Key Points
- මෝටර් රථයක ගමන් කිරීමේදී ළමුන්ගේ ආරක්ෂාවට භාවිතා කරන සියලුම ක්‍රමවේද ඕස්ට්‍රේලියානු ප්‍රමිතියට අනුකූල විය යුතුය.
- කුලී රථ සහ Uber වැනි සේවා සඳහා ළමා ආසන සහ ආසන පටි භාවිතාවට පවතින නීති එක් එක් ප්‍රාන්තය අනුව වෙනස් වේ.
- දරුවා වැඩිහිටි ආසන පටි පලන්දවීමට යොමුකිරීමට පෙර පියවර පහේ පරීක්ෂණය හරහා ඒ සඳහා සුදුසුදැයි පරීක්ෂා කරන්න.
ළමුන්ගේ උස සහ වයස් මට්ටමට ගැලපෙන අයුරින් වාහන වල ගමන් කිරීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීම වත්මන් නීති වලට අනුව අත්‍යවශ්‍ය කාරනාවකි. කෙසේ උවත් වාහන වල ගමන් කිරීමේදී භාවිතාකරන ළමා ආසන වයසට හෝ උසට අනුව වෙනස් කිරීමේදී හෝ ළමා ආසන භාවිතාව නැවත්වීමෙදී බොහෝ දෙමාපියන් ඒ පිලිබඳ ඇති දැනුවත් භාවයේ අඩුකම් දක්වයි.
මෙම අනවබෝදය බොහෝ පවුල් අතර දක්නට ඇති බව මෙල්බර්න් හි Royal Children's ළමා රෝහලේ අධ්‍යක්ෂ වරයා වන සහකාර මහාචාර්ය Warwick Teague පෙන්වා දේ. ඔස්ට්‍රේලියාව තුල ළමා ආසන භාවිතාවේදී අවම නීතිමය තත්වය පමණක් සපුරාලීම වෙනුවට ඒවායේ ආරක්ෂාකාරී භාවය තවදුරටත් ඉහල නැංවීමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Associate Professor Warwick Teague Credit: The Royal Children's Hospital Melbourne
ඕස්ට්‍රේලියාවේ භාවිතාවන සියලුම Car Seats මත ළමයාගේ උරහිසේ උස ලඟාවිය හැකි උපරිම මට්ටම සලකුණු කර ඇත. මෙහිදී එම උස මට්ටම දක්වා ළමයකු ලඟා වනතුරු පවතින ළමා ආසනය භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වේ. මෙහිදී දරුවා සඳහා වෙනත් ආසනයක් භාවිතා කලයුත්තේ දරුවා මුලින් භාවිතාකල ආසනය තුල තවදුරටත් පහසුවෙන් සිටීමට නොහැකි අවස්තාවේදී වේ. මෙහිදී දරුවා සුරක්ෂිතව හොඳින් ළමා ආසනය මත ආරක්ෂාකාරීව සිටීම යන කාරණය සලකා බැලීම වැදගත් වේ.
දරුවාගේ සිරුරට ආසනය හොඳින් ගැලපෙන තාක් කල් ඔවුන් වෙනත් ආසනයකය මාරුකිරීමෙන් තොරව ඔවුන් ආරම්භ කළ මෝටර් රථ අසුනේ තබා ගන්න.Associate Professor Warwick Teague
හැකිතරම් කාලයක් දරුවා වාහනයේ පසුපස දෙසට මුහුණලා සිටින අයුරින් ළමා ආසනය සකස් කර තැබීම නුවනට හුරු වේ. හදිසි අනතුරකදී දරිවාගේ හිස ආසනයට තදවීමක් වන බැවින් දරුවාගේ හිස මත ඇතිවන පීඩනය ආසනය මතට යොමුවී ඇතිවිය හැකි අනතුරුදායක තත්වය අවම වේ. කෙසේ උවත් වාහනයේ ඉදිරිය බලා යන අයුරින් සකස් කරන ළමා ආසන සඳහා තත්වය මීට වඩා වෙනස් වේ. එහිදී ඉදිරියට ඇතිවන පීඩනය හේතුවෙන් එක්වරම දරුවාගේ හිස ඉදිරියට නැවීමක් සිදුවී ශුසුම්නාවට හානි වීමක් සිදුවිය හැක.
