ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින ශ්‍රමිකයින් සූරාකන වංචාකාරී සේවා යෝජකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
එමෙන්ම එවැනි අනුමත කළ නොහැකි ක්‍රියා හෙළි කළහොත් පළිගැනීම්වලට ලක්වේ යයි බියවී ඒවා හෙළි නොකිරීමට සිතන සේවකයන්ට බිය නොවී ඒවා පිළිබඳව කතා කිරීමට ද මධ්‍යම රජය උපකාර කිරීමට තීරණය කර තිබේ.
LISTEN TO

ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ Graduate Work stream 485 වීසා සඳහා වෙනස්කම් කිහිපයක්
SBS Sinhala
03:21
සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පතක්
සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හා ශ්‍රම සූරාකෑම වැළක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පතක් පසුගියදා මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සංක්‍රමණ සංශෝධන (සේවායෝජකයාගේ අනුකූලතාවය ශක්තිමත් කිරීමේ) පනත් කෙටුම්පත ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles විසින් ඉදිරිපත් කරන ලදී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම පනත හරහා පහත නීති බලාත්මක කෙරෙනු ඇත:
යමෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි කඩ කිරීමට බල කිරීම සාපරාධී වරදක් බවට පත් කිරීම;
- සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් කළ සේවා යෝජකයින්ට තාවකාලික වීසා මත සිටින ශ්‍රමික්යින්ව තවදුරටත් රැකියා සඳහා බඳවා ගැනීම නැවැත්වීම පිණිස තහනම් නියෝග හඳුන්වා දීම;
- ශ්‍රම සූරාකෑම වැලැක්වීම පිණිස දඬුවම් වැඩි කිරීම සහ නව අනුකූලතා මෙවලම් හඳුන්වා දීම;
- ශ්‍රමය සූරාකෑමේ ක්‍රියා වාර්තා කරන පුද්ගලයින් සක්‍රීයව අඩපණ කරන සංක්‍රමණ පනතේ 235 වගන්තිය අවලංගු කිරීම.
LISTEN TO

482 වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට විවෘත කළ නවතම මාර්ගය ගැන සම්පූර්ණ විස්තරේ මෙන්න
SBS Sinhala
11:10
වීසා තත්ත්වය කුමක් වුවත් කිසිදු සේවකයෙකු අනාරක්ෂිත නොවිය යුතුයි
මෙම ක්‍රියාමාර්ග මගින් තාවකාලික වීසා බලපත්‍ර හිමි අවදානමට ලක්විය හැකි සේවකයන්ට අනිසි ලෙස සලකන සහ ශ්‍රමය සූරාකන වංචාකාරී සේවා යෝජකයන් ඉලක්ක කර ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇත.
බලාපොරොත්තු සුන් කරවන පරිදි, ඔස්ට්‍රේලියාවේ පැවති ලිබරල් සන්ධාන ආන්ඩුව, 2019 සංක්‍රමණික සේවක කාර්ය සාධක බලකා වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවද වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
වීසා තත්ත්වය කුමක් වුවත් කිසිදු සේවකයෙකු අනාරක්ෂිත නොවිය යුතු බව තම රජය විශ්වාස කරන බවද මෙම පනත් කෙටුම්පත එම ඉලක්කයට එක් පියවරක් සමීප කරනු ඇතැයිද ඔහු එහිදී සඳහන් කළේය.