ඕස්ට්‍රේලියාවේදී ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ප්‍රගුණ කරගන්න උපදෙස්: SBS සිංහල 'Australia Explained'

SG Improving English - letters

School and education concept Source: Moment RF / Nora Carol Photography/Getty Images

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා අවශ්‍යතාවයක් මෙන්ම ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මාර්ගයක් විය හැක. එමෙන්ම එය ඔස්සේ ඔබගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල බොහෝ විකල්ප සහ අවිධිමත් ඉගෙනුම් අවස්ථා පැවතීම හේතුවෙන්, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට බාධා එල්ල විය හැක.


Key Points
  • නොමිලේ තිබෙන apps මෙන්ම online ඔස්සේ තිබෙන ඉගෙනුම් මෙවලම් ඔස්සේ ඔබට පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව පුහුණු විය හැක
  • ඕස්ට්‍රේලියානු රජය මගින් පවත්වාගෙන යනු ලබන "වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන" ඔස්සේ වැඩිහිටි සංක්‍රමණිකයන්ට සහ මානුෂීය වීසා මත පැමිණෙන පිරිසට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට සහාය වේ
  • උපසිරැසි සහිත රූපවාහිනී වැඩසටහන් නැරඹීම සහ audio books වලට සවන්දීම ඔස්සේ ඔබ නොදැනුවත්වම ඔබේ ඉංග්‍රීසි ව්‍යාකරණ වැඩිදියුණු කරයි
ඉංග්‍රීසි භාෂාවේ චතුරත්වය ප්‍රගුණ කිරීම දුෂ්කර කාර්යයක් වන අතර ඕස්ට්‍රේලියානු උච්චාරණය මෙන්ම ඕස්ට්‍රේලියානුවන් භාවිත කරන විවිධ ඉංග්‍රීසි වචන තේරුම් ගැනීම යම් දුරකට දුෂ්කර කාර්යයක් වේ.

(AMEP) නොහොත් "වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහනෙහි" ස්වේච්ඡා උපදේශක සම්බන්ධීකාරක වන Marcella Aguilar පවසන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා පිරිස බොහෝ බාධකවලට මුහුණ දෙන බවයි. භාෂාව සඳහා පවතින "බිය" මේ සඳහා ලොකුම බාධකය වේ.

මෙලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නන් බොහෝ වයස්ගත විය හැකි බවත් එමෙන්ම බොහෝ පිරිසකට නිසි අධ්‍යාපනයක් නොමැති විය හැකි බවත් Marcella කියා සිටී.

කෙසේ නමුත් භාෂා ඉගෙනීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහායන් පවතින අතර වැරදීම් සහිතව හෝ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම ඔස්සේ, නිසි ලෙස අවශ්‍ය පණිවුඩය ලබාදීම වැදගත් වන බව ඇය පෙන්වා දෙයි.

විධිමත් ඉංග්‍රීසි අධ්‍යයනය

ඉංග්‍රීසි භාෂා විද්‍යාලයේ අධ්‍යයන අධ්‍යක්ෂ Alison Lennon පවසන්නේ, "English studies" මුලින්ම ඉගෙනීම ඔස්සේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති වන බවයි.

වඩා විධිමත් ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ලබා ගැනීම ඔස්සේ පුද්ගලයින්ට ඔවුන්ගේ අනාගත රැකියා සහ අනාගත අධ්‍යයන සඳහා ඔවුන්ව ඉතා හොඳින් සැකසීම සිදු කල හැකියි.

එමෙන්ම යම් අවස්ථාවක ඔබේ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රය සඳහාත් ඔබේ ඉංග්‍රීසි ප්‍රවීණතාවය පිළිබඳ සාක්ෂි සැපයීමට අවශ්‍ය විය හැකියි.

වීසා අයදුම්පත් සඳහා ඕස්ට්‍රේලියානු රජය පිළිගන්නා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ කිහිපයක් පවතී. එමෙන්ම ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල, TAFE ආයතන, පෞද්ගලික විද්‍යාල සහ භාෂා මධ්‍යස්ථාන මගින් පහත සඳහන් ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ සිදු කරයි
  • IELTS
  • CAE
  • TOEFL
SG Improving English - woman with laptop
Credit: Westend61/Getty Images/Westend61
ඉංග්‍රීසි භාෂා උපදේශකයෙකු වන Hester Mostert පවසන්නේ මෙම විවිධ විකල්ප සඳහා මුහුණ දෙන විට, ඔබේ අවසාන ඉලක්කය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත් බවයි.

