අපරාධවලට ගොදුරු වූවන්ට සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන නීති සම්පාදනය ගැන සාකච්ඡා කරන මහජන විභාගයක් උතුරු ක්වීන්ස්ලන්තයේ පසුගියදා පැවැත්විණ.
තරුණ පිරිස සිදු කරන අපරාධවලට මුහුණ දුන් උතුරු ක්වීන්ස්ලන්ත වැසියන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.
එක් කාන්තාවක කියා සිටින්නේ තරුණ අපරාධකරුවන් තම මෝටර්රථය සොරකම් කළ අතර ඔවුන් සැඟවී සිටීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.
මෝටර් රථය සොරකම් කර පැය 24 ක් ඇතුලත ඔවුන් මෝටර් රථයේ නලාව නාද කරමින් තම නිවස පසුකර ගිය බවත් ඇය පවසයි.
තවත් තරුණ අපරාධ වලට ගොදුරු වූ අයකු කියා සිටින්නේ , තරුණ පිරිසක් සන්නද්ධව තම නිවසට ඇතුළු වූ බවයි.
එහිදී තමා අවදි වූ බවත් ඔවුන් තම බිරිඳ දෙසට බැටන් පොලු සහ පිහි දිගුකරගත් අවුරුදු 12, 13 පිරිමි ළමයකු දුටු බවත් ඔහු පවසයි.
ප්‍රාන්ත රජයේ යෝජිත ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Townsville හි "Making Queensland Safer" සම්බන්ධයෙන් public hearings ගණනාවක් පවත්වා තිබේ.
මිනීමැරුම්, බරපතල පහරදීම් හෝ අනවසරයෙන් පෞද්ගලික ස්ථාන වලට කඩාවැදීම් වැනි අපරාධවලට වැරදිකරුවන් වූ තරුණ පිරිසට වැඩිහිටියන්ට සමාන දඬුවම් ලබාදීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.
ක්වීන්ස්ලන්ත අගමැති David Crisafulli තරුණ අපරාධකරුවන් සඳහා තම රජය යෝජිත නව නීති ආරක්ෂා කර ඇත.
ප්‍රාන්ත අගමැති David පවසන්නේ මේ වනවිට ප්‍රාන්තය තුල තරුණ අපරාධ ගැටලුවක ති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවයි.
ලිබරල් සන්ධානය මගින් පසුගිය සතියේදී ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුවට නීති ඉදිරිපත් කිරීම සිදු කොට තිබේ.
බ්‍රිස්බේන්හි පාර්ශවකරුවන් ඒ ගැන අසතුටට පත්ව සිටී.
Ruby Wharton යනු Sisters Inside ස්වාධීන සංවිධානයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියයි.
Ruby පවසන්නේ මේ සම්බන්ධයෙන් මීට වඩා මැදිහත්වීමක් සිදු විය යුතු අතර ඒ සඳහා තවත් සම්පත් තිබිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ද මෙම නීති සම්පාදනය දැඩි ලෙස විවේචනය කොට තිබේ.
එක්සත් ජාතීන් මෙම තීරණය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් ලෙසත් "ළමා අයිතීන් නොසළකා හැරීමක්" ලෙසත් පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන Ann Skelton මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයා, පනත් කෙටුම්පතට සහය දක්වන අතර ඔවුන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වගන්ති කිහිපයක් ඇතුළුව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සිදු වනබව පිළිගන්නා බවයි.
නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නීතිපති Deb Frecklington පවසන්නේ ක්වීන්ස්ලන්ත මානව හිමිකම් පනත අභිබවා යමින් ප්‍රාන්ත රජය නීති සම්පාදනය ඉදිරියට ගෙන යනු ඇති බවයි.
යුක්තිය, අඛණ්ඩතාව සහ ප්‍රජා ආරක්ෂාව පිළිබඳ කමිටුව ලබන සතියේදී ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය වේගවත් කර විවාදයට ගැනීමට පෙර සිකුරාදා දවසේදී සිය වාර්තාව සභාගත කිරීමට නියමිතව තිබේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************