Grattan ආයතනය සිදු කල සමීක්ෂණ වාර්තා පෙන්නුම් කොට ඇත්තේ ජාත්‍යන්තර අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පවතින කිර්තිනාමයටද මෙය බලපෑමක් සිදු කරන බවයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ ජාත්‍යන්තර සිසුන් සිය උපාධිය ලැබීමෙන් පසු තාවකාලික වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටී. නමුත් ඔවුන් අධ්‍යාපනය හැදෑරූ වෘත්තීන් සොයා ගැනීමට වෙහෙසෙන බව Grattan ආයතනය කියා සිටී.
සිය උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඇතැම් පිරිසක් පමණක් පූර්ණ කාලීන රැකියාවල නිරත වන අතර උපාධිධාරීන්ගෙන් අඩක් පමණ දෙනා අඩු නිපුණතා සහිත රැකියා වල නිරත වේ.
මෙම පිරිස වසරකට ඩොලර් 53,300 ට වඩා අඩුවෙන් උපයයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල බොහෝ ජාත්‍යන්තර උපාධිධාරීන් සිය ස්ථිර පදිංචිය සඳහා අයදුම් කලද ඔවුන් බොහෝ පිරිසක් තම වීසා සම්බන්ධයෙන් අවිනිශ්චිත හෝ තීරණය නොකළ තත්වයක සිටින බවද Grattan ආයතනය කියා සිටී.
මේ හේතුවෙන් වරක් සිය උපාධිය අවසන් කල පිරිස ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නැවතත් වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා යොමු වේ.

uni graduates Source: SBS
මේ සම්බන්ධයෙන් Grattan ආයතන ආකෘති නිර්මාණ පෙන්නුම් කොට ඇත්තේ, රජයේ තීරණය මත බොහෝ උපාධිධාරීන්ට වඩා වැඩි කාලයක් රැඳී සිටීමට සහ රැකියා කිරීමට පෙළඹෙන බවයි.
මේ ඔස්සේ 2030 වසර වන විට ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික උපාධිධාරී වීසා දරන්නන් සංඛ්‍යාව 370,000 දක්වා ඉහල යනු අතැයි අපේක්ෂා කෙරේ.
මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ සිය වීසා සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක සිටින ජාත්‍යන්තර උපාධිධාරීන් තවත් ඉහල යාම සිදු වේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සම්බන්ධයෙන් ඔවුනට වන බලාපොරොත්තු තවදුරටත් ගැටලුකාරී වන බව Grattan ආයතනය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ වැඩසටහන කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරන අතර එය දිගු කලක් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරන බව එම ආයතනය කියා සිටී.
මෙය ඔස්ට්‍රේලියාව තුල වසර ගණනක් සිටින උපාධිධාරීන් හට සිදු කරන අසාධාරණයක් වන අතර මේ හේතුවෙන් ජනගහන පීඩනය ඉහල යාම සිදු කරයි.
මෙම කරුණු මත
- ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා වන පශ්චාත් අධ්‍යයන රැකියා වීසා කාලය කපා හැරීම
- තාවකාලික උපාධිධාරී වීසා දරන්නන් සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය ඉහළ නැංවීම
- වයස 35 ට අඩු පුද්ගලයින් සඳහා තාවකාලික උපාධි වීසා සීමා කිරීම
- නම් කරන ලද ප්‍රදේශවලින් උපාධි ලබා ඇති උපාධිධාරීන් සඳහා සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වන සහ රැකියා කරන උපාධිධාරීන් සඳහා වීසා දීර්ඝ නොකිරීම
- අවම වශයෙන් වසරකට ඩොලර් 70,000ක් උපයන උපාධිධාරීන්ට පමණක් වීසා දිගු කිරීම
- වඩාත්ම දක්ෂ ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා ස්ථිර පදිංචිය සඳහා සෘජු මාර්ග දෙන විශේෂ වීසා සැකසීම
- ඕස්ට්‍රේලියාවේ සිය අධ්‍යාපනය ලද ක්ෂේස්ත්‍රයේ වෘත්තීය කටයුතු කරමින් රැඳී සිටින ජාත්‍යන්තර උපාධිධාරීන් හට වැඩි උපකාර ලබා දීම
ඕස්ට්‍රේලියානු රජය මගින් සිදු කල යුතු බව Grattan ආයතනය යෝජනා කරයි.
මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ඕස්ට්‍රේලියාවට අවශ්‍යතම ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීම සිදු වන අතර ගැටලුකාරී තත්වයක සිටින ජාත්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව අඩු කරනු ඇති බව එම ආයතනය කියා සිට.ී

Source: Flickr