ඔබ තාවකාලික වීසා කාණ්ඩයක සිටියදී ඔබට දරුවකු ලැබුනහොත් දරුවාගේ තොරතුරු Department Of Homeaffairs එසේත් නැතිනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දිය යුතු වේ.
ඔබ Bridging වීසා එකක සිටිනවානම් දරුවාටද Bridging වීසා එකක් නිකුත් කිරීම සිදුවේ. මෙහිදී දරුවා ලැබෙන විට ඔබ සිටින වීසා කාණ්ඩයටම දරුවා ඇතුලත් වීම සිදුකෙරේ.
දරුවා ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය පිරිනැමීමක් සිදු නොවේ.
LISTEN TO
පියවරුන්ටත් සති 12 ක වැටුප් සහිත නිවාඩු : Australia රජයට යොමුකල අලුත්ම යෝජනා මෙන්න
SBS Sinhala
23/01/202405:25
මෙහිදී දරුවා පිලිබඳ විස්තර හැකි ඉක්මනින් department of Homeaffairs වෙත දැනුම් දීම ඉතාම වැදගත් වේ. ඔබේ දරුවාට ගමන් බලපත්‍රයක් සාදා නොමැති උවත් මේ සඳහා අයදුම්පත යොමුකිරීමේ හැකියාව තිබේ.
ඒ සඳහා පහත ලියකියවිලි සැපයීම සිදුකල යුතුයි.
- ඔබේ දරුවාගේ ඕස්ට්‍රේලියානු උප්පැන්න සහතිකයේ වර්ණ පිටපතක්. මෙය අදාළ ප්‍රාන්තයේ උපත් හා මරණ ලියාපදිංචි ආයතන මගින් ඔබට ලබා ගන්න හැක.
- දරුවාට ගමන් බලපත්‍රයක් තිබේනම් එහි වර්ණ පිටපතක් සහ දරුවාට විසා ලබාගැනීමට ඔබේ අනුමැතිය ලබා දෙන 1229 අයදුම් පත්‍රය
ඔබ තාවකාලික විසා කාණ්ඩ වන 476, 485, 500 හෝ 590 විස කාණ්ඩයේ සිටිනවානම් Department Of Home affairs හි වෙබ් අඩවියෙන් ඔබේ දරුවා, ඔබේ වීසා බලපත්‍රයට ඇතුලත් කිරීමට අයදුම් කල හැකියි
මෙහිදී ඔබට බලපාන වීසා කොන්දේසි ඔබේ දරුවාටද ඒ අකාරයෙන්ම බලපානු ඇති. මෙම විස අයදුම්පත්‍රය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
ඔබේ දරුවා සඳහා වීසා ලබාදීමේදී එම විසා කාණ්ඩය සඳහා වන සෞඛ්ය අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ. එසේම වලංගු ගමන් බලපත්‍රයක් ද සැපයියයුතු වේ.
ඔබේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේපවී ඇති අවස්ථාවක උවද උබේ දරුවා පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම ඉතා වැදගත්. එහිදී දරුවා සඳහා විසා බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිලිබඳ සලකා බැලීම සිදුකෙරේ.
LISTEN TO
ඕස්ට්‍රේලියාවට පිවිසිය හැකි වීසා කාණ්ඩයක් සදහා අයදුම්පත් කැඳවීම අත්හිටුවීමට කටයුතු : කාලීන විග්‍රහය ජනවාරි 25
SBS Sinhala
25/01/202407:53
ඔබ ස්ථිර පදිංචිය සඳහා හෝ වෙනත් විසා කාණ්ඩයක් සඳහා හෝ අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් උවත් ඔබේ දරුවා පිළිබඳව Department of Homeaffairs වෙත දැනුම් දී දරුවාට වීසා බලපත්‍රයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. පසුව ඔබට නව වීසා බලපත්‍රය අයදුම් කිරීමේදී ඔබේ දරුවා ව ඇතුලත් කරගැනීම සිදු කල හැකි වේ.
යම් හෙයකින් ඔබ මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිටියහොත් එය ඔබේ දරුවාගේ සහ ඔබේ ඉදිරි ආගමන තත්වයන්ට අහිතකර ලෙස බලපෑ හැකියි.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS Audio APP එකෙන් (Free)