ඕස්ට්‍රේලියාවේ Bushwalk සිදු කරද්දී අතරමං වුනොත්, ඔබ කළ යුතු දේ SBS සිංහල වෙතින්

Young man walking in arid desert landscape with photography backpack on an adventure in outback Australia

Bushwalking is one of the best ways to discover the country’s vast and unique natural environment, but despite everyone’s best efforts, people get lost. Credit: Philip Thurston/Getty Images

සාමන්‍යයෙන් ඕස්ට්‍රේලියාව තුල විනෝදය මෙන්ම දැනුම සඳහා කඳු නැගීම සහ කැලෑ තුල සංචාරය කරන Bushwalkers ලෙසින් හඳුන්වන පිරිස බේරා ගැනීම් කටයුතු දිනපතා සිදු කෙරේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සූදානම් වීම සහ සුපරීක්ෂාකාරී වීම ඔබව අතරමං වීමේ ප්‍රවණතාවය අවම කරයි. එමෙන්ම ඔබ එවැනි අවස්ථාවකදී ගන්නා ඇතැම් තීරණ ඔස්සේ අතරමං වූ ඔබව බේරාගැනීම ද කඩිනම් කරයි.


Key Points
  • ඕස්ට්‍රේලියාවේ සෑම දිනකදීම Bushwalker කෙනෙකු අතරමං වීම සිදු වේ. නමුත් බුද්ධිමත්ව සැලසුම් කිරීම ඔස්සේ ජීවිත බේරාගැනීමට හැකියාව පවතී.
  • අතරමං වුවහොත් කලබල වී දුර්වල තීරණයක් ගැනීමට ඉඩ සලස්වා නොගෙන සන්සුන්ව ක්‍රියා කිරීම වැදගත්
  • කැලෑ තුල ජංගම දුරකථන ක්‍රියා නොකරන අවස්ථා තිබිය හැකි බැවින් emergency beacons ලෙස හඳුන්වන "බීකන්" කුලියට ගත හැක reception is not guaranteed in the bush, but emergency beacons are available for hire .
  • SES හෙවත් "රාජ්ය හදිසි සේවා" ස්වේච්ඡා සේවකයන් හදිසි අවස්ථාවකදී ඔබට උපකාර කරයි.
ඕස්ට්‍රේලියාවේ කැලෑ තුල අතරමන් වූ Bushwalkers ලාගෙන් 95% පමණ පිරිස පැය 12 ක් ඇතුලත සොයා ගැනීම සිදු වේ.

NSW SES හි සෙවුම් සහ මුදාගැනීමේ නියෝජ්‍ය ඒකක අණදෙන නිලධාරි Caro Ryan වැනි පිරිසට මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතු අතර ඇය Bushwalk සිදු කිරීමේදී සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන අධ්‍යාපනඥවරියක වශයෙන් කටයුතු කරයි.

Caro Ryan පවසන්නේ T-R-E-K යන මෙම කෙටි යෙදුම Bushwalking සඳහා සුදානම් වීමේදී මතක තබාගන්නා ලෙසයි.

T - Take what you need (ඔබට අවශ්‍ය දේ ගැනීම)
R - Register your intentions (ඔබේ අභිප්‍රාය ලියාපදිංචි කිරීම )
E - Emergency communications or emergency beacon (හදිසි සන්නිවේදන හෝ හදිසි "බීකන්")
K - Know your route and stick to it (ඔබේ මාර්ගය දැනගෙන එය අනුගමනය කිරීම)
Bushwalker with map_pixdeluxe Getty.jpg
Preparedness will increase the likelihood of being found. Credit: pixdeluxe/Getty Images

Take what you need - ඔබට අවශ්‍ය දේ ගැනීම

මෙහිදී Bushwalk සිදු කිරීමට පෙර පහත සඳහන් දෑ, ඔබට කුඩා බෑගයකට දමා ගත හැක.

  • ඇට වර්ග සහ චොකලට් වැනි කෙටි ආහාර
  • සෑම පැය 3කටම ලීටර1 ක් වන පරිදි පානීය ජලය
  • දීප්තිමත් වර්ණවලින් යුත් ඇඳුම්
  • තොප්පියක් සහ sunscreen
  • කටුක භූමි ප්‍රදේශ සඳහා joggers හෝ hiking boots වැනි සුවපහසු සපත්තු
  • වැහි කබායක්
  • සිතියමක් සහ මාලිමා යන්ත්‍රයක් / ඔබගේ දුරකථනයට navigation app එකක්
  • ප්‍රථමාධාර කට්ටලයක්
කෙසේ නමුත් ඔබත් සමග මිතුරන් කිහිප දෙනෙකු රැගෙන යාම සිදු කල යුතු හොඳම දේ වලින් එකක් වන බව Caro පවසයි.