පසුපසට මුහුණලා ගමන් කරන කුඩා ළදරුවෙකු ඉදිරි දෙසට මුහුණලා ගමන් කරන කුඩා ළදරුවෙකුට වඩා පස් ගුණයක ආරක්ෂාවක් සැලසේ.Associate Professor Warwick Teague
මෙහිදී පළමු මාසය හය ඉක්මවා තවත් බොහෝ කලක් යනතුරු දරුවා වාහනයේ පසුපසට මුහුණලා සිටින අයුරින් රඳවා තැබීම සිදුකලයුතු බව මහාචාර්ය Teague පවසා සිටී. මෙහිදී වයස මාස 9ක් 12ක් හෝ 15ක් පමණ යනතුරු දරුවා වාහනයේ පසුපසට මුහුණලා සිටින අයුරින් රඳවා තැබීම කලයුතු බව මහාචාර්ය වරයා පෙන්වා දේ.

National child restraint laws Credit: ChildCarSeats
ඔබේ දරුවා නිසි වයසට ලඟා වීමේදී Car seat එක ඉවත්කොට සාමාන්‍ය මෝටර් රථ ආසනයේ ගමන් කිරීමට උනන්දු වනවා විය හැකියි. කෙසේ උවත් දරුවා ඒ සඳහා සූදානම් දැයි නිර්ණය කිරීමේදී විවිද සාධක සැලකිල්ලට ගත යුතු බව මහාචාර්ය Teague පෙන්වා දෙයි. මේ සඳහා five step test ලෙස හඳුන්වන අදියර පහකින් යුත් ක්‍රමවේදයක් පවතී.
- ප්‍රථමයෙන්ම දරුවාට තම පිට ප්‍රදේශය මෝටර් රථ ආසනයේ ස්පර්ශ වන ලෙස හොඳින් වාඩිවීමේ හැකියාව තිබිය යුතු වේ.
- දණහිස් නවා වාඩිවීමේ හැකියාවද තිබිය යුතු වේ.
- ආසන පටිය පැළඳ සිටින විට එහි පහල කොටස දරුවාගේ කලවා ප්‍රදේශය ස්පර්ශ වෙමින් තිබිය යුතු වේ.
- ආසන පටිය පැළඳ සිටින විට උරහිසේ මැදින් සිටින සේ පැවතිය යුතු වේ.
- ගමනාන්තය දක්වාම මේ ආකාරයට ආසන පටිය පැළඳ ආසනයේ වාඩිවී සිටීමේ හැකියාව තිබිය යුතුවේ.
වෘත්තීයමය පළපුරුද්ද ඇති අය විසින් සවිකෙරෙන අනුමත මෝටර් රථ ආසන භාවිතා කරන්න
ඕස්ට්‍රේලියාවේ භාවිතා වන සෑම car seats තුනකින් දෙකක්ම වැරදි ලෙස භාවිතා වන බව මාර්ග ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා වන Bernard Carlon පවසා සිටී. මෙම ආසන වාහනයට සවිකිරීමේදී නිෂ්පාදකයාගේ උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම හෝ මෙම car seats සවිකෙරෙන වුර්තීයමය සේවාවක් ලබාගැනීම කලයුතු බව Bernard Carlon වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙහිදී ඔස්ට්‍රේලියාව පුරාම මේ සම්බ්න්දයෙන් දැනුවත් කිරීම් සිදුවන අතර විශේෂයෙන්ම නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ Car seats සවිකිරීමේ ස්ථාන 300ක් පමණ ඇතිබව ඔහු පෙන්වා දේ. මීට අමතරව විවිද භාෂා වලින් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ car seats මිලදී ගැනීමට මූල්‍ය අපහසුතා ඇති අය සඳහා අවශ්‍ය උපකාර ලබාදීමද සිදුවන බවද Bernard Carlon පවසා සිටී.
