ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් වසර දෙකකට පසුව ප්‍රථම වරට පහත වැටීමක් වාර්තා කරයි

house prices (1).png

Home value declined 0.1 per cent in the last month of 2023 after prices increased between February 2023 and October 2024. Source: AAP / Andrew Matthews /PA /Alamy

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් වල ඉහල යාමක් පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුනා. වසර දෙකක් පුරාවට පැවති එම තත්වය අවසන් කරමින් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල අගය පහල යාමක් දක්නට ලැබෙනවා.


LISTEN TO
Work from home 2025 pod image

2025 දී ඕස්ට්‍රේලියාවේ working from home නැති වෙයිද? විස්තරේ මෙන්න

SBS Sinhala

31/12/202405:53
දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 0.1%කින් පහත වැටී ඇති බව CoreLogic ආයතනය පෙන්වා දෙනවා. 2023 වසරේ පෙබරවාරි සිට 2024 වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා වන කාලයේ නිවාස මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුණු අතර නොවෙම්බර් මාසයේදී නිවාස මිල ගණන් යම් ස්ථාවර මට්ටමක පැවතුනා.

2024 වසරේ දෙවන භාගයේදී නිවාස මිල ගණන් ඉහල යාම මන්දගාමී වී තිබෙනවා. නිවාස ගැනුම් කරුවන්ට දරාගත නොහැකි තත්වයකට නිවාස මිල ඉහල යාම හේතුවෙන් නිවාස මිලදීගැනීමට ඇති පාරිභෝගික උනන්දුව අඩුවී ඇති බව CoreLogic ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන Tim Lawless පෙන්වා දෙනවා.
පසුගිය කාර්තුවේදී නිවාස මිල ඉහල යාම් අතින් පර්ත් නගරය අභිබවා ඇඩිලේඩ් නගරය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස මිලගනන් පහල යාමේ සාමන්‍යය 0.2%ක් වන බව CoreLogic ආයතනයේ දත්ත හරහා හෙළිවී තිබෙනවා. දෙසැම්බර් මාසයේ විශාලතම නිවාස මිල අඩුවීම මෙල්බර්න් නුවරින් වාර්තා වනවා. එය 0.7%ක් ලෙස වාර්තා වනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාස වෙළඳපොළ වන සිඩ්නි නිවාස වෙළඳපොලහි 0.6%ක මිල අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

කෙසේ උවත් ඇඩිලේඩ් පර්ත් සහ බ්‍රිස්බේන් නගරවල නිවාස මිල ගණන් ඉහල යාමක් වාර්තා වනවා. ඇඩිලේඩ් නගරයේ නිවාස මිල ඉහල යාම 0.6%ක් ද බ්‍රිස්බේන් නගරයේ නිවාස මිල ඉහල යාම 0.5%ක්ද සහ පර්ත් නගරයේ නිවාස මිල ඉහල යාම 0.7%ක් ද ලෙස වාර්තා වනවා.

පසුගිය කාර්තුවේදී නිවාස මිල ඉහල යාම් අතින් පර්ත් නගරය අභිබවා ඇඩිලේඩ් නගරය ඉදිරියට පැමිණ තිබෙනවා. එහි අලෙවිය සඳහා ඉදිරිපත් කරන නිවාස ප්‍රමාණය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස CoreLogic ආයතනයේ Tim Lawless පෙන්වා දෙනවා.

මීට අමතරව ඩාර්වින් නගරයේද නිවාස මිල 0.4%කින් ඉහල ගොස් තිබෙනවා.

කැන්බරා සහ හෝබාර්ට් නගර වල නිවාස මිල ගණන් පහත වටීමක්ද දෙසැම්බර් මාසයේ සිදුවී තිබෙනවා.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් ඉහළයාම කෙබඳුද?

2024 වසරේ ඔස්ට්‍රේලියාව තුල ජාතික නිවාස මිල අගය 4.9%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල $38000කින් ඉහල ගොස් තිබෙනවා. 2023 වසරේ නිවාස මිල 8.1%කින් ඉහල ගොස් ඇති බව CoreLogic ආයතනයේ දත්ත හරහා පෙනී යනවා. ඒ අනුව මේ වසරේ පැහැදිලිවම නිවාස මිල ඉහල යාම මන්දගාමී ඇති බව පෙනෙන්නට තිබෙනවා.


පසුගිය වසරේ නිවාස මිල ගණන් පහල ගිය නගර

  • මෙල්බර්න් - 3% පහත වැටීමක්
  • හෝබාර්ට් - 0.6% පහත වැටීමක්
  • කැන්බරා - 0.4% පහත වැටීමක්

පසුගිය වසරේ නිවාස මිල ගණන් ඉහල ගිය නගර
  • ඇඩිලේඩ් - 13.1%
  • බ්‍රිස්බේන් - 11.2%
  • ඩාර්වින් - 0.8%

ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස මිල පහත වැටීම් කෙබඳුද ?

බටහිර ඔස්ට්‍රේලියාව දකුණු ඔස්ට්‍රේලියාව සහ කුවීන්ස්ලන්තය යන ප්‍රාන්තවල ඇති ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස මිල ගණන් ඉහල යාමක්ද වාර්තා වන බව CoreLogic ආයතනය පෙන්වා දෙනවා.

වික්ටෝරියා සහ නොදර්න් ටෙරිටරියේ ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස මිල ගණන් පහත යාමක් වාර්තා වන අතර එය පිලිවෙලින් 2.7%ක සහ 4.7%ක මිල පහල යාමක් ලෙස වාර්තා වනවා.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




*********************************************************************************

Share

Recommended for you