LISTEN TO
චීනයෙන් වාර්තා වුන HMPV වෛරසය කොවිඩ් වගේම මාරාන්තිකද, ඇත්ත විස්තරේ දැනගන්න
SBS Sinhala
20/01/202508:07
උදෑසන අවදි වූ විට මුලින්ම තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරන්න ඇතැමුන් පුරුදු වී සිටිනවා. නමුත් මෙම පුරුද්දෙ ඇති බලපෑම ගැන බොහෝ දෙනා තුල ඉතා අඩු අවබෝදයක් පවතිනවා. උදෑසනම ජංගම දුරකථනය වෙත අවධානය යොමුකිරීම, ඒ දෙස බලා සිටීම හරහා ඍජුවම මනසට හෝ නින්ද සඳහා ඇතිකරන බලපෑම අඩු බව සිඩ්නි විශ්වවිද්‍යාලයේ මොලය සහ මනස පිලිබඳ අධ්‍යයන අංශයේ පර්යේෂකයකු වන ආචාර්ය Jacob Crouse පවසා සිටිනවා.
කෙසේ උවත් ඔබ රාත්‍රී නින්දට පෙර ජංගම දුරකථනය භාවිතා කරනවානම් තත්වය මීට වඩා වෙනස් විය හැකි බවත් ඒ හරහා ඔබේ නින්දට අහිතකර බලපෑම් එල්ල වන බවත් ඔහු පවසා සිටිනවා
උදෑසන අවදි වූ වහාම ජංගම දුරකථන යේ තිරය දෙස බලාසිටීම හේතුවෙන් සිදුවන ඍජු බලපෑම අවම උවත් මේ හරහා වෙනත් හානිදායක බලපෑම් ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම උදෑසන අවදිවූ විගස ශාරීරික ව්‍යායාම් කිරීම හෝ මානසික ආතතිය අඩු කරන ක්‍රියාකාරකමක නිරත වීම වැනි කාර්යයන් මගහැරීම හේතුවෙන් ශාරීරික සහ මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ලවන බව ඔහු පෙන්වා දෙනවා. මේ හරහා සුවපහසු රාත්‍රී නින්දක් ලබාගැනීමටද අපහසු තත්වයක් උදාවනු ඇති බවටද ඔහු ප්‍රකාශ කර සිටිනවා.
උදෑසන අවදි වූ විගසම හෝ රාත්‍රී නින්දට යාමට පෙර ඇඳමත සිට ජංගම දුරකථනය පරීක්ෂා කිරීම හරහා නිදන කාමරය යනු ආතතියෙන් පිරි ස්ථානයක් ලෙස මනසට කාවදින බව සායනික මනෝවිද්යාඥ වරියක සහ Flinders විශ්වවිද්‍යාලයේ අචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන Chelsea Reynolds පවසා සිටිනවා. නිදන කාමර පරිසරය නිදාගැනීම සඳහා සුදුසු පරිසරයක් විය යුතුය. ජංගම දුරකථනය භාවිතා කර රාජකාරී ඊමේල් පණිවිඩ හෝ ප්‍රවුර්තී වැනි දෑ නැරඹීම හරහා ආතති තත්වයක් ඇතිවන බැවින් කාලයත් සමග මෙම ආතති තත්වය නිදන කාමර පරිසරය සමග බද්දවීමක් සිදු වන බව ඇය පවසා සිටිනවා.
ජංගම දුරකථන වලින් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකය අහිතකර බවත් නින්ද ලබාගැනීමට අවශ්‍ය මෙලටෝනින් හෝමෝනය ඒ හරහා අපට අහිමි වන බවටත් මතයක් පවතිනවා. කෙසේ උවත් Chelsea Reynolds ඇතුළු විශේෂඥයන් පිරිසක් විසින් සිදුකල පරීක්ෂණයක් හරහා මෙම තත්වය පිළිබඳව වෙනස් මතයක් සොයාගෙන තිබෙනවා.
මෙහිදී ජංගම දුරකථන භාවිතය නිසා සාමාන්‍යයෙන් විනාඩි දෙකක පමණ කාලයක් නින්ද අහිමි වන බවත් ජංගම දුරකථන වලින් පිටවන ආලෝකය මිනිසුන්ගේ මෙලටෝනින් මට්ටම විශාල ලෙස පහත දැමීමට තරම් ප්‍රබල නැති බවත් සොයාගෙන තිබෙනවා. මෙහිදී හිරුඑළිය වැනි දීප්තිමත් ආලෝකයක් හේතුවෙන් නිදාගැනීම සඳහා අවශ්‍ය වන මෙම මෙල්ටෝනින් හෝමෝනය පහල වැටීම සිදුවන බව Chelsea Reynolds පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ජංගම දුරකථන භාවිතාව හරහා එතරම් බලපෑමක් නින්ද හෝ අවදි වීම කෙරෙහි ඇති නොකරන බව ඇය පවසනවා.
මේ අනුව උදෑසන කාලයේ ජංගම දුරකථනය භාවිතාව ඔබට සතුට දනවන දෙයක් නම් එය සිදුකිරීමේ වරදක් නොමැති බව ඇය පවසනවා. කෙසේ උවත් ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලාක් ලබාගැනීම සඳහා ප්‍රමුඛතාවය හිමි වන උදෑසන චර්යා පද්දතියක් ඇතිකර ගැනීම වඩාත් සුදුසු බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
********************************************************************************