ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජා තුළ පවුල් ප්‍රචණ්ඩත්වය වළක්වා ගන්නේ කෙසේද? SBS සිංහල Settlement Guide වෙතින්

Services say the lockdown measures are placing women at increased risk.

Source: Press Association

ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රධාන සෞඛ්‍ය සහ සුභසාධන ගැටලු අතර, පවුල්, ගෘහස්ථ සහ ලිංගික හිංසනය ප්‍රධාන ස්ථානයක් ගනී. සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 15 සිට කායික හෝ ලිංගික හිංසනය අත්විඳින බවට සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පවුල් ප්‍රචණ්ඩත්වය ඕනෑම අයෙකුට බලපෑ හැකි නමුත්, සංක්‍රමණික කාන්තාවන් උපකාර ලබා ගැනීමේදී ඔවුනට අමතර බාධක වලට මුහුණ දීමට සිදු වේ.


මෑතක් වන තුරු ඔස්ට්‍රේලියාව තුල පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පුද්ගලික ප්‍රශ්නයක් වශයෙන් සැලකූ අතර, එය සමාජ ගැටළුවක් වශයෙන් නොසලකා තිබේ. නමුත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු සිය පවුලේ සාමාජිකයෙකු අතින් මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල සෑම කාන්තාවන් 06 දෙනෙකුගෙන් එක් අයෙකුම සහ සෑම පිරිමි 18 දෙනෙකුගෙන් එක් අයෙකු තම සහකරු මගින් සිදු වන කායික හෝ ලිංගික හිංසන අත්විඳ තිබේ.

University of South Australia හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයේ ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂඥ ආචාර්ය Nada Ibrahim පවසන්නේ පවුල් ප්‍රචණ්ඩත්වය විවිධ ආකාරවලින් සිදුවිය හැකි බවයි.

එමෙන්ම පවුලේ ප්‍රචණ්ඩත්වයට ගෘහස්ථ පසුබිමක හෝ පවුල් පසුබිමක සිදුවන ඕනෑම ප්‍රචණ්ඩත්වයක් ඇතුලත් වන බවත් Nada පවසයි.

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීමේදී, ඒ සඳහා ශාරීරිකව සිදුවන දෑ පමණක් නොව මානසික අපයෝජන, මූල්‍ය අපයෝජන, හිරිහැර කිරීම හෝ බලහත්කාර වූ පාලනය ඇතුළු තවත් බොහෝ ආකාර ඇතුලත් වේ.

Domestic Violence
Credit: Public Domain
University of South Australia හි ආචාර්ය Nada Ibrahim පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින්ට තවමත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ යල්පැනගිය සංකල්ප පවතින බවයි.

එමෙන්ම යමකු අතින් ප්‍රචණ්ඩත්වය නොදැනුවත්වම ප්‍රකාශ විය හැකි අතර වෙනත් භෞතික ක්‍රමවලින් ඔබ්බට බොහෝ ආකාරවලින් ප්‍රකාශ විය හැකි බවත් ආචාර්ය Nada Ibrahim පවසයි.

එමෙන්ම ඒවා පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා වාචික අපයෝජනය, මානසික අපයෝජනය, මූල්‍ය අපයෝජනය හෝ සමාජ අපයෝජනයන් ඇතුලත් විය හැක.

ඇතැම් අවස්ථාවලදී, ආගමික විශ්වාස හෝ විශාල (විස්තෘත) පවුලක ඇතිවිය හැකි පීඩනය, ගෘහස්ථ හිංසන තත්වයක් දක්වා සංකීර්ණ විය හැක.

පවුල් ප්‍රචණ්ඩත්ව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියව තුල තිබෙන සියලුම නියෝජිතායතන වලට, විවිධ සංස්කෘතික පසුබිම් පිළිබඳව කටයුතු කිරීමට හැකියාවක් නොපවතී.

නමුත් inTouch වැනි සංවිධාන සංක්‍රමණික සහ සරණාගත ප්‍රජා පවුල් ප්‍රචණ්ඩත්ව ගැටළු පිළිබඳ විශේෂත්වයක් උසුලයි.

Anu Krishnan, Kulturebrille උපදේශන සමාගමෙහි අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කරයි. Kulturebrille සමාගම සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ පිරිසගේ පවුල් ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සහ වෙනත් ගැටළු සම්බන්ධයෙන් වඩා හොඳින් සම්බන්ධ වීමට ආයතනවලට උපකාර කරයි.

ඇය අනතුරු අඟවා සිටින්නේ, යමකු තම රටේ සිට වෙනත් රටකට සිදුකරන සංක්‍රමණයකින් අනතුරුව ඇතිවන පීඩනය ඇතැම් අවස්ථාවලදී ගෘහස්ථ හිංසනය සඳහා හේතු විය හැකි බවයි.

ඔවුන්ට නව සංස්කෘතියක් සහිත රටක ජීවිතයට මුහුණ දීමේ අමතර ආතතිය, රැකියා අවස්ථා සහ තම මව් රටට වඩා වෙනස් ස්ත්‍රී පුරුෂ සමතාවය වැනි ගැටළු මේ සඳහා හේතු විය හැකි බවත් Anu Krishnan පෙන්වා දෙයි.