ඇතැම් පිරිසක් සාමාන්‍ය ඉංග්‍රීසි පාඨමාලා හැදෑරීමට කැමැත්තක් දැක්විය හැකි අතර, ඇතැම් පිරිසක් විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීමට අවශ්‍ය වීම මත TOEIC සහ IELTS වැනි ඉංග්‍රීසි භාෂා පාඨමාලා වෙත යොමු වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල TAFE ආයතන හෝ විශ්ව විද්‍යාල වෙත ඇතුලත් විය හැකි ඉංග්‍රීසි භාෂා වැඩසටහන් ඉදිරිපත් කරන පාසල්ද පවතී.

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සපුරාලිය යුතු නිශ්චිත අවශ්‍යතා පවතී. නිදසුනක් වශයෙන්, මොවුන් සතියකට අවම වශයෙන් පැය 20ක කාලයක්, පාසල තුල (face-to-face) පන්ති පැවැත්වෙන භාෂා පාසලකට ඇතුළත් වීම අනිවාර්ය වේ.

ඇතැම් භාෂා පාසල් ඔබව භාෂා ප්‍රවීණතා පරීක්ෂණ සඳහා සූදානම් කිරීම සිදු කරයි.

ඔබ වීසා වෙනස් කිරීමට හෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා ඔබට IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ සහතිකයක් අවශ්‍ය විය හැකි බව Langports හි Alison Lennon පවසයි.

Alison පෙන්වා දෙන්නේ තම අයතනය IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ සඳහා පෙර පුහණුව ලබාදෙන අතර, එමගින් අදාළ පිරිසගේ IELTS පරීක්ෂණයට පෙනී සිටීමට හැකි තාක්‍ෂණ සහ කුසලතා ඉහල දමන බවයි.

The Adult Migrant English Program හෙවත් වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන


ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Adult Migrant English Program (AMEP) හෙවත් "වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන" මගින් වැඩිහිටි සංක්‍රමණිකයන්ට සහ මානුෂීය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට උපකාර කරයි.

මේ සඳහා ඕස්ට්‍රේලියානු රජය අරමුදල් සපයයි.

මෙහි ස්වේච්ඡා උපදේශක යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස, Marcella Aguilar අධ්‍යන කටයුතු සිදු කරන්නන්ට ටියුටර්වරුන් මුණගැස්වීම සිදු කරයි.

Marcella පවසන්නේ මෙම වැඩසටහනට ඔස්සේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට හැකියාව තිබෙන බවයි.

එමෙන්ම සෑම අයකුම දිරිගන්වමින් Marcella කියා සිටින්නේ, සෑම කෙනෙකුම ඔවුන්ගේ ප්‍රදේශයේ විද්‍යාලයට ඇතුළු වීම සිදු කරන ලෙසයි.

SG Improving English - Woman listening to lesson on headphones
A Taiwanese woman is listening to music/a podcast/an audiobook through a pair of white headphones. Credit: Peter Berglund/Getty Images

ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කිරීමට උපදෙස්

Marcella Aguilar ලබාදෙන උපදෙස්:
  • උපසිරැසි කියවමින් Teletext TV නැරඹීම සිදු කිරීමේදී, ඒ සඳහා සවන් දීමෙන් ඔබ ඕස්ට්‍රේලියානු උච්චාරණයට හුරු වී, පොදු ඕස්ට්‍රේලියානු ප්‍රකාශන පළිබඳ දැනුමක් ලබාගැනීම.
  • Duolingo, Bitsboard, Oz Phonics සහ Book Creator වැනි නොමිලේ ඉගෙනුම් apps භාවිතය.
  • සවන් දෙන අතරතුර audio books කියවීම.
Hester Mostert ලබාදෙන උපදෙස්:
  • ඔබ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ ගන්නා විට self-checkouts වෙත නොයාම ඔස්සේ මුදල් අයකැමි සමග කෙටි කතාබහක් ආරම්භ කිරීම.
  • දුරකථනය සමග කාලය ගතකිරීමට වඩා කුලී රථ සහ Uber රියදුරන් සමඟ සම්බන්ධ වීම.
  • ප්‍රජා සහ ක්‍රීඩා කණ්ඩායම් වැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන්, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා පුහුණු කර ඔබේ ප්‍රජාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීම.
SG Improving English - Student with dictionary and textbook
Credit: Image Source/Getty Images

Online ඔස්සේ ඉගෙනීම

ABC සහ SBS මගින් නොමිලේ පිරිනමන Online ඉගෙනුම් මෙවලම් ගවේෂණය කරන්න.

වීඩියෝ සහ පොඩ්කාස්ට් හරහා ඕස්ට්‍රේලියානු සංස්කෘතිය සම්බන්ධයෙන් ඉගෙන ගන්නා අතරතුර ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කිරීමට ඔබට උපකාර කරයි.


කෙටි යෙදුම් වලින් හඳුන්වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ

* International English Language Testing System (IELTS)

* Cambridge English: Advanced (CAE)

* Test of English as a Foreign Language (TOEFL)

Share