Key Points
- ඔබේ resume එක මගින් ඔබේ සේවා ඉතිහාසය, අධ්‍යාපනය සහ කුසලතා ලැයිස්තුගත කරයි, එමෙන්ම ඔබේ ජයග්‍රහණ ඉස්මතු කරයි.
- සෑම විටම ඔබගේ resume එක සහ අයදුම් පත අදාළ රැකියාවට අනුකුල වන පරිදි සකස් කිරීම වැදගත් වේ.
- ඔබේ අයදුම්පත්‍රයේ සහ රැකියා සම්මුඛ පරීක්ෂණයේදී, ඔබේ කුසලතා සහ අත්දැකීම් ප්‍රදර්ශනය කිරීමට ක්‍රම සෙවීම වැදගත් වේ.
රැකියාවක් සඳහා අයදුම් කිරීමට යම් ආකාරයක කාලයක් සහ ශක්තියක් වැය වේ, විශේෂයෙන් ඔබ ඕස්ට්‍රේලියාවේ ඔබේ වෘත්තිය ආරම්භ කරන විට මෙය සිදු වේ.
බොහෝ සේවා යෝජකයන්ට ඔබේ රැකියා ඉතිහාසය සහ කුසලතා පිළිබඳ ලිඛිත සාක්ෂි අවශ්‍ය වන අතර එය ඔබට සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආරාධනා කිරීමට පෙර දැනගැනීමට ඔවුනට අවශ්‍ය වේ.
රැකියා පිලිබඳ දැන්වීම කියවන්නේ කෙසේද?
When looking at job ads, it’s important to check whether your chosen industry has any special requirements.
රැකියා දැන්වීම් දෙස බලන විට, ඔබ තෝරාගත් ක්ෂේස්ත්‍රයට විශේෂ අවශ්‍යතා ඔබට තිබේදැයි පරීක්ෂා කිරීම වැදගත් වේ. හි සේවා බෙදා හැරීමේ කළමනාකරු Mandy Ratcliffe පවසන්නේ “ඇතැම් විට ඔවුන්ට Police check එකක් අවශ්‍ය විය හැකි බවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල අයදුම් කරන රැකියාව අනුව Working with Children Check යන සහතිකය අවශ්‍ය විය හැකි බවත් Mandy පවසයි.
ඔබ රැකියා දැන්වීම හොඳින් කියවන බවට වග බලා ගැනීම මීළඟ තීරණාත්මක පියවර වේ.
මෙහිදී අදාළ රැකියා භූමිකාව පිළිබඳව එම දැන්වීම පවසන්නේ කුමක්ද? සේවායෝජකයාට අවශ්‍ය ගුණාංග ඔබ සතුව තිබේද? යන්න ඔබ තේරුම් ගත යුතු වේ.
රැකියාව ඔබට සුදුසු මට්ටම බව සහතික කිරීමට පළමුව රැකියා දැන්වීම ක්ෂණිකව තමාට ගැලපේ දැයි බලන ලෙසත් අනතුරුව එහි ඇති keywords සොයා බලන ලෙසත් Jobspeak Academy හි Natalie Peart කියා සිටී.
ඇය ඕස්ට්‍රේලියාවේ වෘත්තීන් සඳහා ජාත්‍යන්තර වෘත්තිකයන් පුහුණු කිරීම සිදු කරයි.
keywords ඔස්සේ රැකියාවට අවශ්‍ය ලක්ෂණ, කුසලතා, සුදුසුකම් සහ රැකියාවට අවශ්‍ය පළපුරුද්ද අදහස් කරන බව ඇය කියා සිටී.
ඒ ඔස්සේ ඔබට එම කුසලතා තිබෙන බව පෙන්වීමට ක්‍රම ගැන සිතිය යුතු අතර ඔබේ දක්ෂතා උදාහරණ හරහා ඔප්පු කළ යුතු බවත් Natalie පවසයි.
ඔබ ඔබේ resume එකේ සහ cover letter එකේ මෙම උදාහරණ සැපයීම සිදු කල යුතු වේ.

