සෑම තත්පර 45කට වරක්ම නව සංක්‍රමණිකයෙක්: ඔස්ට්‍රේලියාවේ ජනගහන මිලියන 27 ඉක්මවයි

Migrants @2015

Australia hits 27 million population milestone Source: SBS

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන පරිදි ඕස්ට්‍රේලියාව ජනගහන මිලියන 27 කඩඉම පසුකරනු ලැබීය. 2032 වන විට ජනගහනය මිලියන 29.2 ත් 30.8 ත් අතර වනු ඇතැයි පුරෝකථනය කරල තියෙනවා. ඒවගේම 2071 වන විට මිලියන 34.3 ත් 45.9 ත් අතර ජනතාවක් ඕස්ට්‍රේලියාව තුල වාසය කරයි කියල විශ්වාස කෙරේ.


නමුත් ඕස්ට්‍රේලියාව මිලියන 27 ක ජනගහන කඩඉම වෙත ළඟා වී ඇත්තේ කෙසේද?

ඕස්ට්‍රේලියානු ජනගහනය පසුගිය වසරේ පමණක් 624100 කින් ඉහලගොස් තිබෙනවා. මෙය 2.4% ක ජනගහන වර්ධනයක් ලෙස හැදින්වේ.

මිලියන 27 ක මෙම ගණනය කිරීම 2023 ජූනි 30 වන දින වනවිට ඕස්ට්‍රේලියාවේ සිටි ජනගහනය පදනම් කරගෙන සිදුකර තිබේ. එහිදී ජනගහනය 26,638,544 ක් ලෙස වාර්තා විය. තවද සෑම මිනිත්තු එකකුත් තත්පර 42 කට වරක් ඕස්ට්‍රේලියාවේ උපතක් සිදුවීම ඇතුළු ජනගන වර්දනයේ තවත් කාරනා සැලකිල්ලට ගැනීමෙන් මෙම මිලියන 27 ගණනය කිරීම සිදු කර තිබේ.
LISTEN TO
sinhala_30012024_tuesday_explainer_TeacherShortage image

ඔස්ට්‍රේලියාව පුරාම පවතින ගුරු හිඟය තවදුරටත් ඉහලට: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 30

SBS Sinhala

30/01/202406:49
සෑම විනාඩි දෙකයි තත්පර 52කට වරක්ම ඕස්ට්‍රේලියාවේ පුද්ගලයකු මියයයි. එසේම සෑම තත්පර 45කට වරක්ම ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට නව සංක්‍රමණිකයකු පැමිණේ
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය
  • මෙම කාරණා සැලකීමේදී සෑම තත්පර 50 කට වරක් එක් පුද්ගලයෙකුගේ සමස්ත ජනගහනය වැඩිවීමට දායක වේ.
  • 1992 සහ 2022 අතර ඕස්ට්‍රේලියාවේ ජනගහනය සාමාන්‍යයෙන් සියයට 1.3 කින් වර්ධනය විය.
ජනගහන වර්ධනයට සැබෑ හේතුව හේතුව කුමක්ද?

රටක ජනගහන වර්ධනය අවසානයේ සාධක දෙකකින් තීරණය වේ. පළමුව, සාධක වනුයේ ස්වාභාවික වැඩිවීමයි. එනම් යම් කාල පරිච්ඡේදයක් තුළ මරණවලට වඩා උපත් ප්‍රමාණය වැඩි නම්, ජනගහන වර්ධනයේ වැඩි වීමක් සිදුවේ.

ඕස්ට්‍රේලියාවේ සාඵල්‍යතා අනුපාතය, එනම් එක කාන්තාවකගේ සාමාන්‍ය උපත් සංඛ්‍යාව, දැනට 1.63ක් වන අතර, එය ගෝලීය සාමාන්‍ය වන 2.27ට වඩා බෙහෙවින් අඩු අගයක් වේ. රටකට එහි ජනගහනය රඳවා ගැනීමට හෝ එය වැඩි කිරීමට නම්, සාඵල්‍යතාව 2.1 ක් හෝ ඊට වැඩි අනුපාතයක් අවශ්‍ය වේ.

රටක සාඵල්‍යතා අනුපාතය අඩු නම්, එම රටවලට ධනාත්මක විදේශ සංක්‍රමණ අනුපාතයක් තිබිය යුතුය. එනම් පිටව යාමට වඩා වැඩි පිරිසක් සංක්‍රමණය වීම අවශ්‍ය වේ.

2023 ජූනි සිට කාලය තුළ, ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් 518,000 ක සංක්‍රමණ වර්ධනයක් වාර්තා වේ. මෙහිදී විදේශීය පැමිණීම් 737,200 ක් සහ රටින් බැහැර යාම් 219,100 ක් වාර්තා වේ.

Anzac Day Commemorated Across Australia
SYDNEY, AUSTRALIA Credit: Lisa Maree Williams/Getty Images
සෑම මිනිත්තු දෙකකුත් තත්පර 43 කට වරක් එක් ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙකු විදේශගත වීමට පිටත් වන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

2022 දී ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 26 වනවිට එයින් මිලියන 18.3 ක් ඔස්ට්‍රේලියාව තුල ඉපදුනු අය වූ අතර මිලියන 7.7ක් සංක්‍රමණිකයින් වූ බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසා සිටී.

කෙසේ උවත් 2022-2023 කාලයේ පැවති 2.4% ක ජනගහන වර්ධනය 2024/2025 වර්ෂවලදී 1.9% දක්වා අඩුවනු ඇති බවට අනුමාන කෙරේ.

***********************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 



Share