විවිද රටවල සංචාරය කරමින් රැකියාව කරන්න පුළුවන් Digital Nomad Visa ගැන වැදගත් තොරතුරු මෙන්න

Coastal getaway with tech: smiling woman with wireless headphones enjoys the beach and video calls on the sunny beach

Beachside tech oasis with laptop and headphones Source: Moment RF / Tatiana Meteleva/Getty Images

බොහෝ පිරිසකට මේ වනවිට නිවසේ සිට රැකියා කිරීමේ හැකියාව ලැබී තිබේ. එසේම බොහෝදෙනෙක් දුරස්ථ ස්ථානවල සිට තම රැකියා කටයුතු වල නිරතවීම දකින්නට ලැබේ. මේ ආකාරයට රැකියා කරන්නන් සඳහා විවිද රටවල් විශේෂ වීසා ලබාදීමද සිදු කරයි.


මේ ආකාරයට දුරස්ථ ප්‍රදේශ වල සිට ඩිජිටල් තාක්ෂණය හරහා රැකියාවල නිරතවීම ඉතා ප්‍රචලිත වෙමින් පවතී. මෙහිදී සංචාරයේ යෙදෙමින් එක ස්ථානයකට කොටුනොවී රැකියාවේ නිරත වීමේ හැකියාව හිමිවේ. මෙසේ රැකියාවල නිරතවෙමින් තාවකාලිකව විවිද ස්ථානවල කල්ගතකරමින් සිටින පුද්ගලයින් ‘Digital Nomads’ (ඩිජිටල් නොමෑඩ්) ලෙස හඳුන්වයි. මෙය ඉතා සිත් ඇදගන්න සුළු තත්වයක් උවත් මෙහිදී සැලකිලිමත් වියයුතු කාරනා කිහිපයක් පවතී.

ඩිජිටල් නොමෑඩ් වීසා යනු මොනවාද?

ඩිජිටල් නොමෑඩ් වීසා යනු දුරස්ථ ස්ථානයක සිට රැකියා කරන පුද්ගලයින් සඳහා තාවකාලික පුරවැසියකු සේ සලකා ලබා දෙන වීසා කාණ්ඩයකි. මෙම වීසා සඳහා ලබාදෙන කාලය අදාළ රට අනුව වෙනස් වේ. කෙසේ උවත් අවම වශයෙන් මාස 6 හෝ මාස 12 වැනි කාල සඳහා මෙම වීසා ලබා දීම සිදුවේ. සමහර රටවල් මෙම වීසා කාලය දීර්ගකිරීමට කටයුතු කරන නමුත් සමහර රටවල් වීසා කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරයි.
LISTEN TO
18032024_Explainer_Final Version image

දියුණු ආර්ථිකයක් තියෙන ඕස්ට්‍රේලියාවේ පාරේ නිදියන තරුණ ජීවිත: කාලීන විග්‍රහය මාර්තු 18

SBS Sinhala

18/03/202406:03
මෙම ඩිජිටල් නොමෑඩ් වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

ඔබ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විදේශීය ජාතිකයෙකු විය යුතු අතර ඩිජිටල් නොමෑඩ් වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහා වෙනත් රටක ලියාපදිංචි වූ ව්‍යාපාරයක් සඳහා දුරස්ථව වැඩ කළ යුතුය. යම් අවස්තාවන් වලදී ස්වයං රැකියා හෝ freelance ලෙස රැකියාවේ නියුතු අයටද මේ සඳහා වීසා ලබාගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව ඔබේ සුදුසුකම් සාමාන්‍යයෙන් ඔබේ ඉතුරුම් ප්‍රමාණය සහ/හෝ ආදායම් මත රඳා පවතී. උදාහරණයක් ලෙස ජපානය පිළිගනු ලබන්නේ අවම වශයෙන් යෙන්(YEN) මිලියන 10 එනම් ඩොලර් (AU) 101,450 ආදායමක් උපයන ඩිජිටල් නොමෑඩ් වීසා අයදුම්කරුවන් පමණි.

සමහර රටවල දී ඔබට පුද්ගලික සෞඛය රක්ෂනාවරණයක් තිබීම අනිවාර්ය වනවා.

ඩිජිටල් නෝමැඩ් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ඔබට කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න අදාළ රට මත රඳා පවතී. කෙසේ උවත් නෝර්වේ රාජ්‍යය ලෝකයේ වඩාත්ම මිල අධික වීසා ගාස්තු අයකරන රටවලින් එකක් වන අතර එය යුරෝ 600 (A$ 988) වේ.

මෙහිදී ඔබට මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග මොනවාද?

විශේෂයෙන්ම ඔබට අධිවෙගී අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වේ. මෙහිදී සමහර රටවල යම් ප්‍රදේශවලදී මේ ආකාරයට අන්තර්ජාල සම්බන්දතා ඔබට නොමැති වීමට හැකියාවක් පවතී.

තවද ඔබේ සමාගම අයිති රටේ වෙලාවට රාජකාරී කිරීමට ඔබට සිදුවිය හැක. මේ නිසා යම් අවස්ථාවල රාත්‍රී කාලයේ ඔබට වැඩ කිරීමට සිදුවිය හැක.

දුරස්ථ රටක සේවයේ නියලීමෙදී ඔබේ පවුලේ අයගෙන් සහ හිතමිතුරන්ගෙන් වෙන්වී කාලය ගතකිරීමට සිදුවීම නිසා මානසික වශයෙන් යම් පීඩා කාරී තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

මේ අතර ඔබ ජීවත්වන රටේ නීතියට ඔබ යටත් වේ. මෙහිදී ඔබට හුරුපුරුදු නීතිමය තත්වයන්ට වඩා වෙනස් නීතිමය රාමුවකට හැඩගැසීමට ඔබට සිදුවිය හැක.

මේ ආකාරයට සේවය කරන ඔබ බදු ගෙවිය යුතුද?

සාමාන්‍යයෙන් මේ ආකාරයට රැකියා කිරීමේදී ඔබ බදු ගෙවිය යුත්තේ ඔබේ සමාගම ලියාපදිංචි වී ඇති රටට පමණි. කෙසේ උවත් සමහර රටවල් ඉතා අඩු බදු ප්‍රතිශතයක් අයකිරීම සිදුකරයි. බාබඩෝස්, ක්‍රොඒෂියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බදු රහිතව මේ ආකාරයට රැකියා කිරීමට අවස්තාව දෙන රටවල් අතරින් කිහිපයකි.

ඔබට ඔබේ පවුල ඩිජිටල් නෝමැඩ් වීසා මත ගෙන ආ හැකිද?

ඔබේ බිරිඳ සහ ළමයින් රැගෙනයාම සඳහා බොහෝ රටවල් වීසා ලබාදීම සිදුකරයි. කෙසේ උවත් ඔබ අවිවාහකනම් ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා සඳහා වීසා නිකුත් කිරීමේදී ඒ සඳහා ඔබ අතරේ පවතින සම්බන්ධතාවය සනාථකිරීමට සාක්ෂි සැපයීමට ඔබට සිදුවිය හැක. මෙහිදී ඔබේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් සඳහා බොහෝ රටවල් වීසා නිකුත් කිරීමක් සිදු නොකරයි.


Share