Key Points
- ආගම මත පමණක් වෙනස් කොට සැලකීම ඕස්ට්‍රේලියාවේ federal anti-discrimination law යන නීතිය යටතේ නීති විරෝධී නොවන නමුත් ප්‍රාන්ත නීතිය යටතේ එය නීති විරෝධී විය හැක.
- Fair Work කොමිසම ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම සහ විවිධ ප්‍රාන්ත වල වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් වන ආයතන අධිකරණයෙන් පිටත ආගම මත පදනම්ව වෙනස්කම් කිරීමේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආයතන වේ.
- ඇතැම් අවස්ථාවලදී, තම ආගම ඇදහීමට සේවකයාගේ නිදහස සීමා කිරීම සඳහා නීත්‍යානුකූල හේතු ද තිබිය හැක.
ඔස්ට්‍රේලියාව තුල ආගම මත පදනම්ව වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් පිහිටුවීම සඳහා පසුගිය වසර පුරා ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතින අතර, ආගමික ආරක්ෂාව පිළිබඳ නිසි නීතියක් නොමැත.
2009 Fair Work පනත යටතේ ආගම පදනම් කරගෙන වෙනස් කොට සැලකීමට එරෙහිව ඔස්ට්‍රේලියාව පුරා ආරක්ෂාව පවතී. නමුත් ඒවා ඔවුන්ගේ විෂය පථය තුළ සීමා වී ඇත.
Karina Okotel ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය පදනම් කරගත් ජාතික ප්‍රජා නීති මධ්‍යස්ථානයක් වන Racial & Religious Discrimination Legal Service Inc හි ප්‍රධාන නීතිඥවරියයි.
ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් මුහුණ දී ඇති සේවකයෙකු සඳහා වන පළමු පියවර වන්නේ Fair Work කොමිසම ඇමතීම වන බව Karina උපදෙස් දෙයි.
ඇය වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ට බලාත්මක කළ හැකි තීරණයක් ගත හැකිනමුත් Fair Work කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි පැමිණිලිවල විෂය පථයට අනුකුල විය යුතු බවයි.

Complaints about workplace religious discrimination includes discrimination because of the lack of a religious belief. Credit: SDI Productions/Getty Images
රැකියා සඳහා බඳවාගැනීමේදී discrimination හෙවත් වෙනස්කොට සැලකීම සිදු වේ.
නමුත් එය ඔප්පු කිරීම ඉතා අපහසු වන අතර එය අවිඥානික පක්ෂග්රාහීත්වයකින් සිදුවන් බව Karina පෙන්වා දෙයි.
Fair Work කොමිසමෙන් ආවරණය නොවන, සම-සේවකයින් අතර සිදුවන දේ ඇතුළුව, සේවා ස්ථානයේ ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම තිබිය හැක.
රාජ්‍ය මට්ටමින් බේරුම්කරණ ක්‍රියාවලියකට මඟ පෙන්වීමට සහ බැඳීම් නොවන නිර්දේශ නිකුත් කිරීමට බලතල ඇති ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට ද මෙවැනි අවස්ථාවකදී පැමිණිලි කළ හැක.
පැමිණිල්ලකින් අනතුරුව සේවා යෝජකයින්ගේ කීර්තිනාමයට සිදුවන හානිය සහ ඔවුන් මාධ්‍යයට නිරාවරණය වීම හේතුවෙන් බොහෝ විට පැමිණිලිකරුවන් සමඟ සමතයකට පැමිණීමට සේවා යෝජකයන් පොළඹවන බව Karina පවසයි.
මේ හේතුවෙන් අධිකරණයට නොගොස් ගැටලුව විසඳීමට මිනිසුන්ට සෘජුවම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඉතා ප්‍රයෝජනවත් විය හැක.
ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටමින් පවතින ආගමික විශ්වාසයන් හෝ ක්‍රියාකාරකම්, බොහෝ අධිකරණ බල ප්‍රදේශ හරහා අගමැ මත පදනම්ව වෙනස් කොට සැලකීමට එරෙහි නීති වල ආරක්ෂිත ලක්ෂණයකි.
කෙසේ වෙතත්, ඔබ ජීවත් වන ස්ථානය අනුව ආරක්ෂාව වෙනස් වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ Equal Opportunity and Human Rights Commission හි නීති අංශයේ ප්‍රධානී Aimee Cooper පවසන්නේ සේවා ස්ථානවල ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම පිළිබඳ පැමිණිලි සඳහා උදාහරණ සපයයි.

