ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව ප්‍රධානම තුරඟ තරඟ වලින් එකක් වන "Melbourne Cup" හි නුදුටු පැත්ත SBS සිංහල වෙතින්

Melbourne Cup

Source: AAP

Melbourne Cup හෙවත් "මෙල්බර්න් කුසලානය" යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ තුරඟ තරඟයයි. එය ඓතිහාසිකමය වශයෙන් විශාල ජනකායක් ආකර්ෂණය කොට ඇති නමුත්, එය ඕස්ට්‍රේලියාවේ ධාවන තරඟ ක්ෂේස්ත්‍රය තුල ආචාර ධර්ම මෙන්ම සතුන්ට සැලකීම පිළිබඳව ගැටළු මතු කොට තිබේ.


Key Points
  • මෙල්බර්න් කුසලාන දිනය වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ නිවාඩු දිනයක් වන අතර එය නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනට යෙදේ
  • මෙල්බර්න් කුසලානය සම්ප්‍රදායෙන් පොහොසත් නමුත් ඒ හා සම්බන්ධ මහජන මතය වෙනස් වේ
  • සත්ව සුභසාධනය සහ ලාභය සඳහා අශ්වයින් පැදීමේ ආචාර ධර්ම පිළිබඳව මෙල්බර්න් කුසලානය සඳහා විවේචනයට එල්ල වෙමින් පවතී
  • මෙල්බර්න් කුසලාන දිනය යනු ඕස්ට්‍රේලියාවේ විශාලතම එක්දින සූදු ඉසව්ව වශයෙන් සැලකේ
නොවැම්බර් මාසයේ පළමුවන අඟහරුවාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන තුරඟ තරඟය වන Melbourne Cup තරඟය නැරඹීමට බොහෝ පිරිසක් එක්වේ.

Melbourne Cup ඕස්ට්‍රේලියානු "ධාවන දින දර්ශනයේ" විශේෂත්වයක් උසුලන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ඉසව්වක් වේ. මෙම දිනය වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.

Victoria Racing Club හි සභාපති Neil Wilson පවසන්නේ මෙය ඇත්ත වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ සංස්කෘතියේ සහ කොටසක් වන බවයි.

එමෙන්ම මෙම තරඟාවලිය ලෝක යුද්ධ සමයේදී , ඕස්ට්‍රේලියාවේ වඩාත් පීඩාකාරී කාලසීමාව තුලදී මෙන්ම COVID වසංගත සමයේදී පවා අඛණ්ඩව පැවැත්වින.

Neil පෙන්වා දෙන්නේ මෙහි වසර 162ක ඉතිහාසයක් පවතින අතර, එම ඉතිහාසය පුරා මෙම තරඟය Grand Prix හෝ ටෙනිස් grand slams වැනි ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සමඟ සැසඳිය හැකි මට්ටමකට වර්ධනය වී ඇති බවයි.

රටවල් 160 ක ප්‍රේක්ෂක පිරිසක් මේ සඳහා සිටින අතර මිලියන 750 කට ආසන්න ජනතාවකට මේ සඳහා ප්‍රවේශ විය හැක.

නමුත් බොහෝ ඕස්ට්‍රේලියානුවන් මෙම Melbourne Cup සමරන අතරේ, බොහෝ පිරිසක් ඊට දැඩි ලෙස විරුද්ධ වීමද දක්නට ලැබේ.
SG MELBOURNE CUP racegoers
Racegoers cheering during Melbourne Cup Day, at Flemington Racecourse. Source: AAP / JAMES ROSS/AAPIMAGE
Kristin Leigh රේස් අශ්වයන් ආරක්ෂා කිරීම සඳහා වූ සන්ධානයේ සන්නිවේදන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි. මේ ඔස්සේ දශකයකට වැඩි කාලයක් තිස්සේ ‘Nup to the Cup’ නමින් විරෝධතා සිදු කරයි.

Kristin පවසන්නේ මූල්‍යමය වාසි තකා සතුන්ට සැලකීම සහ සූරාකෑම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි.

Melbourne Cup දිනය බොහෝ විට අප එකට එකතු වී සමරන දිනයක් ලෙස සලකනු ලැබේ, නමුත් එය නිවැරදි නැතැයි Kristin පෙන්වා දෙයි.

RACING MELBOURNE CUP PROTESTS
Animal rights activists regularly protest Melbourne Cup Day. Source: AAP / SCOTT BARBOUR/AAPIMAGE

මෙල්බර්න් කුසලානයේ වැදගත්කම

Melbourne Cup තරඟය යනු වික්ටෝරියා හි Flemington තුරඟ තරඟ පිටියේ පැවැත්වෙන කුසලාන දිනයේ හත්වන තරඟයයි. එය සතියක් පුරා පැවැත්වෙන Melbourne Cup Carnival හි කේන්ද්‍රස්ථානය වන අතර Spring Racing Carnival හි විශේෂ අවස්ථාවක් වශයෙන් සැලකේ.

නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා සවස 3 ට, මිලියන ගණනක් තරඟය නැරඹීම සඳහා එක්වේ.

Neil පවසන්නේ, එකල ඕස්ට්‍රේලියාවේ සිටින සියල්ලන්ම මෙම තරඟය නැරඹීම සඳහා සියලු වැඩකටයුතු නවතා දැමීමක් දක්නට ලැබුණු හෙයින් මෙය 'ජාතියක් නවත්වන තරඟය' ලෙස හැඳින්වෙන බවයි.

සෑම වැඩිහිටියන් දෙදෙනකුගෙන් එක් අයකුම සාමාන්‍යයෙන් නතර වී තරඟයට සවන් දීම හෝ නැරඹීම සිදු කරයි.

මෙදින Flemington ධාවන පථය වෙත 300,000 පමණ පිරිසක් ආකර්ෂණය වීම සිදු වේ.

විලාසිතා මෙම උත්සවයේ ඉතා විශාල කොටසක් වේ, එබැවින් මේ සඳහා සහභාගී වන්නන් මෙදින ඔවුන්ගේ තොප්පි සහ ඔවුන්ගේ අලංකාර ඇඳුම් වලින් සැරසීම සිදු කරයි.

SG MELBOURNE CUP Quantico
Jockey Kerrin McEvoy (left) rides Quantico to victory in race 10, MSS Security Sprint during Melbourne Cup Day, at Flemington Racecourse, Melbourne, Tuesday, November 2, 2021. Source: AAP / JAMES ROSS/AAPIMAGE

මෙල්බර්න් කුසලානය සහ සූදුව

Melbourne Cup තරඟය යනු ලෝකයේ ධනවත්ම තරඟ වලින් එකක් වශයෙන්දැක්වේ. මෙම වසරේදී මෙම කුසලානයේ වටිනාකම ඩොලර් මිලියන 8 ක් වූ අතර ජයග්‍රාහකයාට ඩොලර් මිලියන 4 ක් සහ ඩොලර් 250,000 ක කුසලානයක් ලැබේ.

මෙම කුසලාන දිනය ඕස්ට්‍රේලියාවේ විශාලතම එක්දින සූදු ඉසව්ව ද වේ. වසරකට වරක් පුද්ගලයින් ඔට්ටු ඇල්ලීම සිදු කරයි.

Melbourne Cup තරඟය වික්ටෝරියානු ආර්ථිකය නංවන නමුත් එය ඕස්ට්‍රේලියාවේ බරපතල ගැටළුවක් වී ඇති, සූදු ක්‍රීඩාවේ වියදමින් සිදු කරන බව රේස් අශ්වයන් ආරක්ෂා කිරීම සඳහා වූ සන්ධානය තර්ක කරයි.

පසුගිය වසර 10 තුළ ඔට්ටු ඇල්ලීමේ පිරිවැටුම දෙගුණ වී තිබේ. සෑම වසරකම thoroughbred අශ්වයින්ගේ ධාවන තරඟ සඳහා පමණක් ඩොලර් බිලියන 29ක් සූදු වශයෙන් වියදම් වීම සිදු වේ. Kristin පෙන්වා දෙන්නේ තුරඟ තරඟ අශ්වයන්ට පමණක් නොව මිනිසුන්ටත් අයහපත් වන බවයි.

මෙම තුරඟ තරඟ සඳහා විරුද්ධ වන්නේ ඇයි

සත්ව සුභසාධනය, අභිජනන ක්‍රියාවලීන් සහ කුරිරු පුහුණු පිළිවෙත් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, තුරඟ තරඟ කර්මාන්තය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.

එසේම, ධාවන සහ කස පහර දීමේ ශිල්පීය ක්‍රම සතුන්ට බලපාන ආකාරය සහ තුවාල වූ රේස් අශ්වයන් නිතර මරා දැමීම සම්බන්ධයෙන් සදාචාරාත්මක සලකා බැලීම් තිබෙන බව මේ සම්බන්ධයෙන් සටන් කරන්නන් පවසයි.

පසුගිය වසර 10 තුළ, Melbourne Cup තරඟ දිනයේදී ෆ්ලෙමින්ටන්හිදී අශ්වයන් අට දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර

මෙම තුරඟ තරඟ ක්ෂේස්ත්‍රයේ සිදුව ඇති සත්ව මරණ සංඛ්‍යාව පිළිබඳව මහජනතාව නොදන්නා බව Leigh පවසයි.

