ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය සඳහා තිබෙන අවස්ථා සහ ප්‍රතිලාභ : AUSTRALIA EXPLAINED

Aboriginal teacher smiling at boy and girl working in classroom

There are multiple pathways if you are considering becoming a teacher in Australia. Credit: JohnnyGreig/Getty Images

ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය, ස්ථාවර වෘත්තීමය අවස්ථා සහ වෘත්තීය වර්ධන අවස්ථා ලබා දෙන අතර එය අධ්‍යාපනඥයින් සහ තම වෘත්තීය වෙනස් කරන්නන් සඳහා ආකර්ශනීය ක්ෂේත්‍රයක් බවට පත් කරයි.


Key Points
  • ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඇති උසස් අවස්ථා මගින් ගුරු වෘත්තිය දිගුකාලීන වෘත්තීය විකල්පයක් බවට පත් කරයි. 
  • ඔබ ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට සලකා බැලුවහොත් ඒ සඳහා විවිධ මාර්ග තිබේ.
  • නිපුණතා සහිත සංක්‍රමණිකයන් සඳහා, ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමේ මාර්ගය ඔවුන්ගේ උපන් රට සහ ඔවුන් රැකියාව කිරීමට අවශ්‍ය ප්‍රාන්තය අනුව වෙනස් වේ.
ගුරුවරුන්ට තම සිසුන්ගේ ජීවිතයට බලගැන්වීමක් සහ ධනාත්මක බලපෑමක් සිදු කළ හැක.

පුද්ගලයන්ගේ, ප්‍රජාවන්ගේ සහ සමාජයේ අනාගතය හැඩගැස්වීමට මෙය උපකාරී වේ.

වඩා හොඳ සහ සාධාරණ සමාජයක් සඳහා අධ්‍යාපන ක්ෂේස්ත්‍රය කෙරෙහි අවධානයක් යොමු කරන අධ්‍යාපනඥයින් සහ වෘත්තීය වෙනස් කරන්නන්ට ගුරු වෘත්තිය වඩාත් සුදුසු වේ.

Zena Dabaja, Chullora Network හි අධ්‍යාපනික නායකත්වයේ සහන අධ්‍යක්ෂ සහ සිඩ්නි හි උසස් බාලිකා පාසලක විදුහල්පතිනිය වේ.

ඇය 1995 වසරේ සිට NSW අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් ඉංග්‍රීසි සහ ඉතිහාස ගුරුවරියකි.  

Zena ඉගැන්වීමේ වෘත්තියක් කිරීමට ඇය පෙලඹුණු ආකාරය පිළිබඳව පවසන්නේ කුඩා ශිෂ්‍යයෙකුව සිටියදී තමාට ඉගෙනීමට ඇති ආශාව ඇත්ත වශයෙන්ම දැල්වූ අපූරු ගුරුවරුන් කිහිප දෙනෙක් සිටි බවයි.

ඔවුන් තම ජිවිතයට වෙනසක් සිදු කල බවත් Zena පවසයි.

Benny Ng ද මේ සඳහා එකඟ වේ.

Benny මෙල්බර්න් හි ගුරුවරයෙකි.

වසර 14 කට වැඩි කාලයක් ඔහු වික්ටෝරියානු පාසල්වල ශාරීරික අධ්‍යාපනය (PE) සහ හොංකොං හි දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි උගන්වා තිබේ.

ගුරුවරයෙකු වීමේ ප්‍රතිලාභ සැලකිය යුතු බව Benny විශ්වාස කරයි.

පුද්ගලයෙකුගේ ජීවිතය හැඩගැස්වීමේදී අධ්‍යාපනයේ බලය තමා සියැසින්ම දැක ඇති බව Benny පවසයි.

ශාරීරික අධ්‍යාපනය පිළිබඳව ගුරුවරයෙකු වීම නිසා ඔවුන්ට ශාරීරික සෞඛ්‍යය පමණක් නොව ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද පවත්වා ගැනීමට තමාට උපකාර කළ හැකි බව Benny කියා සිටී.
Soccer Team Meeting
Advancement opportunities in Australia's public and private education sectors make teaching a viable long-term career option. Credit: SolStock/Getty Images
Zena ඇගේ ඉගැන්වීම් වෘත්තියට පිවිසෙන ආකාරය සනාථ කරන අමතක නොවන අත්දැකීමක් බෙදා හදා ගනී.  

