ඔස්ට්‍රේලියාවේ මුහුණ දෙන බාධක සහ ගැටළු ගැන තම මව් භාෂාවෙන්ම රජයට කියන්න සංක්‍රමණිකයින්ට දැන් අවස්ථාවක්

Migrants now have a chance to tell the government in their native language about the barriers they face in Australia

Migrants now have a chance to tell the government in their native language about the barriers they face in Australia Source: SBS / Aaron Hobbs

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Multicultural Framework Review හෙවත් බහු සංස්කෘතික සමාලෝචනය සඳහා අදහස් සහ පැමිණිලි ලබාගැනීම විවෘත කර ඇති අතර, එහි වැදගත් පියවරක් ලෙස, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සියලු භාෂාවලින් එම යොමු කිරීම් පිළිගනු ඇත.


ඉතිහාසයේ පළමු වතාවට සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු තමන් මුහුණ දෙන බාධක සහ ගැටළු පිළිබඳව රජයට අනතුරු ඇඟවීමට තමන්ගේ මව් භාෂාව භාවිත කළ හැකිය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේහෙවත් බහු සංස්කෘතික සමාලෝචනය සඳහා අදහස් සහ පැමිණිලි ලබාගැනීම විවෘත කර ඇති අතර, එහි වැදගත් පියවරක් ලෙස, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සියලු භාෂාවලින් එම යොමු කිරීම් පිළිගනු ඇත.
LISTEN TO
chat GPT int  image

"ChatGPT" වල සහායෙන්, ඕස්ට්‍රේලියාවේ පහසුවෙන් රැකියා සොයාගන්නේ මෙහෙමයි

SBS Sinhala

09:33
ප්‍රතිපත්ති සම්පාදකයින්ට දැනට "නොපෙනෙන" බාධක සහ ගැටළු දැනගැනීමට මෙම පියවර රජයට උපකාරී වනු ඇතැයි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles බලාපොරොත්තු වේ.

මෙවැනි ආකාරයේ සමාලෝචනයක් ඔස්ට්‍රේලියාවේ පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: 

SBS සිංහල Facebook පිටුව: 

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සංක්‍රමණිකයන්ගේ අත්දැකීම් සහ ඔවුන්ට ඔස්ට්‍රේලියානු සමාජයට ඒකාබද්ධ වීමට ඇති ආකාරය පිළිබඳ ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මෙහිදී තොරතුරු ගවේෂණය කරනු ඇත.

මෙම සමාලෝචනය පිළිබඳ තොරතුරු පොදුවේ ඔස්ට්‍රේලියාව තුළ කතා කරන භාෂා 35 කින් ද ලබා ගත හැකි වනු ඇත. 
LISTEN TO
485 visa  Podcast Web image

ඔස්ට්‍රේලියාවේ ඕනෑම Course එකක් කෙරුවොත් 485 වීසාවල post-study work කාලය දීර්ග කරගන්න පුළුවන්ද?

SBS Sinhala

05:56

මෙම සමාලෝචනය කුමක්ද?

බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාවේ වත්මන් සහ අනාගත අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා, මෙම සමාලෝචනය වත්මන් ෆෙඩරල් නීති සම්පාදනය සහ උපාය මාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

මේ සඳහා පහත සඳහන් ප්‍රධාන පිරිස් වෙතින් අදහස් සහ යෝජනා ලබාගනී:
  • සංක්‍රමණික පවුල් පසුබිමකින් පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්
  • ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයින් සහ විදේශයන්හි උපන් අය
  • සරණාගතයින් සහ මානුෂීය වීසා ලබා පැමිණි අය
  • ස්ථිර සහ තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්
LISTEN TO
T B Ellies Web image

ගාල්ලෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ මුතුවලින් ලෝකයම හොල්ලපු T.B. එළියස් හෙවත් "මුතු දොස්තර" ගැන SBS සිංහල හෙළිදරව්ව

SBS Sinhala

17:07
මෙම සමාලෝචනය සඳහා පහත ඒවා ද ඇතුළුව සංක්‍රමණිකයින් සහ බහුසංස්කෘතික ප්‍රජාව සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රශ්න ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය:
  • රැකියා වෙළඳපොළට පිවිසීමට සහ කුසලතා වර්ධනය කරගැනීමට ඇති බාධා
  • ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා ඇති සේවාවල ගුණාත්මකභාවය
  • සංස්කෘතිකමය වශයෙන් සුදුසු aged care සහාය


මේ සඳහා අදහස්, පැමිණිලි සහ යෝජනා ඉදිරිපත් කිරීම් සැප්තැම්බර් 29 වන දින අවසන් වනු ඇති අතර මෙම සමාලෝචනයේ අවසන් වාර්තාව ලබන වසර මුලදී මධ්‍යම රජයට බාර දීමට අපේක්ෂා කෙරේ.

Share