Key Points
- ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට උරුම වන වත්කම් සඳහා inheritance tax හෙවත් උරුමකම් සඳහා වන බද්දක් ගෙවීම සිදු නොකරයි
- උරුමයක් පරිපාලනය කිරීමට සහ ඒ සඳහා උපකාර කිරීම සඳහා විධායකයෙකු පත් කරයි
- අවසන් කැමැත්තක් ඇති විට යමකුගේ වත්කම් බෙදා දීම පහසු වන අතර එසේ නොමැති නම් අධිකරණයට මැදිහත් විමටසිදු වේ
යම් පුද්ගලයකු මිය ගිය විට, ඥාතීන්ට හෝ මිතුරන්ට තම වත්කම් පැවරීමට ඉඩ සැලසිය හැකි වේ. මෙය ‘deceased estate’ ලෙස හඳුන්වන අතර, එය ලබන අය ප්‍රතිලාභීන් බවට පත් වේ.
Melissa Reynolds යනු වික්ටෝරියා ප්‍රන්ත රාජ්‍ය භාරකරුවන් සඳහා භාරකාර සේවාවල විධායක සාමාන්‍යාධිකාරී වේ. පුද්ගලයින්ට උරුම විය හැකි වත්කම් වර්ග ඇය පැහැදිලි කරන්නේ මේ ආකරයෙන්,
වත්කම් යනු නිවාස හෝ බැංකු ගිණුම්, මෝටර් රථ, කොටස් හෝ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය වැනි වාණිජමය වටිනාකමක් ඇති දේවල් විය හැකි බවයි ඇය කියා සිටී.
එමෙන්ම යමකුගේ වත්කම් තෑගි කල හැකි බවත් Melissa පවසයි. උදාහරණයක් වශයෙන් Melissa පෙන්වා දෙන්නේ යමකුට, මම මගේ මෝටර් රථය A පුද්ගලයාට ලබා දෙමි. නැතහොත් මගේ අසල්වැසියාට ඩොලර් 10,000 ක මුදල ලබා දෙමි වශයෙන් සඳහන් කල හැකි බවයි. එමෙන්ම සාමාන්‍යයෙන් වත්කමක් ඉතිරි විය හැකි බවත් උදාහරණයක් ලෙස මම මගේ මුළු වතුයායම මගේ දරුවන්ට තබමි වශයෙන් ලිය තැබීමට හැකි බවත් Melissa වැඩිදුරටත් සඳහන් කොට සිටී.
Executor හෙවත් විධායකයෙකු යනු කවුද?
යම් පුද්ගලයකු තම මරණයෙන් පසු තම වත්කම් බෙදා දීමට කැමති ආකාරය දැක්වෙන ලියවිල්ල හෙවත් අවසන් කැමති පත්‍රය ඔස්සේ මේ බව සඳහන් කිරීම සිදු කරයි.
අවසන් කැමැත්තෙහි, භාරකරුවෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා නීත්‍යානුකූල ආයතනයක් හැඳින්වීම සිදු වේ.
අනතුරුව එම භාරකරුවාගේ හෙවත් විධායකයාගේ වගකීම වන්නේ මියගිය අයගේ කැමැත්ත ඉටු කිරීම සහ සියලු වගකීම් ඉටු කිරීම සහතික කිරීමයි.
එමෙන්ම යම් විධායකයකු ප්‍රතිලාභියෙකුත් විය හැකියි
Florante Abad පිලිපීනයේ සහ ඕස්ට්‍රේලියාවේ නීති කටයුතු සිදු කර ඇති අතර, විධායකයෙකු නම් නොකළ අවස්ථා වලදී, අධිකරණයට මැදිහත් වීමට අවශ්‍ය විය හැකි බව Florante පවසයි.
අයදුම්කරු භාරකරු හෝ පරිපාලක ලෙස හැඳින්වේ, මේ හේතුවෙන් විධායකයා යනු කැමැත්තෙන් පත් කරන ලද භාරකරු වන අතර පරිපාලකයා අධිකරණය විසින් පත් කරන ලද භාරකරුවෙකු වේ.
ඔබ අවසන් කැමැත්ත සඳහා විධායකයෙකු පත් කර ඇති නමුත් ඔබට රාජකාරි කළමනාකරණය කළ නොහැකි යැයි හැඟේ නම්, ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඔබේ රාජ්‍ය භාරකරුවන්ට බලය පැවරිය හැකි වේ.
