනවා. එබැවින් සමථයකට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර පවුල් සහ ගෘහස්ථ හිංසනය හෝ ප්රචණ්ඩ ක්‍රියා පාලනය පිළිබඳ කිසියම් හැඟීමක් ඇත්ත වශයෙන්ම දැන ගැනීමට අපි වග බලා ගන්නෙමු" යැයි ය පවසා සිටී.
අවසාන වශයෙන්, වෙන් වූ යුවලක් සඳහා මේ ආකාරයට මැදිහත්වීමේ ප්‍රතිලාභය වන්නේ ඔවුන්ගේ ඇති ආරවුල් යම් ධනාත්මක ආකාරයකින් විසඳා ගැනීමට ඔවුන්ට ඉඩ සැලසීමයි.

An interracial married couple talks to therapist together about their life. The asian woman tried to explain how he won't listen to her. Her husband looks at the floor in embarrassment. Credit: FatCamera/Getty Images
සබඳතාවල නීතිමය කරුණු පිළිබඳ සාමාන්‍ය තොරතුරු සහ ඔබේ ප්‍රාන්තයේ නීතීඥයෙකු සොයා ගැනීම පිළිබඳ මගපෙන්වීම සඳහා, NSW ප්‍රාන්තයේ ක්‍රියාත්මක Lawfully Explained, හෝ විච්ටෝරියා ප්‍රාන්තයේ Law Institute of Victoria සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Law Society වෙත පිවිසීමට හැකියාව පවතී.
පවුල් සබඳතා ගැටලු සහ සහාය විය හැකි සේවා පිළිබඳ තොරතුරු සඳහා, ඕස්ට්‍රේලියානු රජයේ පවුල් සබඳතා අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් 1800 050 321 දුරකථන අංකය අමතන්න.
ඔබ හදිසි අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබේද? එසේනම් වහාම අමතන්න,
හදිසි ඇමතුම් 000|Lifeline 13 11 14|ජාතික ලිංගික අතවර, ගෘහස්ථ හිංසන උපදේශන සේවාව 1800 737 732