The quickest way an employer can learn about you is by reading your curriculum vitae (cv) or resume. Source: Moment RF / Narisara Nami/Getty Images
ඔබේ resume එක නිර්මාණය කිරීම
යම් සේවා යෝජකයෙකුට ඔබ ගැන දන ගත හැකි ඉක්මන්ම ක්‍රමය වන්නේ ඔබේ curriculum vitae හෙවත් (CV) එක හෝ resume එක කියවීමයි
මෙය ඔබගේ සේවා ඉතිහාසය, අධ්‍යාපනය, කුසලතා සහ ජයග්‍රහණ ලැයිස්තුගත කරන පිටු දෙකක හෝ තුනක ලේඛනයකි. ඔබේ හැකියාවන් ඉස්මතු කිරීමට එය ඔබට අවස්ථාවක් ලබාදේ.
resume එකක් නිර්මාණය කිරීමේදී දැඩි නීති නොමැති අතර ඔබට අනුවාද කිහිපයක් නිර්මාණය කළ හැක.
අදාළ රැකියා භූමිකාව ඉලක්ක කරමින් ඒ සඳහාම මෙය සැකසීම ඔස්සේ හොඳ resume එකක් ඔබට සාදා ගත හැක.
People and Culture වෘත්තීකයකු වන Ravi Moerman පවසන්නේ රැකියා දැන්වීම තුළ දිස්වන භාෂාවම resume එකක් නිර්මාණය කිරීමට භාවිත කරන ලෙසයි.
මේ සඳහා අදාළ රැකියා දැන්වීමේ ඇති වාක්‍ය ඛණ්ඩ සහ keywords ඇතුලත් වේ.
කෙසේ නමුත් ඔබේ resume එක සඳහා ඡායාරූපයක්, උපන් දිනය හෝ ජනවාර්ගිකත්වය ඇතුළත් කිරීමට අවශ්‍ය නැත.
රැකියාවක් සඳහා බඳවාගැනීමේ ක්‍රියාවලියට එවැනි තොරතුරැ අදාළ නොවන අතර මේ ඔස්සේ ඇතැම්විට ඔබ වෙනස්කොට සැලකීමේ තත්වයකට මුහුණදිය හැකි බව Ravi කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ, බොහෝ බඳවා ගැනීමේ ක්‍රියාවලීන්හිදී වයස, ආගම, ශාරීරික හැකියාව හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව විමසීම
resume සඳහා වන බොහෝ සම්පත් සහ templates අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබාගත හැකි අතර AMES Australia සහ Migrant Resource Centers වැනි සංක්‍රමණික සහාය සේවා ඔස්සේ ඔබට ඔබේ resume එක සැකසීමට උපකාර ලබාගත හැක.
Cover letter එකක් සැකසීම
ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයින් සාමාන්‍යයෙන් එක් පිටුවක ලිපියක් හෝ cover letter එකක් ඉල්ලා සිටී. අදාළ රැකියා තනතුරට අයදුම් කිරීමට ඔබව පෙලඹවූයේ කුමක්ද සහ ඔබ එම තනතුරට සුදුසු වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට මේ ඔස්සේ ඔබට අවස්ථාව ලබාදේ.
රැකියා සඳහා බඳවා ගන්නන් බොහෝ cover letter දකින අතර එබැවින් ඔබ ඔවුන්ගේ අවධානය ගැනීමට මේ ඔස්සේ උත්සාහ කල යුතු වේ.

Employers also typically request a one-page letter – or cover letter. Here’s your opportunity to explain what motivated you to apply and why you’re a good fit for the position. Credit: Willie B. Thomas/Getty Images
ඔබ අයදුම් කරන රැකියා දැන්වීම තුළ භාවිතා කරන එකම භාෂාව ඔබේ cover letter එක තුල භාවිත කිරීම ඔස්සේ ඔබ ඒ සඳහා යම් කාලයක් කැප කොට ඇති බව එය බලන පුද්ගලයා තේරුම් ගන්නා බව Ravi කියා සිටී.
තෝරා ගැනීමේ නිර්ණායක මොනවාද?
යම් ප්‍රශ්න ලැයිස්තුවකට හෝ තේරීම් නිර්ණායකවලට ප්‍රතිචාර දැක්වීමට සේවායෝජකයා ඔබෙන් ඉල්ලා සිටිය හැක.
මෙහිදී ඔබට ඔබේ ගුණාංග විස්තර කිරීමට සහ ඔබේ කුසලතා පිළිබඳ උදාහරණ සැපයිය හැකිද? වැනි ප්‍රශ්න අසයි.
මෙලෙස තේරීම් නිර්ණායකවලට ප්‍රතිචාර දැක්වීමට ඉල්ලා සිටියහොත්, ඒ සඳහා ඔබේ cover letter එක වැදගත් වේ.