මෙම රාජ්‍ය ආයතනය පුද්ගලයින්ගේ ජීවිතයේ අවසාන සමයේ කටයුතු සඳහා මහජනතාවට උපකාර කිරීම සිදු කරයි.

Melbourne Supreme Court issued widespread Australian gagging order over political bribery allegations revealed by 'Wikileaks' today 30-July-2014 Melbourne Australia Credit: Nigel Killeen/Getty Images
Probate යනු කුමක්ද?
Probate යනු අවසන් කැමැත්ත නිත්‍යානුකුලව වලංගු කරන අධිකරණ නියෝගයක් වන අතර එහි කටයුතු සිදු කිරීමට විධායකයාට අවසර දීම සිදු වේ.
Florante පවසන්නේ විධායකයෙකු ප්‍රතිලාභීන් අමතා 'probate' යන උසාවි නියෝගය සඳහා ඉල්ලුම් කළ යුතු බවයි.
Probate සඳහා වන සෑම අයදුම්පතක්ම ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තා කරයි.
ඔබට ඔබේ ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ Probate Registry යන ලේකනයට ප්‍රවේශ වීමට හැකියාව තිබේ.
අවසන් කැමැත්තක් නොමැති විට දේපල කා හට උරුම වේද?
Melissa Reynolds පැහැදිලි කරන්නේ අවසන් කැමැත්තක් නොමැතිව පුද්ගලයෙකු මිය ගිය විට, එය ‘intestate’ වශයෙන් හැඳින්වේ.
කෙසේ වුවත්, බොහෝ විට කෙනෙකු අවසන් කැමැත්තක් නොමැතිව මිය යන අතර, උරුමය ලැබෙන්නේ කාටද යන්න නීතිය විසින් තීරණය කිරීම සිදු වන බව Melissa පවසයි.
කැමැත්තක් නොමැතිව වත්කම් බෙදා හැරීම සඳහා භාවිතා කරන සූත්‍රය Succession Act ලෙස හැඳින්වේ.
බොහෝ වත්කම් සාමාන්‍යයෙන් ඉතිරිව ඇති සහකරු වෙත යන අතර ඉතිරිය ඕනෑම දරුවෙකුට යාම සිදු වේ.
උදාහරණයක් ලෙස,Florante පෙන්වා දෙන්නේ NSW Succession Act යන පනත, ඥාතීන් නිශ්චිත අනුපිළිවෙලකට ලැයිස්තුගත කරන බවයි.
සහකාරියක් හෝ සැබෑ සහකරුවෙක් සිටී නම් සහ දරුවන් නොමැති නම්, ඒ සියල්ල සහකරුට යාම සිදු වේ.
එමෙන්ම සහකරු හෝ දරුවන් නොමැති විට එය දෙමාපියන්ට යාම සිදු වන අතර දෙමාපියන් නොමැති නම් මාමා, නැන්දා වැනි ඇපකර ඥාතීන් වෙත එම වත්කම් යාම සිදු වේ.
මේ කිසිවෙකු නොමැති නම්, ආච්චි හෝ සීයා වෙතත් එසේත් නැතිනම් මුණුබුරන් වෙතත් ඒ කිසිවෙකුත් නැතිනම් රජයටත් වත්කම් යන බව Florante පවසයි.

Cropped shot of a senior couple meeting with a consultant to discuss paperwork at home Credit: shapecharge/Getty Images
ඕස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් ඔබට තිබෙන බදු බැඳීම් මොනවාද?
ඕස්ට්‍රේලියාවේ inheritance tax හෙවත් උරුම බදු ගෙවීමක් සිදු නොවේ, නමුත් දැනුවත් විය යුතු මූල්‍ය බැඳීම් රැසක් තිබේ.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් ඔබට උරුම වූ දේපල ඔබ විකිණීමට තීරණය කරන්නේ නම් ඒ සඳහා බදුකරණ නීති අදාළ කරයි.
සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරී Akram El-Fahkri ((pronounced el-FA-kri) කියා සිටින්නේ යම් නිවසක් මියගිය පුද්ගලයාගේ වාසය කල නිවස නම්, ඒ සඳහා බදු ප්රතිවිපාක නොමැති බවයි.
නමුත් දේපල දෙකක් තිබී එකක් කුලියට දුන්නේ නම්, නේවාසික දේපල බදු වලින් එය නිදහස් වේ.
ඕස්ට්‍රේලියාවේ ඔබ 1985 න් පසු මිලදී ගත් ආයෝජන දේපලක් විකුණන විට CGT අදාළ වේ.