ඇය ප්‍රථම වරට ඉගැන්වීම ආරම්භ කරන විට, විවිධ පසුබිම්වලින් යුත් සිසුන්ගේ විවාද කණ්ඩායමක් පුහුණු කිරීමට සිදුව තිබේ. මේ සඳහා ශ්‍රවණාබාධිත සිසුවෙකුද ඇතුළත් වේ.

ඇය පවසන්නේ මෙම ශ්‍රවණාබාධිත සිසුවා තුලත් වෙනත් සෑම සිසුවකුටම තිබි ආකාරයේ ධාරිතාවයක් තිබූ බවයි.

තම කණ්ඩායම ඔවුන්ගේ විවාද තරඟයෙන් ඉතා සාර්ථක වූ බව ඇය වැඩිදුරටත් පවසයි.

මෙම ශිෂ්‍යයා ඔවුන්ගේ පාසල නියෝජනය කරන සෑම අවස්ථාවකම අන් අයට කළ හැකි හෝ කළ නොහැකි දේ පිළිබඳ මිනිසුන්ගේ අදහස්වලට අභියෝග කල බවත් ඇය කියා සිටී.

ඉගැන්වීම ඔස්සේ සමාජයට තිබෙන දායකත්වය

සිසුන්ගේ කුසලතා සහ දැනුම ගොඩනැගීම, ඔවුන්ගේ අනාගත හැකියාවන් පිළිබඳව ඔවුන්ව සම්බන්ධ කර ගැනීම සහ ප්‍රබෝධමත් කිරීම සඳහා ගුරුවරියගේ කාර්යභාරය Zena අවධාරණය කරයි.

එමෙන්ම ඇය පවසන්නේ විවිධ හැකියාවන් සහ දක්ෂතාවයන් තිබෙන ළමුන් බොහෝ පිරිසක් සිටින බවයි.

Latrobe University හි අධ්‍යාපන පීඨයේ සහකාර පීඨාධිපති මහාචාර්ය Therese Keane විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය පිළිබඳ ශිෂ්‍යාවන් සවිබල ගැන්වීම සඳහා වසර 25 කට වැඩි කාලයක් ගත කර තිබේ.

ඇය පවසන්නේ ඉගැන්වීම සමාජයේ පදනම ගොඩනඟන බවයි. 

පාසල් යනු සිසුන්ට පාලිත පරිසරයක ඉගෙනීමට පුදුමාකාර ස්ථානයක් වන බවත් ඔවුන් කරදරයකට පත් වුවහොත් එවිට ඔවුන්ට ඔවුන් කළ වැරදි තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ වැරැද්දෙන් ඔවුන්ට ඉගෙන ගැනීමට හැකි බවයි.

ගුරුවරුන් පෙර පාසලේ සිට උසස් පාසල දක්වා දරුවාගේ පරිපූර්ණ වර්ධනයට සහ සංවර්ධනයට දායක වේ.

Benny පවසන්නේ මේ ඔස්සේ ඔවුන්ගේ පශ්චාත් පාසල් ගමනාන්ත සඳහා ගුරුවරුන් සිසුන්ව සූදානම් කරන බවයි.

වෘත්තීය ස්ථාවරත්වය සහ සංවර්ධනය

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන අංශවල ඇති උසස් අවස්ථා මගින් ගුරු වෘත්තිය දිගුකාලීන වෘත්තීය විකල්පයක් බවට පත් කරයි. 

Zena පවසන පරිදි, සුවිශේෂී දක්ෂතා සහ ආශාව පෙන්නුම් කරන ගුරුවරුන්ට පාසල පවත්වාගෙන යාමට සම්බන්ධ වීමට බොහෝ අවස්ථාවන් තිබේ. 

ඇය පෙන්වා දෙන්නේ මේ අනුව ඕනෑම ගුරුවරයෙකුට උසස්වීම් ලැබීමට අපූරු අවස්ථා ඇති බවයි.

එමෙන්ම මේ සඳහා බොහෝ අවස්ථා සහ මාර්ග ඇති අතර, පුහුණුව සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාලය හරහා ගුරු වෘත්තියක් ආරම්භ කිරීමේ සම්ප්‍රදායික ක්‍රම ඇති බවත් ඇය කියා සිටී.

ගණිතය, පරිගණක විද්‍යාව, විද්‍යාව හෝ තාක්‍ෂණය සහ ව්‍යවහාරික විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට ඇතුළුවීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් ද ඇති බව ඇය වැඩිදුරටත් පවසයි. 