සාමාන්‍යයෙන් දින 2.5කට වරක් ඕස්ට්‍රේලියානු තුරඟ තරඟ ක්ෂේස්ත්‍රයේ අශ්වයෙකු මරා දැමීම සිදු වේ. තවත් දහස් ගණනක් තුවාල ලැබූ අශ්වයින් ධාවන පථයෙන් ඉවතට ගෙන ගොස් මරා දමන අතර, ඔවුන් පිළිබඳව කිසිවකුත් නොදන්නා බව Leigh පවසයි.

කෙසේ වෙතත්, Neil සත්ව සුභසාධනය පිළිබඳ ගැටළු වර්ධනය වෙමින් පවතින බව සඳහන් කලද මෙල්බර්න් කුසලානය ආරක්ෂා කරයි.

ඔහු පවසන්නේ මෙම අශ්වයින් ඉතා යහපත් ලෙස රැකබලාගැනීම සිදු වන අතර ඒ සම්බන්ධයෙන් මිනිසුන් සැබවින්ම අගය නොකරන බවයි.

ඔවුනට පශු වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් ඇතුලු සතුන්ට සාත්තු කිරීමට බොහෝ පිරිසක් සිටින බවත් Neil පවසයි.
MELBOURNE CUP PROTEST
Animal activists stage protests with mock fashion and fake races during Melbourne Cup Day. Source: AAP / DAVID CROSLING/AAPIMAGE
Racing Victoria හි පශු වෛද්‍ය සේවා සාමාන්‍යාධිකාරී වෛද්‍ය Grace Forbes පෙන්වා දෙන්නේ තුවාල ලැබූ අශ්වයින්ගේ අනුපාතය අවම කිරීම සඳහා තම කණ්ඩායම නව පශු වෛද්‍ය ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කර ඇති බවයි.

thoroughbred අශ්ව රේසිං සඳහා ගෝලීය වශයෙන් හොඳම ආරක්ෂක වාර්තාවක් අප සතුව තිබුණද, එය වඩාත් හොඳ කිරීමට උත්සාහ කරන බවත් Grace පවසයි.

Victorian Spring Racing Carnival සැණකෙළිය ආරම්භ වීමට පෙර අශ්වයන්ගේ ආතති අස්ථි බිඳීම් හඳුනාගැනීම සඳහා නවීනතම සම්පූර්ණ ශරීර CT ස්කෑනරයක් ඔවුන් මිලදී ගෙන තිබේ.

ඇය පවසන්නේ මෙම නව යන්ත්‍රය සමඟින් අශ්වයින් සිටගෙන සහ අවදිව සිටින විට ඉතා සවිස්තරාත්මකව ස්කෑන් කිරීම් සිදු කිරීමට හැකි වන බවයි.

Melbourne Cup winner Stakes Day
Thoroughbreds are a type of horse breed known for their fast running speed. They can maintain speeds between 60 to 70 km/hr. Source: Getty / Getty Images AsiaPac

කුමන අශ්වයන්ට තරඟ කළ හැකිද?

මීටර් 3200 ධාවන පථය ධාවනය කිරීම සඳහා thoroughbred අශ්ව ක්‍රීඩකයින් 24 දෙනෙකු සුදුසුකම් ලබයි. thoroughbred යනු ධාවනයට නැඹුරුතාවයක් ඇති අශ්ව අභිජනනයකි.

මෙම තරඟය සඳහා යොදවන අශ්වයන් අවම වශයෙන් අවුරුදු තුනක් විය යුතු අතර දැඩි බර නිර්ණායක සපුරාලිය යුතු වේ.

Melbourne Cup තරඟයේදී අශ්වයන් ඔවුන්ගේ ආරම්භක බර, වයස සහ පෙර කාර්ය සාධනය මත පදනම්ව අමතර බරක් දරයි. මේ ආකාරයෙන් සෑම අශ්වයෙකුටම ජයග්‍රහණය කිරීමට සමාන අවස්ථාවක් තිබේ.

1930 වසරේදී ජයග්‍රහණය කල Phar Lap මෙම තරඟාවලියේ වඩාත් ප්‍රසිද්ධ වූ අශ්වයා වෙයි. එම අශ්වයාගේ උරුමය කෙතරම් ස්ථිරද යත් Phar Lap මෙල්බර්න් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර Phar Lapගේ හදවත කැන්බරා හි සංරක්ෂණය කොට තිබේ.

_______________________________________________________________________________________________


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


_______________________________________________________________________________________________


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න


_______________________________________________________________________________________________

Share