තනිව සංචාරය කිරීම අවදානම ඉහල දමයි. ඔබ සමඟ කවුරුන් හෝ සිටී නම්, ඔබට සහාය දැක්වීමට එවිට යමකු සිටින අතර මේ හේතුවෙන් Caro පෙන්වා දෙන්නේ අවම වශයෙන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුදුසු වන බවයි.

Asian Couple Exploring the Map
It's also vital to let other people know your plans. Credit: visualspace/Getty Images

Register your intentions - ඔබේ අභිප්‍රාය ලියාපදිංචි කිරීම

ඔබට ජාතික වනෝද්‍යාන සහ වනජීවී සේවයට, පොලිසියට හෝ විශ්වාසවන්ත මිතුරෙකුට ඔබේ ගමන සම්බන්ධයෙන් දැනුම් දිය හැක.

ඔබගේ ගමන් මාර්ගය සහ ඔබ ආපසු පැමිණීමට අපේක්ෂා කරන කාලය වැනි විස්තර සැපයීම වැදගත්. එමෙන්ම ඔබ ආපසු පැමිණි විට ඒ බව ඔවුන් දැනුවත් කිරීමත් වැදගත් වේ.

Emergency beacons - හදිසි බීකන්ස්

කැලෑ තුල ජංගම දුරකථන සඳහා සේවා නොපැවතිය හැකි බැවින් බොහෝ විට Bushwalk සිදු කරන්නන්, Personal Locator Beacon (PLB) නොහොත් "පුද්ගලික ස්ථානගත කිරීමේ බීකන්" රැගෙන යයි. මෙය චන්ද්‍රිකා ඔස්සේ ඔබ සිටින ස්ථානය හඳුනා ගැනීමට ඉඩ සලසයි.

Bushwalking NSW හි විධායක නිලධාරි Kirsten Mayer පවසන්නේ ඔබ බරපතල ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, ඔබට පුද්ගලික ස්ථානගත කිරීමේ බීකන් එක හරහා ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවයි.

එමෙන්ම පොලිසියද, හෙලිකොප්ටර යොදාගනිමින් හැකි සෑම අයුරකින්ම ඔබව සොයාගැනීම ක්‍රියා කරයි.

Kirsten කියා සිටින්නේ ඔබට වෙළඳසැල් , ජාතික වනෝද්‍යාන කාර්යාල සහ ජාතික වනෝද්‍යාන අසල පිහිටි පොලිස් ස්ථාන වලින් මෙම "පුද්ගලික ස්ථානගත කිරීමේ බීකන්" කුලියට ගත හැකි බවයි.

එමෙන්ම වශයෙන් App එකක්ද පවතින අතර ඒ ඔස්සේ දුරකථනය භාවිත කල හැකි අවස්ථා වලදී ඔබට උදව් ඉල්ලා ඇමතීමට ඉඩ සලසයි.

Know your route and stick to it - ඔබේ මාර්ගය දැනගෙන එය අනුගමනය කිරීම

ඔබ යන්නේ කොතැනටද යන්න නිවැරදිව දැන ගැනීම, සලකුණු අනුගමනය කිරීම, සිතියමක් භාවිතා කිරීම, ඔබ පිටතට යන්නේ කුමන වේලාවකදැයි දැන ගැනීම සහ ඔබේ ගමන අතරමග වෙනස් නොකිරීම මේ සඳහා ඇතුලත් වේ.

ඔබ යන ස්ථානය සම්බන්ධයෙන් යමකුට පැවසීම වැදගත් වන අතර ඒ ඔස්සේ හදිසි සේවා වලට ඔබව සොයාගැනීම පහසු විය හැක.

Caro පවසන්නේ ඔබ, මෙහිදී ඔබට ගැලපෙන කැලෑ ප්‍රදේශයක් තෝරාගතයුතු අතර බොහෝ පුද්ගලයින් නුසුදුසු මාර්ග තෝරා ගැනීම සිදු කරන බවයි.

පඩිපෙළවල්, බෑවුම් සහිත භූමි වල බෑගයක් රැගෙන යන විට ඔබේ කඳු නැගීමේ යෝග්‍යතාවය වෙනස් වේ. එමෙන්ම උණුසුම් කාලගුණය එය තවත් අපහසු කරයි.

