LISTEN TO
![Rent a car sinhala interview image](https://images.sbs.com.au/dims4/default/5a0c40a/2147483647/strip/true/crop/2121x1193+0+110/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F5f%2Fcc%2F05fa2966425d91b42d9bfc0c4c4c%2Frent-a-car.jpg&imwidth=600)
කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න
SBS Sinhala
30/01/202506:17
ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහළයාම සඳහා නිවාස ගැනුම් කරුවන් දක්වන උනන්දුව මූලික වශයෙන් හේතුවී ඇතිබව Domain වෙබ් අඩවියේ පර්යේෂණ හා ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධානී Nicola Powell පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාව තුල පවතින නිවාස හිඟය පිලිබඳ අර්බුදය එසේම පවතින බවද Nicola Powell සඳහන් කර සිටිනවා. මෙහිදී ගැනුම් කරුවන් නිවාස මිලදී ගැනීමට තරමක් පසුබට වන තත්වයක් උද්ගත වී ඇති බවත් මෙය තාවකාලිකව ඇතිවී ඇති තත්වයක් බවත් Nicola වැඩිදුරටත් පෙන්වා දෙනවා
සිඩ්නි නුවර නිවාස මිල පහත යයි.
ඕස්ට්‍රේලියාවේ මිල අධිකම නිවාස වෙළඳ පොළ ලෙස සිඩ්නි නුවර වාර්තා වන අතර මේ වනවිට එහි නිවාස මිල අඩුවීමක් වාර්තා වනවා. පසුගිය කාර්තුවේ එම ප්‍රමාණය 0.1%ක් වී ඇති අතර වසර දෙකකට පසුව පිට පිට කාර්තු දෙකකදී නිවාස මිල පහළයාමක් සිඩ්නි නුවරින් වාර්තා වී තිබෙනවා. මේ අනුව සිඩ්නි නුවර මාධ්‍යයන නිවාස මිල $1,645,444ක් වී තිබෙනවා.
ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේ නිවාස මිලත් පහලට
ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේද නිවාස මිල පහත ගොස් ඇති බව වාර්තා වනවා. ගෝල්ඩ් කෝස්ට් හි Biggera Waters ප්‍රදේශයේ මාධ්‍ය නිවාස මිල අගය $660,000ක් වී ඇති අතර මෙය 22.4%ක වාර්ෂික මිල පහත වැටීමක් වේ. මේ ආකාරයටම Clear Island Waters ප්‍රදේශයේද නිවාස මිල 21.1%ක පහත යාමක් වාර්තා කර තිබෙනවා.
මෙල්බර්න් නුවර පළමු නිවාස ගැනුම් කරුවන්ගේ උනන්දුව ඉහලට
මෙල්බර් නුවර නිවාස මිල ගණන් 2020 වසරේ සිට ක්‍රමක් ක්‍රමයෙන් පහත යමක් දක්නට ලැබුනා. කෙසේ උවත් මේ වන විට පළමු නිවාස ගැනුම් කරුවන් නිවාස මිලදී ගැනීමට දක්වන උනන්දුව ඉහල යාම හේතුවෙන් 2024 වසරේ අවසාන කාර්තුවේදී මෙල්බර්න් නුවර නිවාස මිල ඉහල යාමක් වාර්තා වී ඇති බව Nicola Powell පවසා සිටිනවා.
නිවාස මිල පහල ගිය ප්‍රදේශ අතර Chadston ප්‍රදේශය කැපීපෙනෙන අතර එහි වාර්ෂික නිවාස ඒකක මිල ගණන් 33.3%කින් වාර්ෂිකව පහත වැටී ඇති බව වාර්තා වනවා. Sunshine ප්‍රදේශයේද නිවාස ඒකක මිල 18.9%කින් පහල ගොස් ඇති බවද වාර්තා වනවා.
![National_data.jpg](https://images.sbs.com.au/41/03/87b6fd784ae08cf874a2347f021c/national-data.jpg?imwidth=1280)
Falling home price could bring new opportunities for buyers in suburban and regional Australia. Source: SBS News
හෝබාර්ට් සහ කැන්බරා නුවර නිවාස මිල ගණන්
හෝබාර්ට් නුවර කුඩා නිවාස ඒකක මිල ගණන් 1.5%කින් පසුගිය කාර්තුවේදී පහත වැටී ඇති අතර විශාල සාමාන්‍ය නිවාස මිලගණන් පසුගිය කාර්තුවේදී 4.6%කින් ඉහල ගොස් තිබෙනවා. කැන්බරා නුවර නිවාස මිල ගණන් එකතැන පල්වෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. කෙසේ උවත් කැන්බරා නුවර Denman Prospect ප්‍රදේශය 22.2% ක නිවාස මිල ගණන් පහත යාමක් වාර්තා කර තිබෙනවා.
2025 වසර ගැනුම් කරුවන්ට වාසිදායක තත්වයක් ඇති කරයිද ?
නිවාස වෙළඳපොල තුල පවතින විකිණීම් සඳහා වන නිවාස ප්‍රමාණය ඉහල යාම හේතුවෙන් නිවාස මිලගණන් පිලිබඳව ගැනුම් කරුවන්ට වැඩි වාසිදායක තත්වයක් ඇතිවනු ඇති බවට විශ්වාස කෙරෙනවා. කෙසේ උවත් මෙම තත්වය 2025 වසර පුරාවටම පවතීද යන්න තීරණය වීම මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුව පිලිබඳ තීරණය මත බොහෝ දුරට රඳා පවතිනුඅති බව Nicola Powell පවසා සිටිනවා. කෙසේ උවත් පසුගිය වසරේ මිල පහත යාමේ ප්‍රවනතාවය 2025 වසරේ මුල්භාගයේදී දක්නට ලැබෙනු ඇති බවද Nicola පවසා සිටිනවා
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
********************************************************************************