ඕනෑම තනතුරක් සඳහා බරපතල තරඟකරුවෙකු ලෙස සැලකීමට, ඔබ ඉල්ලා සිටින සියලුම ලියකියවිලි සම්පූර්ණ කළ යුතු වේ.
ඔබගේ ඉංග්‍රීසි දැනුම කොතරම් ප්‍රබල වුවත්, අයදුම් කිරීමට පෙර සියල්ල තවත් අයකුට කියවීමට සැලැස්වීම වැදගත් වේ.
එමෙන්ම ඔබගේ පුද්ගලික තොරතුරු නිවැරදි බවත් ඔබ අයදුම් කිරීමේ අවසන් දිනයට පෙර අයදුම් කරන බවත් සහතික කර ගැනීම වැදගත් වේ.

You may practice answering questions with a friend to best prepare for a job interview. Credit: fotostorm/Getty Images
සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වීම
සෑම කෙනෙකුම තම උපරිම උත්සාහයක් දැක්වුවත්, සේවායෝජකයා සමඟ සම්මුඛ පරීක්ෂණයක් සඳහා වඩාත් සුදුසු අයදුම්කරුවන්ට පමණක් ආරාධනා කරයි.
මේ හේතුවෙන් මේ සඳහා හොඳින් සූදානම් වීම ඉතා වැදගත් වේ.
Natalie පවසන්නේ ඔබ මෙහිදී රැකියා දැන්වීම නැවත කියවිය යුතු අතර, බඳවා ගන්නන්ට අවශ්‍ය සියලු තොරතුරු දැන්වීමේ තිබීම ඊට හේතුව වන බවයි.
එමෙන්ම ඔබේ දක්ෂතා භාවිත කල අවස්ථා පිළිබඳව ඔවුනට සඳහන් කිරීමට ඔබ පෙර සුදානම් විය යුතු අතර ඔබ සේවායෝජකයාගේ වටිනාකම්වලට ගැලපෙන ආකාරය තේරුම් ගත යුතු වේ.
මේ සඳහා මිතුරෙකු සමඟ ප්‍රශ්න වලට පිළිතුරු දීමට පුරුදු විය හැක.
සෑම සම්මුඛ පරීක්ෂණයක්ම වෙනස් වුවත්, ඔබට අන්තර්ජාලය හරහා පොදු ප්‍රශ්න සඳහා උදාහරණ සොයාගත හැක.
Mandy පවසන්නේ ඔබ සම්මුඛ පරීක්ෂණයට යන විට ඔබේ පෙනුම සහ ඇඳුම් පැළඳුම් ඉතා වැදගත් වන අතර, ඔබ හැකි තරම් ආත්ම විශ්වාසයකින් ඔබව නිරූපණය කරන ලෙසයි.
ඕස්ට්‍රේලියානු බඳවා ගන්නන් අව්‍යාජ සන්නිවේදනය අගය කරයි.
අපේක්ෂකයෙකු බඳවා ගැනීමේ විශාලතම තීරණාත්මක සාධකයක් වන්නේ "සේවා ස්ථාන සංස්කෘතික යෝග්‍යතාවය" වන බවට පර්යේෂණ පෙන්නුම් කරන බව Natalie කියා සිටී.
ඔබ ඔවුන්ගේ කණ්ඩායම සමඟ ගැළපීමට හොඳ පුද්ගලයෙක් වනු ඇති බව ඔවුන්ට දැන ගැනීමට අවශ්‍ය වන අතර, එය කිරීමට ඔවුන් ඔබ සැබවින්ම කවුරුන්ද යන්න දැකීමට අවශ්‍ය වන බව Natalie සඳහන් කරයි.

A good employer will follow up an interview with a phone call to offer you constructive feedback. Source: iStockphoto / nortonrsx/Getty Images/iStockphoto
රැකියා පොරොත්තු කාලය
සේවා යෝජකයින් ඔබගේ අයදුම්පත විද්‍යුත් තැපෑල හරහා පිළිගෙන ක්‍රියාවලිය පුරාම ඔබව යාවත්කාලීන කළ යුතු වේ.
ඔබ අසාර්ථක නම්, ඔබට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දිය යුතුය.
හොඳ සේවා යෝජකයෙකු බොහෝ විට ඔබට රැකියාව පිළිබඳ feedback එකක් ලබා දීම සඳහා දුරකථන ඇමතුමක් ඔස්සේ ඔබව සම්බන්ධ කිරීමත් සිදු කරයි.