ඔස්ට්‍රේලියාව තුල අලෙවිවන සෑම ආසනයක්ම ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට අනුකූල විය යුතු වේ.CEO of Centre for Road Safety, Bernard Carlon
මෙහිදී ඕස්ට්‍රේලියානු ප්‍රමිතිමට්ටම් සඳහා ගැලපෙන ළමා ආසන භාවිතාව ඉතා වැදගත් කරුණක් වේ. විදේශයකදී ඔබ මිලදීගන්නා car seats ඕස්ට්‍රේලියානු ප්‍රමිති තත්වයන්ට නොගැලපෙන ඒවා වීමේ හැකියාවක් පවතී. ඔස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට අනුකූලව නිපදවු ළමා ආසනයක් මිලදී ගැනීම ඉතාවැදගත් වන අතර මාර්ග ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ තත්ත්ව පරීක්ෂාවට ලක්කළ ආසන පිළිබඳව තොරතුරු මෙන්ම භාවිතාවට ඇති පහසුව යන කරුණු සඳහන් කර ඇතිබවද Bernard Carlon පවසා සිටී.
කුලී රථ සහ ubar වැනි සේවාවන් භාවිතාවේදී එක් එක් ප්‍රාන්ත සඳහා පවතින නීති වෙනස් විය හැක. මේ නිසා එම ප්‍රාන්තයට අදාළ නීති සම්බන්දව දැනුවත් වීමද වැදගත් වේ. කෙසේ උවත් මෙවැනි සේවා ලබාගැනීමේදී තම දරුවා වෙනුවෙන් ළමා ආසනයක් අවශ්‍ය බව සඳහන් කර සිටිය යුතු වේ. ඔබ ඔබගේම ආසනයක් රැගෙන යන්නේ නම් එය හොඳින් කුලී රථයට සවි වී තිබේදැයි පිරික්සීම ඉතා වැදගත් වේ. තම දරුවාට ගැලපෙන ආසනය තිබීම සහ එය නිසියාකාරව වාහනයට සවිවී තිබීම යන කාරනා සම්බන්දයෙන් අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් බව Bernard Carlon පෙන්වා දේ
නිරන්තරයෙන් අවශ්‍ය වෙනස්කම් කිරීම ඉතා වැදගත් වේ.
දරුවා සුරක්ෂිතව මෝටර් රථයේ ආසනයට හෝ ළමා ආසනයට සුරක්ෂිතව සම්බන්දවී සිටීදැයි නිරතුරුව පරීක්ෂාකර බැලීම මෙහිදී වැදගත්වේ. විශේෂයෙන්ම දරුවාගේ වර්ධනයත් සමග මෙන්ම දරුවාගේ ඇඳුම් අනුවද දරුවා ආසනයට මනාව සම්බන්දවී තිබීම වෙනස් වීමේ හැකියාව පවතී. මේ නිසා දරුවා හොඳින් ආසනයට සම්බන්ද වී ඇත්දැයි නිරන්තර පරීක්ෂාව හරහා හදිසි අනතුරකදී දරුවාට ඇතිවියහැකි අනතුරු අවම කර ගත හැකියි.
හදිසි වාහන අනතුරක් සිදුවීම හෝ නොවීම අපට පාලනය කල නොහැක. නමුත් වාහනයේ ගමන් කරන සෑම අවස්ථාවකම දරුවා ගේ ආරක්ෂාව සම්බන්දයෙන් සැලකිලිමත් වීම හරහා අනතුරකදී දරුවාගේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ හැකියාව අපට පවතී.

The obligation is on adults to keep children safe in cars. Credit: MoMo Productions/Getty Images
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ මේ සම්බන්දව ඇති නීති පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පහත වෙබ්අඩවි වෙත පිවිසෙන්න.