"ජාත්‍යන්තර සිසුන්ගෙන් ලැබෙන වාසි ගැන ඇයි නොබලන්නේ මේක වැරදි තීරණයක්", සංක්‍රමණ ප්‍රතිසංස්කරණ ගැන විරෝධය ඉහලට

international students

From 1 July 2023, student visa holders can work no more than 48 hours a fortnight while studying. Source: SBS

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණ ප්‍රතිසංස්කරණ හේතුවෙන්, නිපුණත සහිත සංක්‍රමණිකයින් ගේ හිඟය මධ්‍යයේ නිවාස අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇති බව ඕස්ට්‍රේලියානු විපක්ෂය පවසයි. ව්‍යාපාරික කණ්ඩායම් සහ වෘත්තීය සමිති මෙම වෙනස්කම් පිළිගන්නා අතර සංක්‍රමණිකයින් අනවශ්‍ය ලෙස "භාවිත" කරන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ චෝදනා කරයි.


ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව අඩු කරමින් සහ පුහුණු ශ්‍රමිකයින් වැඩි පිරිසක් ආකර්ෂණය කරගනිමින් ඉදිරි වසර දෙක තුළ ශුද්ධ සංක්‍රමණය අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කරයි.

සැලසුම්ගත සංක්‍රමණ ප්‍රතිසංස්කරණය සඳහා ඕස්ට්‍රේලියාවට මේ වනවිට අත්‍යවශ්‍ය කුසලතා සහිත ක්ෂේස්ත්‍රයන් සඳහා වීසා ලබාදීම ප්‍රධාන වේ.

වසරකට ඩොලර් 135,000 ට වැඩි වැටුපක් ලබන රැකියා සඳහා අයදුම් කරන සේවකයින්ගේ ස්ථිර පදිංචි වීසා සැකසීම දින 07ක් වැනි කෙටි කාලයකින් සිදු කිරීමට නියමිතයි.

නමුත් specialist skills path වශයෙන් වන මෙම ක්ෂේස්ත්‍රය තුල "tradies, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් සහ කම්කරුවන්" වැනි පිරිස මීට අදාළ නොවේ.

මේ හේතුවෙන් එවැනි පිරිසට වෙනත් වීසා ප්‍රවාහයක් යටතේ අයදුම් කිරීමට හැකියාව හිමිවේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජයේ මෙම නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ වැරදි තීරණයක් වන බව විපක්ෂ නායක Peter Dutton කියා සිටී.
PETER DUTTON
The Leader of the Opposition, Peter Dutton Source: AAP / JONO SEARLE/AAPIMAGE

ඕස්ට්‍රේලියාව නිවාස අර්බුදයක සිටින අතර මේ වනවිට නිවාස ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ කම්කරුවන් ඔස්ට්‍රේලියාවට පැමිණීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඔහු රජයට චෝදනා එල්ල කරයි.

Master Builders Australia හි ප්‍රධාන විධායක නිලධාරී Denita Wawn මෙම වෙනස්කම් පිළිගනී. කෙසේ නමුත් මෙහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බවත් එය අනවශ්‍ය දෙයක් වන බවත් Denita කියා සිටී.

ඔස්ට්‍රේලියාව තුල නිපුණතා හිඟයක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නිසි දැනුම් දීම මේ වනවිටත් සිදු කොට ඇති බවත් Denita පවසයි.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ශුද්ධ සංක්‍රමණය වන 510,000 ක පිරිස 250,000 දක්වා අඩු කිරීම ඕස්ට්‍රේලියානු රජයේ අපේක්ෂාවයි.

නමුත් විපක්ෂ නායක Peter Dutton සමස්ත සංක්‍රමණය කෙරෙහි අවධානය යොමු කරමින් පෙන්වා දෙන්නේ රජය සංක්‍රමණ සංක්‍යාව 130,000 කින් වැඩි කරන තත්වයක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් ඉදිරි වසර පහ තුළ මිලියන 1.6 කට වැඩි ජනතාවක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සිදුවන බවත් එමගින් නිවාස ගැටලුව තවත් උග්‍ර කරනු ඇති බවත් ඔහු කියා සිටී.
international_student.jpg
Source: Getty / Getty Images/urbazon

Greens පක්ෂ නායක Adam Bandt මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ සංක්‍රමණය වත්මන් රජය විසඳීමට උත්සාහ දරන නිවාස ගැටලුවට හේතුව නොවන බවයි.