Caro පෙන්වා දෙන්නේ තම යෝග්‍යතාවය වැරදි ලෙස තක්සේරු කිරීම සාමාන්‍ය දෙයක් බවයි.

ඔබ අලුතින් කඳු නැගීම සඳහා සහ Bushwalking කිරීම සිදු කරයි නම්වෙත පිවිසෙන්න

SES Bush Search and Rescue, Blue Mountains_Nicole Bordes.jpg
If you don’t have an emergency beacon, try your best to make yourself visible. Credit: Nicole Bordes

ඔබ අතරමං වූවොත් කුමක් කල යුතුද?

පලමුවෙන්ම ඔබ වාඩි වී සන්සුන් වීම වැදගත් වේ.

ජලය පානය කල යුතු අතර ඔබට තේ සාදාගෙන බීමට හැකි නම් එය සිදු කරන ලෙස Caro පවසයි

ඔබ අතරමං වී සිටින විට, ඔබේ ගමනාන්තය ඉදිරියේ තිබෙන බවට වන විශ්වාසයෙන් අකණ්ඩව ඉදිරියට යාම සිදු නොකරන ලෙස Caro අවධාරණය කරයි.

මෙහිදී ඔබ පැමිණි මාර්ගය සම්බන්ධයෙන් යලි මතකය අවදි කල යුතු අතර ඔබ දුටු මගසළකුණු පිළිබඳව මතක් කිරීමට උත්සාහ කල යුතුය. එමෙන්ම ඔබට ආපසු යාමට හැකිනම් විවිධ දේ තබමින් ඔබේ මාර්ගය සලකුණු කිරීමද වැදගත් වේ.

එමෙන්ම ඔබ අතරමං වී ඇතිනම් SES හෙවත් රාජ්ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයන් ඔබව සෙවීමට හෙලිකොප්ටර යොදන අතර ඔබව බේරාගැනීමට නම් ඔබව ඔවුනට පෙනෙන ස්ථානයකට යාම සිදු කල යුතු වේ.

SES volunteers_Raoul Wegat Getty .jpg
Around 95 per cent are found within 12 hours by SES Bush Search and Rescue. Credit: Raoul Wegat/Getty Images
මෙහිදී ඔබ දීප්තිමත් වර්ණ වලින් යුතු ඇඳුම් ඇඳීම ඔස්සේ ඔවුනට ඔබ ව පැහැදිලිව දැකගත හැක. එමෙන්ම ඔබ සිටින ස්ථානය දැනුම් දීමට කැමරා ෆ්ලෑෂ් මෙන්ම දිලිසෙන හෝ දීප්තිමත් වස්තූන් බිම තැබීම සිදු කල හැක.

ඔබ අයහපත් කාලගුණික තත්වයක් යටතේ තුවාල ලබා සිටී නම් අරක්ෂිත ස්ථානයක් සොයාගත යුතු අතර හැකිනම් ගිනිමැලයක් සාදාගැනීම වැදගත් වේ.

ඔබව මුදාගැනීම සිදු කරන තුරු ඔබට අහාර සහ ජලය අවශ්‍ය වන හෙයින් ඒවා රැගෙන යා යුතුය.

Bushwalking කිරීමට පෙර ඔබ කල යුතු දෑ

එමෙන්ම ඔබ ප්‍රථමාධාර පාඨමාලාවක් සිදු කර තිබීමත් වැදගත් වේ. එවිට ඔබට ඔබ පිළිබඳව සහ ඔබ අවට සිටින පිරිස පිළිබඳව සැලකිලිමත් විය හැක.

Kirsten මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ ඔබ Bushwalk සිදු කරන්නන්ගේ සමාජයකට සම්බන්ධ වීම ඔස්සේ මාලිමා යන්ත්‍ර සහ සිතියම් කියවීම සම්බන්ධයෙන් දැනුමක් ලබාගත හැකි අතරම කරදරයකට පත් වූ විට කුමක් කළ යුතුද යන්න ඔබට උගන්වන මිත්‍රශීලී පුද්ගලයන්ද ඔබට හමුවනු ඇති බවයි.

Bushwalking group_andresr Getty.jpg
Joining a bushwalking group is a great idea to explore Australia's nature. Credit: andresr/Getty Images

විවිධ සම්පත්

______________________________________________________________________________________________

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට

_______________________________________________________________________________________________



SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________

Share