PICTURE POSED BY MODEL A shadow of a man with a clenched fist as a woman cowers in the corner.. Picture date: Monday March 9, 2015. Photo credit should read: Dominic Lipinski/PA Wire
Source: Press Association
සමස්ත ප්‍රජාව සඳහාම සම්බන්ධ වූ විට, පවුල් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ ඵලදායීතාවයක් තිබෙන බව පෙන්වා දෙමින් Kulturebrille උපදේශන සමාගමෙහි අධ්‍යක්ෂවරිය වන Anu Krishnan පවසන්නේ වැඩි සහායක් තිබීම ඔස්සේ කාන්තාවන් උපකාර ඉල්ලා සිටීම සඳහා නිර්භීත වන බවයි.

එමෙන්ම විවිධ ප්‍රජා සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් අවශ්‍ය වන අතර සහකරු මගින් සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කිරීමට ඔවුන් පෙළඹවියයුතු බවත් Anu පවසයි.

සංක්‍රමණික කාන්තාවන් ඔවුන් මුහුණ දෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් උපකාර ලබා ගැනීමට උත්සාහ කරන විට ඔවුන් අමතර බාධකවලට ද මුහුණ දෙන බව Anu Krishnan පෙන්වා දෙයි. ඔවුන් බොහෝ විට හුදකලා වන අතර උපකාර පැතිය යුත්තේ කාගෙන්දැයි නොදනී.

සංක්‍රමණික ප්‍රජා වල කාන්තාවන් බොහෝ පිරිසක් මෙවැනි ගැටලු වාර්තා කිරීමෙන් අනතුරුව ඔවුනට යාමට සිදු වන

"කාන්තා නිවාස" වැනි ස්ථාන සම්බන්ධයෙන් චකිතයක් පවතී.

එමෙන්ම ඔවුන් මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමට බිය වන අතර, බොහෝ වීසා ගැටලු සහ ජීවන වියදම් ගැටලු තිබීම හේතුවෙන් අඛණ්ඩව තම සහකරු මත යැපීමට පෙළඹේ. එමෙන්ම බොහෝ අවස්ථා වලදී ඔවුනට ළමුන් රැගෙන යාමට හැකියාවක්ද නොපවතී.
Wendy Lobwein, නව සංක්‍රමණිකයින් හට සහාය දක්වන සංවිධානයක් වන AMES Australia සංවිධානයේ කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වශයෙන් කටයුතු කරයි.

ඇය පවසන්නේ මෙම මුලපිරීම් සඳහා පිරිමි පාර්ශවයද ඇතුළත් කර ගැනීම ඉතා වැදගත් වන බවයි.

පිරිමින් සහ කාන්තාවන් අතර ගෞරවනීය සබඳතා සහ කාන්තාවන් කෙරෙහි ගෞරවනීය ආකල්ප වෙනුවෙන් පෙනී සිටීමට පිරිමින්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් Wendy පවසයි.

පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන සංක්‍රමණික කාන්තාවන් සඳහා මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල සේවා කිහිපයක් තිබේ.

මේවායින් බොහොමයක් ඔස්සේ විවිධ භාෂාවලින් සහාය ලබා දීම සිදු කරන අතර ඒ සඳහා පරිවර්තන සේවා පවතී.
Woman makes stop gestures
Source: Moment RF

ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජන අත්විඳී නම්, ඔබට එම ගැටලුව ඔබේ වෛද්‍යවරයාට වාර්තා කළ හැකි අතර, එවිට ඔබට උපදෙස් දීමට සහ ඔබව අදාළ සේවා වෙත යොමු කිරීමට වෛද්‍යවරයාට හැකියව පවතී.

නමුත් ඔබට යම් හෙයකින් හදිසි උපකාර අවශ්‍ය නම්, 000 ඇමතීමට පසුබට නොවිය යුතු බව AMES Australia හි Wendy Lobwein පවසයි.

කෙසේ නමුත් බොහෝ කාන්තාවන් මේ සඳහා පොලිසිය සම්බන්ධ වීම ගැන බියක් දක්වන අතර, ඒ ඔස්සේ තම විවාහය සහ පවුල බිඳවැටීම සිදු වෙතැයි බියකින් පසුවේ.

නමුත් මෙවැනි දේ සඳහා නිසි ලෙස සහ ආරක්ෂිතව ප්‍රතිචාර දැක්වීමට ඔස්ට්‍රේලියාව තුල පොලීසිය පුහුණු වී ඇති බව Wendy පෙන්වා දෙයි.

උපකාර ලබා ගත හැකි ස්ථාන:

  • ඔබ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම් හෝ ඔබ දන්නා අයෙකු පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම්, උපකාර ලබා ගැනීමට අමතන්න.
  • ඔබට මානසික සහය අවශ්‍ය නම්, 13 11 14 ඔස්සේ හෝ 1800 22 46 36 ඔස්සේ සම්බන්ධ කර ගත හැක.
  • ඔබට පරිවර්තන සේවා අවශ්‍ය නම්, 13 14 50 අමතන්න.
SBS ත්‍රාසජනක කතා මාලාව Safe Home, මැයි 11 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට SBS සහ ඔස්සේ.

Safe Home යනු පවුල් ප්‍රචණ්ඩත්වයේ පසුපස කතාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන තිර නාටකයකි.

සහාය ලබාගැනීමට වන අතිරේක සම්පත්:


Share