ඔස්ට්‍රේලියාවේ වීසා ලබා දීමේදී ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වී අදාළ වීසා අයදුම්කරුවන්ට වීසා පිරිනැමීම් සහ ඇතැම් වීසා සහන ලබාදීමට හැකියාවක් තිබේ.
ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට රැකවරණය පතා පැමිණි ශ්‍රී ලාංකික දමිළ පුද්ගලයකු වන Neil Para සහ ඔහුගේ පවුලේ උදවියට පසුගියදා ආගමන කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා පිරිනැමීමත් සමග මේ පිළිබඳ යළි සාකච්ඡාවක් ඇතිවී ඇත.
ඔහු ස්ථිර වීසා ලබා ගැනීම සඳහා අමාත්‍යවරයාගේ අවධානය ලබා ගැනීම පිණිස Ballarat සිට සිඩ්නි දක්වා කිලෝමීටර් 1000ක් පාද චාරිකාවක නිරත් වෙමින් ඊට සහයෝගය පතා අත්සන් විශාල ප්‍රමාණයක්ද එකතු කරගත්තේය.
LISTEN TO

විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට ඒම පහසු කරයි, වෛද්‍ය උපාධි හිමි ජාත්‍යන්තර සිසුන්ටත් විශේෂ සහන
SBS Sinhala
02:21
ඔස්ට්‍රේලියාවේ වීසා සහන ලබා ගැනීමේදී විෂයය බාර අමාත්‍යවරයාගේ මැදිහත්වීම
යම් පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීමකදී හෝ මානුෂීය හේතුන් මත විශේෂ වීසා සහන ලබා ගැනීමේදී ඇතැම් විශේෂ අවස්ථාවල ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වීමේ හැකියාව Ministerial intervention ලෙස හැඳින්වේ.
මේ සඳහා ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට බලය ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ 1958 දරන සංක්‍රමණික පනත හරහාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වීම සෑම වීසා ඛාණ්ඩයකටම ලබාගත හැකිද?
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔබට වීසා බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්නම් හෝ වීසා බලපත්‍රයක් අවලංගු කර ඇත්නම් සහ පසුව එම තීරණයට එරෙහිව Administrative Appeals Tribunal (AAT) වෙත අභියාචනයක් ඉදිරිපත් කර කර තිබේ නම්, ඔබට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ මැදිහත්වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
මෙය තාවකාලික වීසා ලාභීන්ට මෙන්ම රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ට සහ සරණාගතයින්ටද අදාළ වේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි වික්ටෝරියා skilled වීසා වැඩසටහන දැන් විවෘතයි, අයදුම් කරන අයුරු මෙන්න
SBS Sinhala
03:11
නමුත් ඇතැම් අවස්ථාවවලදී අමාත්‍යවරයාගේ මැදිහත්වීම ලබාගත නොහැකි අවස්ථාද ඇති බව මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
උදාහරණයක් ලෙස ඔබ යම් ආකාරයක වීසා කොන්දේසි කඩ කිරීමක් කර ඇත්නම් එහිදී අමාත්‍යවරයා මැදිහත් නොවන බව ඇය පැහැදිලි කළාය.
එමෙන්ම අදාළ පුද්ගලයාගේ චරිතය ඔස්ට්‍රේලියානු සම්මත නීතිවලට නොගැලපේනම් හෝ ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදී ද අමාත්‍යවරයා මැදිහත් නොවන බව වර්ණකුලසූරිය මහත්මිය විස්තර කළාය.
ඊට අමතරව මෙලෙස මැදිහත්වීමක් ලබා ගැනීම සඳහා ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිය යුතුය.