Key Points
- එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ජීවත් වීමට යාම දිගු ක්‍රියාවලියකි
- විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වලට ඔවුන්ගේම නීති පද්ධති සහ සේවා තිබේ
- ප්‍රාන්තයකින් වෙනත් ප්‍රාන්තයකට පදිංචි වීමට යාම සඳහා අනපේක්ෂිත වියදම් ඇතුළත් විය හැක
- වෙනත් ප්‍රාන්තයකට පදිංචියට යාමට පෙර ඒ පිළිබඳව නිසි ලෙස සොයාබැලීම ඔස්සේ හොඳින් සුදානම් වීම වැදගත් වේ
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වන පුද්ගලයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. එමෙන්ම ඕස්ට්‍රේලියාව තුල උපන් පිරිසට වඩා මෙරටට සංක්‍රමණය වූ පිරිස මෙලෙස එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට සංක්‍රමණය වීම සිදු කරයි.
කෙසේ නමුත් එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි සඳහා ඔවුන්ටම අවේනික වූ සේවා සහ නීති පැවතීම හේතුවෙන් අලුතින් වෙනත් ප්‍රාන්තයකට ජීවත් වීම සඳහා යාම තුල වෙනත් රටකට සංක්‍රමණය වීම හා සමාන ක්‍රියාවලියක් පවතී.
මේ හේතුවෙන් ඔබ වෙනත් ප්‍රාන්තයකට ජීවත් වීම සඳහා යන විට නිසි පිරික්සුම් ලැයිස්තුවක් සැකසීමෙන් සහ සලකා බැලිය යුතු අත්‍යවශ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ ගමන ගැටලුවකින් තොරව සිදු කරගත හැක.
අදාළ බලධාරීන් සමඟ ඔබේ ලිපිනය යාවත්කාලීන කිරීම
එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ජීවත් වීමට යාම ඔස්සේ ඔබ රජයේ දෙපාර්තමේන්තු, බැංකු, ඔබේ ප්‍රාන්ත හෝ ටෙරිටරි ප්‍රවාහන අධිකාරිය සහ වෙනත් සේවා සපයන්නන් සමඟ ඔබේ ලිපිනය යාවත්කාලීන කිරීම සිදු කල යුතු වේ.
හි මහජන කටයුතු කළමනාකරුවශයෙන් කටයුතු කරන Laurie Nowell කියා සිටින්නේ, මිතුරන්ට පමණක් නොව වැනි ගෙවීම් ලැබෙන්නේ නම් ඔවුන් හට සහ බැංකු සඳහා ඔබ නව ලිපිනය ලබා දීම වැදගත් වන බවයි.
යමකු විශේෂිත වීසා බලපත්‍රයක් මත සිටින්නේ නම්, ඒ සඳහා නව ලිපිනය පිළිබඳව දැනුම් දීමද වැදගත් වේ.
එමෙන්ම සිදු කල යුතු අතර ඔබ කලින් ජීවත් වන ස්ථානයට නව ලිපිනය ලබාදීමත් වැදගත් වන බව Laurie පවසයි.

a young couple unpack their belongings as they settle into their new loft apartment . Credit: E+
ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරුණකි. ඔබ යම් ප්‍රන්තයකින් තවත් ප්‍රාන්තයකට ජීවත් වීමට යන විට, ඔබ ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ ලිපිනය යාවත්කාලීන කිරීම කළ යුතුය, නැතහොත් ඔබේ නම ඉවත් කළ හැකි අතර ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.
ඔබේ ලිපිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් දන්වා, ඔබ ඔබේ නව ප්‍රාන්තයට ඡන්දය දීමට ලියාපදිංචි වී ඇති බව සහතික කර ගැනීම වැදගත් වේ. නැතහොත් ඔබ ඡන්ය සඳහා සුදුසුකම් ලැබීම හේතුවෙන්, ඒ සඳහා ලියාපදිංචි නොවූ විට ඔබට දඩ නියම කළ හැක.
ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ජීවත් වීමට යාමේදී දැරීමට වන පිරිවැය
ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ජීවත් වීමට යාමේදී ඒ සඳහා අනපේක්ෂිත වියදම් ඇතුලත් විය හැක.
මේ සඳහා ප්‍රවාහන වියදම්, නවාතැන් වියදම් රියදුරු බලපත්‍ර සහ මෝටර් වාහන ලියාපදිංචිය වැනි ලේඛන වෙනස් කිරීම හා සම්බන්ධ ගාස්තු ඇතුලත් වේ.
වෘත්තීය අවස්ථාවක් සඳහා සිඩ්නි හි සිට මෙල්බර්න් වෙත සංක්‍රමණය වූ Pallavi Thakkar පවසන්නේ ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට යාමේදී සිදුවන අනවශ්‍ය වියදම් වලක්වාගැනීම සඳහා අයවැයක් සකසා. ගැනීම සිදු කලයුතු බවයි.
තමන් මේ සඳහා ඩොලර් 10,000 ක් පමණ වියදම් කල බව Pallavi කියා සිටී.

