ඕස්ට්‍රේලියාවේදී ඔබ පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් ගැන සලකා බැලිය යුතුද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

Doctor and patient in conversation in hospital hallway

Private health insurance (PHI) gives access to more comprehensive health services outside the public system. Credit: Solskin/Getty Images

ඕස්ට්‍රේලියානුවන්ට ගුණාත්මක සහ දැරිය හැකි මහජන සෞඛ්‍ය සේවා පද්ධතියකට ප්‍රවේශය හිමිව පවතී. පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් සඳහා මුදල් ගෙවීමේ විකල්පය ද තිබෙන අතර රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන විට මේ ඔස්සේ කෙටි පොරොත්තු කාලයන් රැඳී සිටීමට සහ වැඩි වෛද්‍යවරුන් සංක්‍යාවක් තේරීමට ඉඩ සලසයි.


Key Points
  • පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය ඕස්ට්‍රේලියානු මහජන සෞඛ්‍ය පද්ධතිය මත පවතින බර අඩු කරයි
  • පුද්ගලික සෞඛ්‍ය ආවරණය ඔස්සේ රෝහල් සහ විශේෂඥයින් හමුවීම සඳහා කෙටි පොරොත්තු කාලයන් සහ නිශ්චිත සෞඛ්‍ය සේවා සඳහා වට්ටම් ලබාදීම සිදු කරයි
  • පෞද්ගලික සෞඛ්‍ය අරමුදල්වලට සම්බන්ධ වීමට රජය දිරිගැන්වීම් ලබා දෙයි
ඕස්ට්‍රේලියාව තුල ලොව වඩා හොඳ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් පවතී, Medicare සහ රජයේ රෝහල් මගින් නොමිලේ හෝ අඩු වියදම් සෞඛ්‍ය සේවා සැපයීම සිදු කරයි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය සේවා ඇතැම් විට ඉල්ලීම් සපුරාලීමට අරගල කරන අතර එය පුද්ගලික සෞඛ්‍ය පද්ධතිය සමඟ එක්ව ක්‍රියා කරයි.

සැසඳීමේ වෙබ් අඩවියක් වන Finders හි රක්ෂණ විශේෂඥ Tim Bennett කියා සිටින්නේ Medicare අපව ජීවත් කරවන නමුත් එය සියල්ල ආවරණය කිරීමට අරගල කරන බවයි.

පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය මගින් සිදු වන්නේ Medicare ලබා ගත හැකි පුද්ගලයින්ට එවැනි පුද්ගලික රක්ෂණ තෝරාගැනීමට ඉඩ ලබා දී Medicare සඳහා වන බර අඩු කිරීම වන බව Tim කියා සිටී.

පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය මගින් දන්ත වෛද්‍ය සේවා, දෘශ්‍ය සත්කාර, භෞතචිකිත්සාව සහ ගිලන් රථ වැනි පොදු පද්ධතියෙන් පිටත සහ වඩාත් පුළුල් සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය ලබා දේ.

නමුත් මේ සඳහා ගාස්තුවක් ගෙවීමට සිදු වේ.
Close up of man filling in medical insurance form
There are no gap fees if you’re treated in a public hospital; however, you might encounter additional expenses on your bill. Source: iStockphoto / mediaphotos/Getty Images

‘Hospital’ and ‘Extras’ යනු මොනවාද?

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් හිමි රෝගියෙකු ලෙස රෝහල් ගත කිරීමකදී රෝහල් ආවරණය ගෙවනු ලැබේ.

උදාහරණයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය රැකවරණය යටතේ ඔබට ඔබේම ශල්‍ය වෛද්‍යවරයා සහ ඔබේ දිනය තෝරා ගැනීමට හැකියාව හිමි වේ.

අමතර ආවරණයක් දන්ත, භෞතචිකිත්සාව සහ දෘශ්‍ය ප්‍රතිකාර වැනි අනෙකුත් සෞඛ්‍ය සේවා සඳහා පවතී.

නීතියට අනුව, එමගින් පවුල් වෛද්‍යවරයා හමු වීම හෝ රෝහලෙන් පිටත සිදු කරන පරීක්ෂණ ආවරණය නොකරයි.