ගුරුවරුන්ට online ඔස්සේ සහ මුහුණට මුහුණට සහභාගී විය හැකි වෘත්තීය ඉගෙනුම් පාඨමාලා මාලා රැසකට ප්‍රවේශය ඇත.

පාසල් හරහා පවත්වනු ලබන වෘත්තීය ඉගෙනුම් රාශියක් ඇති බවත් එය ඉතා උද්යෝගිමත් බවත් ඇය පෙන්වා දෙයි.
Children sitting at desks listening to teacher holding digital tablet
Teachers also have access to a whole suite and range of professional learning courses they can participate in online and face-to-face. Credit: JohnnyGreig/Getty Images
ඕස්ට්‍රේලියාවේ අනෙකුත් වෘත්තීන්හි නියැලෙන ඕස්ට්‍රේලියානු උපාධිධාරීන් හා සසඳන විට, තරඟකාරී ලෙස සලකනු ලබන $75,000 සිට $85,000 දක්වා පරාසයක පවතින ගුරුවරුන්ගේ ප්‍රවේශ මට්ටමේ වැටුප් එක් එක් ප්‍රාන්තය සහ ටෙරිටරිය අනුව වෙනස් වේ.

වෙනත් වෘත්තීන්ට සාපේක්ෂව කාලයත් සමඟ වැටුප් සීග්‍ර ඉහල යාමක් නොපෙන්වුවද නායකත්ව භූමිකාවන් හෝ ඉහළ මට්ටමේ ගුරු තනතුරු වැනි වෘත්තීය දියුණුව සඳහා ඇති අවස්ථා කාලයත් සමඟ මුදල් ඉපැයීමේ හැකියාව වැඩි කිරීමට හේතු විය හැක.

ඉගැන්වීම ස්ථාවර සහ සුරක්ෂිත වෘත්තීය මාර්ගයක් ලබා දෙයි.

ඕස්ට්‍රේලියාවේ, ඉගැන්වීමට ඉහළ ඉල්ලුමක් පවතින බව තමාට පෙනී ගිය බව Benny පවසයි.

ඉගැන්වීම ඉතා ස්ථාවර වෘත්තීය මාර්ගයක් බව Zena මහත්මිය විශ්වාස කරයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ගුරුවරයෙකු ස්ථීර ලෙස සේවයේ යොදවා ප්‍රවීණතා ප්‍රමිතීන් සපුරාලන විට, බොහෝ කටයුතු සිදු කල යුතු නමුත්, ක්ෂේස්ත්‍රය තුල ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ අපේක්ෂිත මට්ටමට ක්‍රියා කිරීම ඉතා වැදගත් වන බවයි.

ඕස්ට්‍රේලියාවේ ගුරුවරයකු වීමට කල යුතු දේ

ඔබ ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට සලකා බලන්නේ නම් ඒ සඳහා ඔබට විවිධ මාර්ග තිබේ.  

Thebethattaecher.gov.au යන වෙබ්අඩවිය ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල ගුරුවරයෙකු වීම සහ ගුරු වෘත්තියේ විවිධ මාර්ග පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයයි. 

මහාචාර්ය Therese පැහැදිලි කරන පරිදි, උසස් පාසලෙන් පසු ගුරුවරයකු වීම සඳහා වන එක් මාර්ගයක් ආරම්භ කළ හැකි වේ. 

12 වසර අවසන් කරන සිසුන් අධ්‍යාපනයේ ප්‍රථම උපාධියක් හදාරා පසුව ගුරුවරයෙකු බවට පත් විය හැක.

නැතහොත් වෙනත් ක්‍රමයක් වන්නේ ඔවුන් කැමති ක්ෂේත්‍රයක උපාධි අපේක්ෂක අධ්‍යයනයක් සිදු කිරීමයි.එය විද්‍යාව හෝ කලා විය හැකි අතර පසුව ඔවුන් Master of Teaching හැදෑරීමෙන් පසු ඔවුන් ගුරුවරයෙකු බවට පත්විය හැකි බව මහාචාර්ය Therese පවසයි.

නමුත් විදේශීය නිපුණතා සහිත සංක්‍රමණිකයන් සඳහා, ක්‍රියාවලිය ඕනෑම ආකාරයක සුදුසුකමක් මෙන් වන අතර, එය ඔබ ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට කැමති රට සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තය මත රඳා පවතින බව ඇය වැඩිදුරටත් පවසයි. 

මහාචාර්ය Therese මෙහිදී උපදෙස් දෙන්නේ ඔබට සෘජුවම විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී ඔබේ සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය විය හැකි බව හෝ එම ප්‍රාන්තයේ ගුරු නියාමන අධිකාරිය සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය විය හැකි බවයි. 