අසීමිත කුලී වැඩිවීම්, අසීමිත පොලී අනුපාත ඉහළ යාම සහ ප්‍රමාණවත් තරම් නිවාස ඉදි නොකිරීම සම්බන්ධයෙන් වත්මන් රජය නිහඬව සිටීම මෙම ගැටලුවට හේතු වී ඇති බව Adam Bandt කියා සිටී.

කෙස් නමුත් හරි ගැටලුව පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව ලේබර් රජය සහ ලිබරල් පක්ෂය මේ ගැටලුව සඳහා සංක්‍රමණිකයින් හට දොස් පැවරීම සිදු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු ජනවාර්ගික ප්‍රජාවන්ගේ සම්මේලනයෙහි Carlo Carli පවසන්නේ සංක්‍රමණිකයින් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂාවෙන් වන බොහෝ පිරිසක් සිටින අතර පෙර සිට පැවති එම ක්‍රමය වෙනස් කල යුතු බවයි

ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවට ඉහල සංක්‍රමණයක් සිදු වීම සඳහා ලිබරල් සන්ධානය ප්‍රධානතම හේතුව වූ බවයි.

2022 මුල් භාගයේදී ලිබරල් සන්ධාන රජය සංක්‍රමණය ඉහල දැමීමට ගත් තීරණය හේතුවෙන් මෙම තත්වය මතු වූ බව Abul Rizvi පෙන්වා දෙයි.

සූපවේදීයකු වශයෙන් රැකියාවේ නිරත Massimo Calosi, 2016 දී working holiday visa බලපත්‍රයක් මත ඉතාලියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

ඔහු ආපන ශාලාවක සේවය කර ඇති අතර එහිදී ඔහුට අඩු වැටුපක් ලැබුණු බව ඔහු කියා සිටී.

එමෙන්ම ඔහුට superannuation ද ලැබී නොමැත.

Massimo පවසන්නේ තාවකාලික වීසා මත සිටින පිරිසගේ ශ්‍රම සුරාකෑම ඕස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේස්ත්‍රයේ දැඩි ලෙස දක්නට ලැබෙන බවයි.
chefs
Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියානු රජයේ මෙම නව සංක්‍රමණ සැලසුම් ඔස්සේ තාවකාලික වීසා මත සිටින පිරිස සූරාකෑමට නවතාලීම උත්සාහ කරන බවත් තාවකාලික වීසා හිමියන් හට සේවා යෝජකයන් වෙනස් කිරීමද පහසු කරවන බවත් පවසයි.

කෙසේ නමුත් Massimo පවසන්නේ අඩු වැටුප් ලබන සේවකයින් ප්‍රමාණවත් ලෙස මෙමගින් ආරක්ෂා නොවන බවයි.

එමෙන්ම මෙමගින් තාවකාලික වීසා මත සිටින පිරිස තවත් අවදානමට ලක්විය හැකි බවයි.

ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි දැනුමක් නොමැති ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් සහ තම අධ්‍යයන කටයුතු පිළිබඳ සැබෑ දැනුමක් නොමැති අධ්‍යාපන සේවා සපයන්නන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගැනීමට සැලසුම් කරයි.

ශුද්ධ සංක්‍රමණය අඛණ්ඩව වර්ධනය වුවහොත් ජාත්‍යන්තර සිසුන් සීමා කිරීම සිදු වේ.
0800 NACA Radio Core Bulletin
Source: Reuters

ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi පෙන්වා දෙන්නේ මෙලෙස ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සම්බන්ධයෙන් සීමා පැනවීම ගැටළු සහගත වන අතර එය ක්‍රියාත්මක කිරීමට අපහසු වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් වීමට සහ ඔස්ට්‍රේලියාවේ ජීවිත කාලය පුරා සේවය කරමින්, බදු ගෙවමින් සහ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දායක වන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රතිලාභ පිලිබඳ රජය අවධානයක් යොමු නොකරන බව Abul Rizvi පවසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු විද්‍යාල උපයන අදායම ඕස්ට්‍රේලියානු රජය අපනයන මගින් උපයන අදායමට වඩා බෙහෙවින් ඉහල වන බවත් ඒ සම්බන්ධයෙන් රජය ජනතාවට පැහැදිලි කිරීමට කාලය පැමිණ ඇති බවත් Abul Rizvi අවධාරණය කොට සිටී.

Share