Some jurisdictions, including Queensland, Victoria and the ACT also have protections for freedom of religion in their respective Human Rights Acts. Credit: coldsnowstorm/Getty Images
එමෙන්ම Sikh ජාතිකයකු හට තම හිස පළඳින turban එක ඉවත් කරන ලෙසට ඔහුගේ රැකියා ස්ථානයේ අධීක්ෂකවරයා යම් අවස්ථාවකදී පැවසු බවත් ඉන්දීය ජාතිකයකු පවසයි.
එමෙන්ම තම රැකියා ස්ථානයේදී යාඥා සඳහා කෙටි විවේක ගැනීම සම්බන්ධයෙන් තමා අපහසුතාවයට පත් වූ බවත් මුස්ලිම් කාන්තාවක කියා සිටී.
VEOHRC වැනි ආයතන අධිකරණයට යාම සඳහා විකල්පයක් ලෙස, පැමිණිලිකරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ප්‍රතිඵල ලබා ගැනීමට සහාය වේ.
Aimee කියා සිටින්නේ එය සමාව අයැදීමක්, ප්‍රතිපත්ති හෝ භාවිතයන් වෙනස් කිරීමක්, කෙනෙකුට රැකියාවක් හෝ මූල්‍ය වන්දියක් ලබාදීමක් විය හැකි බවයි.
ඇතැම් අවස්ථාවලදී, රැකියා ස්ථානයකදී ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම නීතියට පටහැනි නොවේ.
නිදසුනක් වශයෙන්, වික්ටෝරියා ප්‍රාන්තය තුල, ඇතැම් කොන්දේසි යටතේ පමණක් කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීමේදී ඇදහිල්ල පදනම් කරගත් සංවිධානවලට වෙනස්කොට සැලකීම සිදු කළ හැක.

The kinds of mediation outcomes are “limitless, because it's really what the two parties are willing to agree to”. Credit: CihatDeniz/Getty Images
නඩු පැවරීම් හෝ පැමිණිලි වළක්වා ගැනීම Fair Work Act පනතට අනුකුලව සේවායෝජකයා අත පවතින බව Justin පවසයි.

“Health and safety issues are grounds on which employers can legitimately infringe upon religious practice or religious observance, in the form of religious dress for example,” Mr Carroll explains. (Getty) Credit: Maskot/Getty Images
Karina පවසන්නේ රැකියාවේදී ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, සිදුවීම් සෑම විටම සංකීර්ණ විය හැකි අතර වාර්ගිකමය වශයෙන් වෙනස්කොට සැලකීම හෝ වෙනත් නීති විරෝධී උල්ලංඝනයන් සමඟ ඒවා මිශ්‍ර විය හැකි බවයි.
මේ හේතුවෙන් නීති උපදෙස් ලබා ගැනීම ඇත්තෙන්ම වැදගත් වේ.
අපගේ නීතිවල ඇති සීමාවන් සැලකිල්ලට ගනිමින්, නීතීඥවරයාට විවිධ විකල්පයන් සොයා බලා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්දැයි සොයා බැලිය හැකි වීම මිට හේතුව බව Karina කියා සිටී.
රාජ්‍ය සහ ප්‍රාන්ත මට්ටමින් ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පිළිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න:
ACT | ACT Human Rights Commission | |
NSW | Anti-Discrimination Board of NSW | |
NT | Northern Territory Anti-Discrimination Commission | |
QLD | Queensland Human Rights Commission | |
SA | South Australian Equal Opportunity Commission | |
TAS | Equal Opportunity Tasmania | |
VIC | Victorian Equal Opportunity & Human Rights Commission | |
WA | Western Australian Equal Opportunity Commission | |