Akram පවසන්නේ දේපල ප්‍රතිලාභීන්ට විකිණීමට වඩා ප්‍රතිලාභීන් වෙත පැවරීම සාමාන්‍ය උපදෙස වන බවයි.
පවුලේ සාමාජිකයන් අතර වත්කම් බෙදීම සිදු වුවත් නේවාසික දේපල සඳහා බදු රහිත කාල සීමාවක් තිබීම හේතුවෙන් මෙය සිදු වේ.
ඔබ ප්‍රතිලාභියෙක් නම් ප්‍රාග්ධන ලාභ බද්දක් නොගෙන විකිණීමට ඔබට වසර දෙකක කාලයක් පවතින බව Akram කියා සිටී.
කෙසේ නමුත් තමාට ලැබුණු වත්කම් මියගිය පුද්ගලයා ජිවත් වූ නිවාස නම් / ඒ මගින් අදායමක් උපයා නොමැති නිසා වසර දෙකක කාලසීමාව ඉක්මවා ගියත් එය බදු වලින් නිදහස් වේ.
බැංකු ගිණුම් ද උරුම වශයෙන් ලබාදිය හැකි වේ. මේ හේතුවෙන්, ඔබේ බදු ප්‍රතිලාභය සඳහා ඔබ සතු ඕනෑම බැංකු පොලී ප්‍රකාශ කිරීම වැදගත් වේ.
විදේශීය දේපලක් උරුම වන්නේ නම් කුමක් වේද?
Akram පවසන්නේ ඔබට විදේශීය දේපලක් උරුම වන්නේ නම්, බදු රහිත කාලසීමාව අදාළ වන බවයි.
උදාහරණයක් ලෙස, එය යුරෝපයේ දේපලක් නම්, එය එම වසර දෙකක කාලය තුළ විකුණා, පසුව ඕස්ට්‍රේලියාවට එම මුදල් ගෙන්වා ඒ බව ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා බදු ගෙවිය යුතු නොවේ.
නමුත් දේපල විකිණු රට තුළ සුවිශේෂී බදු නීති තිබේ නම්, ඇතැම් විට එම ගනුදෙනුව එම රටේ බදු ක්‍රමයට හසු විය හැකියි.
යම් ප්‍රතිලාභියෙකු non-resident හෙවත් ඕස්ට්‍රේලියාවේ ජිවත් නොවන්නකු වන විට විශේෂ CGT නීති අදාළ වේ, මේ නිසා වෘත්තීය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

codicil to a last will and testament and irrevocable trust being signed by a 50 year old woman. Credit: JodiJacobson/Getty Images
තමාට උරුම දේපලක් ලබාගැනීම සඳහා අභියෝග කළ හැකිද?
අවසන් කැමැත්තක් නොමැතිනම් සහ උරුමයකට හිමිකම් ඇති නමුත් එය ලබාදී නොමැතිනම් අනුප්‍රාප්තික පනත යටතේ එයට අභියෝග කිරීමට ඔබට අයිතියක් තිබේ.
මෙය පොදු පවුල් ප්‍රතිපාදන හිමිකම් පෑමක් ලෙස හැඳින්වේ.
Florante Abad පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කැමැත්ත වෙනස් කළ හැකි බවයි.
මෙහිදී ඔබ මූල්‍ය සම්බන්ධය තහවුරු කර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔබගේ හිමිකම් පෑම වටා ඇති තත්ත්වය සැලකිල්ලට ගන්න බවත් පවසයි.
වත්කම් සම්බන්ධයෙන් වන උරුමය සංකීර්ණ විය හැකි නමුත් උපකාර සැමවිටම ඕස්ට්‍රේලියාවේ පවතී.
වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැනි සංවිධාන ඔබේ භාෂාව කතා කිරීමට හැකි ඔබේ ප්‍රදේශයට අදාළ සොලිසිටර්වරුන්ගේ ලැයිස්තු සැපයිම සිදු කරයි.
Melissa Reynolds පවසන්නේ එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල රාජ්‍ය භාරකරුවන් ද සිටින බවයි.
මහ භාරකරුට හෝ මියගිය පිරිසගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන සොලිසිටර්වරයෙකුට සහය ලබා දීමට හැකියාව තිබේ.
එමෙන්ම අදාළ ප්‍රාන්ත වල රාජ්‍ය වෙබ්අඩවි වලින් නොමිලයේ මාර්ගෝපදේශ වෙත ප්‍රවේශ විය හැකි බවත් Melissa අවසන් වශයෙන් කියා සිටී.