රෝහල් සහ අමතර සෞඛ්‍ය ආවරණය රක්ෂණ පැකේජයක් ලෙස වෙන වෙනම හෝ එකට මිලදී ගත හැක.

Visitor වීසා යටතේ සහ ඇතැම් වීසා බලපත්‍රලාභීන් ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී Overseas Visitors Health Cover යන සෞඛ්‍ය රක්ෂණාවරණය ලබාගත යුතු වේ.

Private Healthcare Australia හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Rachel David පවසන්නේ ඔබ ස්ථිර පදිංචිකරුවෙකු වූ පසු ඔබට Medicare මත පමණක් විශ්වාසය තැබීමට තෝරා ගත හැකි බවයි.

කෙසේ වෙතත්, බොහෝ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන්නන් පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය අකණ්ඩව පවත්වාගෙන යාම සිදු කරයි.

COVID-19 වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රජයේ රෝහල් පද්ධතිය මේ වනවිට යම් ආතතියක් අත්විඳිමින් සිටී.

වෛද්‍ය Rachel කියා සිටින්නේ කාලානුරූපව තෝරාගත් හෝ සැලසුම් කළ ශල්‍යකර්මයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියාවේ රජයේ රෝහල් පද්ධතියට ඇති හැකියාව මේ වනවිට පිරිහී ඇති බවයි.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ සේවාව මගින් ශල්‍යකර්ම සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා කෙටි පොරොත්තු කාලයක් ලබා දීම සිදු කරයි.

එබැවින් වැඩි මූල්‍ය නම්‍යශීලී බවක් ඇති පුද්ගලයින් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණය සඳහා වැඩි මුදලක් ගෙවයි.

මෙමගින් පොදු සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය ද අඩු වන අතර එමඟින් සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් අරගල කරන පුද්ගලයින්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවයට ප්‍රවේශ විමට හැකියාව ලබා දෙයි.
Senior woman at dental clinic for treatment
'Extras' covers additional specific health services such as dental, physiotherapy, and optical care. Credit: Luis Alvarez/Getty Images

රජයේ සහ පෞද්ගලික රෝගීන්ට වෙනස් ලෙස සලකනවාද?

සෞඛ්‍ය සේවා සපයන්නන් සදාචාරාත්මක මූලධර්ම යටතේ ක්‍රියා කරන අතර, ඔබ රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය පද්ධතිය භාවිතා කරන්නේද යන්න නොසලකා, ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙයි.

සෞඛ්‍ය සේවා සපයන්නන් ඔබ පෞද්ගලික රක්ෂණ හිමියකු හෝ පොදු සෞඛ්‍ය සේවාව වෙත යොමු වූ රෝගියෙකු ලෙස කිසිවිටෙක වෙනස් ලෙස සැලකිය යුතු නොවේ.

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා වන සහන

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ඉවත් වීම සඳහා රජය දිරිගැන්වීම් තුනක් ලබා දෙයි.

1. පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ වට්ටම (The private health insurance rebate)

මෙය පෞද්ගලික රෝහල් සෞඛ්‍ය ආවරණයේ පිරිවැය සමඟ සුදුසුකම් ලත් සෞඛ්‍ය රක්ෂණ හිමියන්ට උපකාර කිරීමට රජය ලබාදෙන දායකත්වයකි.

අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට සහ විශේෂයෙන් වඩාත් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා ඇති අයට සහාය වීම එහි පරමාර්ථයයි

වට්ටම ඔබේ බදු වාර්තාව හරහා ඔබට ගෙවන වාරිකයෙන් 25%ක් පමණ වේ.

සුදුසුකම් ඔබේ ප්‍රතිපත්ති වර්ගය, ඔබේ වයස සහ ඔබේ ආදායම මත රඳා පවතී.

2. Medicare බද්ද (Medicare levy)

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීමෙන් ඔබට Medicare බදු මග හැරිය හැක.

මෙය පෞද්ගලික රෝහල් ආවරණයක් නොමැති ඉහළ ආදායම් ලබන්නන් මත පනවා ඇති අතිරේක බද්දකි.

ඕස්ට්‍රේලියාවේ වැඩ කරන සෑම කෙනෙකුම Medicare සඳහා සහාය වීම සඳහා Medicare බද්දක් ගෙවයි.