වික්ටෝරියා හි, Victorian Institute of Teaching යන ආයතනය පවතී.

මේවා ප්‍රාන්ත අනුව වෙනස් වන අතර ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය සිදු කිරීමට බලාපොරොත්තු වන පිරිසට මෙවැනි මධ්‍යස්ථාන සම්බන්ධ කරගැනීමට හැකි බවත් ඇය කියා සිටී.
Male teaching assistant explaining to primary school children in Design Technology class
The Australian teaching degree builds and fosters well-rounded professionals with diverse intellects and social skills. (Getty) Credit: 10'000 Hours/Getty Images
ගුරු වෘත්තියේ නියැලීමට අපේක්ෂා කරන පිරිසට නිවැරදි සුදුසුකම් අවශ්‍ය වේ, නමුත් ක්‍රියාවලිය සාපේක්ෂව සරල වේ.

මහාචාර්ය Therese පවසන්නේ, ඔබ උසස් අධ්‍යාපනය අවසන් කර ඇත්නම්, ඔබට අධ්‍යාපන උපාධියක් වැනි ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් හැදෑරිය හැකි බවයි. 

කෙසේ වෙතත්, ඔබ පරිගණක විද්‍යාවේදී උපාධියක් වැනි වෙනත් උපාධියක් සම්පූර්ණ කර ඇති නම් සහ ඔබ ඉගැන්වීමට කැමති යැයි තීරණය කර ඇති නම් එවැනි අවස්ථාවක, ඔබට ඉගැන්වීමේ ශාස්ත්‍රපති උපාධියක් තෝරා ගත හැක. නමුත් එය සාමාන්‍යයෙන් ඔබේ පෙර උපාධියට වඩා වසර දෙකක් ගත වේ.

ඕස්ට්‍රේලියාව තුල ඉගැන්වීම සඳහා වන සුදුසුකම්, විවිධ බුද්ධිය සහ සමාජ කුසලතා ඇති වෘත්තිකයන් සමඟ ගොඩනඟා පෝෂණය කරන බව ඇය වැඩිදුරටත් පවසයි.  

ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය තෝරාගන්නා පිරිස සම්බන්ධයෙන් සැලකීමේදී හැසිරීම, සමානාත්මතාවය සහ පරිගණක භාවිතය මෙන්ම දේශීය සංස්කෘතිය දෙස බලන බව මහාචාර්ය Therese පවසයි.

නමුත් මීට වඩා ඔවුන් පන්ති කාමරයක පුහුණුවීම් ලබාගැනීම වැනි දේ සලකා බලන බවත් Therese කියා සිටී.

ඕස්ට්‍රේලියානු සමාජය තුල බහු සංස්කෘතික පසුබිම් වල ගුරුවරුන්ගේ භූමිකාව

ඕස්ට්‍රේලියාව තුල සිටින විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන ගුරුවරුන් පන්ති කාමරයට අද්විතීය ඉදිරිදර්ශන ගෙන එන බවත්, ඔවුන් ඉගෙනුම් පරිසරය විවිධ ආකාරවලින් පොහොසත් කරන බවත් Zena විශ්වාස කරයි.

විවිධ පසුබිම්වල සිටින ගුරුවරුන් බොහෝ විට විවිධ ඉගෙනුම් විලාසයන් සඳහා ඔවුන්ගේ සංස්කෘතික හා අධ්‍යාපනික අත්දැකීම්වල බලපෑම ඔස්සේ සකසා ගත් විවිධ ඉගැන්වීම් ප්‍රවේශයන් භාවිතා කරයි. 

එවැනි ගුරුවරුන් දෙමාපියන්ට සහ සිසුන්ට විශිෂ්ට රුකුලක් විය හැකි බව Zena පවසයි.

ඇය වැඩිදුරටත් කියා සිටින්නේ විවිධ පසුබිම් වලින් පැමිනෙන පිරිස බහු සංස්කෘතික සැකසුම් තුළ ඉගැන්වීම වටිනා අතර එය ඔස්ට්‍රේලියාවටද වටිනාකමක් ගෙන දෙන බවයි.


ඉගැන්වීමේ වෘත්තියක් වශයෙන් සිදු කිරීම පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට, bethattaecher.gov.au වෙත පිවිසෙන්න.
Dept Education_Inline.jpg
මෙම ලිපිය ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්ව නිෂ්පාදනය කොට තිබේ.

Share