Flat lay of real estate concept ***These documents are our own generic designs. They do not infringe on any copyrighted designs. Source: iStockphoto / Rawpixel/Getty Images/iStockphoto
වාරික සහ සේවා සපයන්නන් වෙනස් විය හැකි වීම මීට හේතුවයි.
මේ හේතුවෙන් ඔබේ රක්ෂණ ආවරණය ප්‍රමාණවත් බවට සහ ඔබේ නව ස්ථානයට සුදුසු බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.
අධ්‍යාපන පද්ධති පිලිබඳ සොයා බැලීම
ඔබ හෝ ඔබේ දරුවන් පාසලකට, පුහුණුවක් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් කර ඇත්නම්, ඔබේ නව ප්‍රාන්තයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියාව ජාතික විෂය මාලාවක් අනුගමනය කරන අතර, විවිධ ප්‍රාන්ත තුල පාසල් නියමයන් විවිධ විය හැක,එමෙන්ම විෂයයන් හි වෙනස්කම ද තිබිය හැක.
ඔබ මේ සම්බන්ධයෙන් හොඳ පෙර සුදානමක සිටිය හොත් එය ඔබේ පවුලේ සාමාජිකයින් හට සැලකියයුතු පහසුවක් වේ.
නිරෝධායන නීති ගැන දැනුවත් වන්න
ඕස්ට්‍රේලියාව තුල ලොව දැඩිම නිරෝධායන නීති කිහිපයක් ඇති අතර, මේවා ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ගමන් කිරීමේදී අදාළ වේ.
මේ හේතුවෙන් ඇතැම් ශාක, සත්ව නිෂ්පාදන සහ කෘෂිකාර්මික උපකරණ තමන් සමග වෙනත් ප්‍රාන්තයකට ගෙන නොයාම ඔබට පහසුවක් විය හැක. ඔබට යන වෙබ් අඩවියෙන් වැඩි විස්තර දැනගත හැක.
ආධාරක ජාල සොයන්න
නව ප්‍රාන්තයකට ගමන් කිරීම උද්යෝගිමත් මෙන්ම අභියෝගාත්මක විය හැක. ඇතැම් සංක්‍රමණික පවුල් ආධාරක ජාල සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ නව පදිංචි ස්ථානය පිළිබඳ මග පෙන්වීමක් ලබා ගැනීමට සංස්කෘතික ප්‍රජා කණ්ඩායම්වලට සම්බන්ධ වීම සිදු කරයි.
නව ප්‍රදේශය සම්බන්ධයෙන් දැනගැනීමට ප්‍රදේශය පිලිබඳ දැනුමක් සහිත පිරිසගෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේත් හැකියාව තිබේ.
Pallavi පවසන්නේ ඇයට ප්‍රදේශය පිළිබඳව ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ බවයි.
තමා නව ප්‍රදේශය පිළිබඳව දන්නා පිරිසගෙන් විස්තර විමසමින් Facebook තුල post එකක් පල කල අතර, එහි ප්‍රතිපල වශයෙන් නගරයට ආසන්නයේ නිවසක් සොයාගැනීමට පෙළඹුණු බව ඇය කියා සිටී.

Credit: Ariel Skelley/Getty Images
Settlement services යන සේවා සපයන්නන්
ප්‍රජා සංසදවලට අමතරව, ජනාවාස සේවා සපයන්නන්ට මෙන්ම සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානවලට ද සහාය ලබා දිය හැකි බව AMES Australia හි මහජන කටයුතු කළමනාකරුවශයෙන් කටයුතු කරන Laurie Nowell පවසයි.
උපකාර, උපදෙස්, සහ පරිවර්තක සේවා වෙත ඔබට ප්‍රවේශය ලබා දීමට ඔවුන්ට හැකි අතර, එය ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැක.
විශේෂයෙන් භාෂාව සම්බන්ධයෙන් බාධකවලට මුහුණ දිය හැකි පිරිසට මෙය ඉතා වැදගත් වේ.