එය ඔවුන්ගේ ආදායම් බද්දේ කොටසක් වන අතර, කෙසේ නමුත් පවුලක ආදායම වසරකට ඩොලර් 183,000 ට වඩා වැඩි පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැති පුද්ගලයින් හට අමතර Medicare බද්දක් ගෙවීමට සිදු වන බව වෛද්‍ය Rachel කියා සිටී.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදායම් සීමාවන් සහ බදු ගැන තොරතුරු සපයයි.

3. Lifetime health cover loading

වයස අවුරුදු 30 ට වැඩි සෞඛ්‍ය රක්ෂණ හිමියන් හට පළමුව සෞඛ්‍ය රක්‍ෂණය ලබා ගන්නා විට තරමක් වැඩි වාරිකයක් ගෙවීමට සිදු වේ.

මෙය යමෙක් වයස 85 දී ප්‍රථම වරට සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමට ඇති හැකියාව අඩු කරයි.

වෛද්‍ය Rachel පෙන්වා දෙන්නේ එය තරුණයින්ට විශාල මූල්‍ය බරක් පැවරීම නවත්වන බවයි.

Gap fees හෙවත් පරතර ගාස්තු

ඇතැම් විට ඔබට Gap fees හෙවත් 'පරතර ගාස්තු' හෝ 'out-of-pocket' වියදම් වැනි වචන ඇසී ඇත.

මෙය ප්‍රතිකාර සඳහා වන පිරිවැය සහ ඔබේ සෞඛ්‍ය සේවා රක්ෂණය මගින් ආපසු ලබාදෙන මුදල අතර ඔබ විසින් දැරිය යුතු වියදම වේ.

ඔබ වෛද්‍යවරයෙකුගෙන්, විශේෂඥයෙකුගෙන් හෝ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා විට, Medicare හෝ ඔබේ පුද්ගලික සෞඛ්‍ය අරමුදල පිරිවැයෙන් වැඩි කොටසක් ආවරණය කරයි.

ඇතැම් විට වෛද්‍යවරයා රක්ෂණාවරණය ගෙවන මුදලට වඩා වැඩි මුදලක් අය කළ හැකි අතර එය Gap ලෙස හඳුන්වන බව වෛද්‍ය Chris Moy පැහැදිලි කරයි.

ඔබ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් හිමි රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් කර ඇත්නම්, ඔබ වෙනත් රක්ෂණ හිමිකම් පෑමක් කරන විට මෙන් ඔබට ‘excess’ එකක් ගෙවීමට සිදු වේ.
Full length, wide shot nurse fills in form with family sitting in hospital waiting room
By law, private health insurance (PHI) can’t pay for outpatient care such as a visit to the GP or imaging and tests outside hospital. Credit: PixelCatchers/Getty Images

ඔබට ගැලපෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය කුමක්ද?

නිසි සෞඛ්‍ය රක්‍ෂණය තෝරා ගැනීම යනු ඔබට අවශ්‍ය දේට සාපේක්ෂව පිරිනැමෙන දේ තුලනය කිරීමයි.

මේ සඳහා ඒ සම්බන්ධයෙන් හැකි තරම් තොරතුරු රැස් කිරීම සිදු කල යුතු වේ.

පෞද්ගලික රක්ෂණයක් මගින් ඔබට එක් පුද්ගලයෙකු හෝ පවුලක් ආවරණය කිරීමට අවශ්‍යද යන්න මත පදනම්ව ඔබේ වාරිකය වෙනස් වේ.

කාලයත් සමඟ ඔබේ අවශ්‍යතා වෙනස් වනු ඇති බව වෛද්‍ය Chris පවසයි.

ඔබ සෞඛ්‍ය රක්ෂණයක් මිලදී ගත් පසුව එය වසර දෙකකින් පමණ පසු නැවත පරීක්ෂා කල යුතු බවද වෛද්‍ය Chris කියා සිටී.

ඔබට රජයේ වෙබ් අඩවිය වන හරහා හෝ , සහ වැනි සංසන්දනාත්මක වෙබ් අඩවි හරහා ඔබේ සෞඛ්‍ය රක්ෂණ විකල්ප තෝරාගත හැක.

Share