LISTEN TO
![13022025_podcast_dimentia_prevention image](https://images.sbs.com.au/dims4/default/6391e24/2147483647/strip/true/crop/6720x3780+0+350/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F2d%2F13%2F894cec504859a5e28e5c2b927aea%2Fpexels-marcus-aurelius-6787761.jpg&imwidth=600)
ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවධානම අවම කරන ජීවන රටාවේ වෙනස්කම් හතරක් ගැන ඕස්ට්‍රේලියාවෙන් අනාවරණයක්
SBS Sinhala
13/02/202505:25
සාමාන්‍ය ලුණු භාවිතාව හේතුවෙන් සිදුවන අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව මර්ගොපදෙෂණයන් ලබාදී තිබෙනවා. මේ අනුව සාමාන්‍ය ලුණු වෙනුවට සෝඩියම් අන්තර්ගතය අඩු වෙනත් ලුණු වර්ගයක් භාවිතා කිරීම සඳහා නිර්දේශ ලබාදී තිබෙනවා.
පොටෑසියම් බහුල මෙම ලුණු වර්ගය බොහෝ දුරට සාමාන්‍ය ලුණු හා සමාන අතර පෙනුමෙන් සහ රසයෙන්ද සාමාන්‍ය ලුණු වලට ඉතා සමාන වනවා
මෙම නව ලුණු වර්ගය කුමක්ද ?
අධික ලුණු භාවිතාව හේතුවෙන් ශරීරයට අධික සෝඩියම් ප්‍රමාණයක් ඇතුළුවීම නිසාඅ ශරීරයට අහිතකර තත්වයක් ඇති වනවා. ලුණු වල ඇති සෝඩියම් වැඩි වශයෙන් ඇතුළුවීම නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර තත්වයක් ඇතිවන බවට පරීක්ෂණ හරහා සනාථ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුලද අධිරුධිර පීඩනය, හදවත් රෝග සහ අක්මාවේ රෝග සඳහා අධික ලුණු භාවිතාව හේතු වන බවට අනාවරණය වී තිබෙනවා.
ලුණු භාවිතාව දිනකට උපරිම වශයෙන් 2g කට සීමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබෙනවා. කෙසේ උවත් එක් පුද්ගලයකු දිනකට සාමාන්‍යයෙන් 4.3g ප්‍රමාණයක් ලුණු භාවිතා කරන බව වාර්තා වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිදේශ කරන මෙම නව ලුණු වර්ගය පොටෑසියම් බහුල ලුණු ලෙස නම්කොට තිබෙනවා. මෙහිදී මෙම නව ලුණු වර්ගයේ ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය ලුණු වල ඇති සෝඩියම් ක්ලෝරයිඩ් වෙනුවට පොටෑසියම් ක්ලෝරයිඩ් එක් කර තිබීමයි. පොටෑසියම් යනු ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් සිදුවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජයකි. සාමාන්‍ය ජනතාව ඉතා ඉහල සෝඩියම් ප්‍රමාණ ලබාගත්තද පොටෑසියම් ලබාගැනීම ඉතා අඩු මට්ටමක පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය දිනකට පොටෑසියම් 3.5g ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කලද බොහෝ පිරිසක් ඉතා අඩු පොටෑසියම් ප්‍රමාණයක් ලබා ගන්නා බව වාර්තා වනවා.
පොටෑසියම් බහුල මෙම ලුණු භාවිතයට ජනතාව පෙළඹුණහොත් චීනයේ සහ ඉන්දියාවේ පමණක් සෑම වසරකම හෘද රෝග (හෘදයාබාධ සහ ආඝාත වැනි) හේතුවෙන් වන මරණ සිය දහස් ගණනක් වලක්වා ගැනීමට හැකියාව ලැබෙන බව සිදුකෙරුණු අධ්‍යයන හරහා පෙන්වා දී තිබෙනවා. මෙම පොටෑසියම් බහුල ලුණු වර්ගය බොහෝ දුරට සාමාන්‍ය ලුණු හා සමාන අතර පෙනුමෙන් සහ රසයෙන්ද සාමාන්‍ය ලුණු වලට ඉතා සමාන වනවා.
කෙසේ උවත් පොටෑසියම් බහුල මෙම ලුණු වර්ගය සෝඩියම් බහුල සාමාන්‍ය ලුණු හා සංසන්දනය කිරීමේදී මිලෙන් තරමක් අධික වනවා. සාමාන්‍ය ජතාව මෙම ලුණු භාවිතයට හුරුකිරීම මේ හේතුවෙන් තරමක් අභියෝගාත්මක කාර්යයක් වනවා. මීට අමතරව ඇතැම් වකුගඩු රෝගීන්ටද පොටෑසියම් බහුල මෙම ලුණු භාවිතාව අහිතකර වනවා.
කෙසේ උවත් සෝඩියම් ප්‍රමාණය අඩු මෙම පොටෑසියම් බහුල ලුණු වර්ගය භාවිතාව හරහා හෘදයාබාධ වැනි හදවත් රෝග තත්වයන් අවම කර ගත හැකි බවට මේ සම්බන්දයෙන් සිදුකෙරුණු අධ්‍යයන හරහා පෙනී ගොස් ඇති බව වාර්තා වනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
********************************************************************************