ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙන් ඔබට ලැබෙන වාසි ගැන දැනගන්න

teenager working at supermarket

teenager working at supermarket wearing mask covid 19 Credit: SelectStock/Getty Images

ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡාවෙන් සේවය කරන්න කැමතිද? ස්වේච්ඡා සේවය මගින් නව මිතුරන් ඇති කර ගැනීමට, නව කුසලතා ඉගෙන ගැනීමට සහ උදවු අවශ්‍ය අයට උපකාර කිරීමට ඔබට හැකි වෙනවා.


ස්වේච්ඡා සේවය මගින්  නව මිතුරන් ඇති කර ගැනීමට, නව කුසලතා ඉගෙන ගැනීමට සහ උදවු අවශ්‍ය අයට උපකාර කිරීමට ඔබට හැකි වෙනවා.

LISTEN TO
Volunteering Pos article image

ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙන් ඔබට ලැබෙන වාසි ගැන දැනගන්න

SBS Sinhala

25/11/202404:43

මූලික කරුණු
  • ස්වේච්ඡා සේවය යනු කුමක්ද?
  • ස්වේච්ඡා සේවයේ ප්‍රතිලාභ
  • ස්වේච්ඡා අවස්ථා සොයා ගත හැකි ස්ථානය
  ස්වේච්ඡා සේවය යනු කුමක්ද?
උපකාර අවශ්‍ය  පුද්ගලයින්ට උපකාර කරන සංවිධානයකට හෝ ඔබ සැලකිලිමත් වන හේතුවක් සඳහා ඔබ ඔබේ කාලය වැය කිරී  ස්වේච්ඡා සේවය ලෙස හදුන්වනවා. ස්වේච්ඡා සේවකයන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් නොලැබෙන නමුත් ප්‍රවාහනය වැනි වියදම් සමහර විට අයකර ගත හැකියි . ස්වේච්ඡා සේවය යන ඔබේ කුසලතා ගොඩනඟා ගැනීමට සහ රැකියාවට සූදානම් වීමට හොඳ ක්‍රමයක් ලෙස හැදින්වෙනවා.  
ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලභ මොනවාද ?
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන අතරතුර ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් ඔබට  බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා
.1.   අලුත් මිතුරන් ඇති කර ගැනීමට හැකි වනවා.ස්වේච්ඡා සේවය මගින්  ඔබට නව සමාජය කොටසක් ලෙස හැසිරීම ට හැකි වනවා.  ඔබට නව පුද්ගලයින් මුණගැසෙන අතර ඔබේ සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා වැඩි දියුණු වනවා.තවද මෙහිදී ඔබට  හොඳම මිතුරෙකු හෝ අනාගත සේවා යෝජකයා හමු වීමට ද ඉඩ තිබෙනවා
.2.   ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරි වර්ධනය සදහා ස්වේච්ඡා සේවයෙන් ඔබට වටිනා සේවා අත්දැකීමක් ලබා ගත  හැකි අතර එය ඔබගේ ජීව දත්ත පත්‍රයට වැඩි වටිනාකමක් එකතු කරනවා. ඕස්ට්‍රේලියාවේ, බොහෝ සේවා යෝජකයින් ස්වේච්ඡා සේවයෙන් ලැබෙන කුසලතා සහ අත්දැකීම් අගය කරනවා. ස්වේච්ඡා වැඩසටහන් මඟින් ඔබේ කුසලතා වර්ධනය සහ  ජීව දත්ත පත්‍රයට / resume  වැඩි වටිනාකමක් එකතු කරනවා.
3.   ඔබේ කුසලතා වර්ධනය කර ගැනීම සදහා ස්වේච්ඡා සේවය මගින් ඔබට විවිධ  කුසලතා වර්ධනය කර ගැනීමට හැකි වනවා. ස්වේච්ඡා සේවයේ දී ඔබ ඉගෙන ගන්නා දෙය හා ඔබගේ  කුසලතා නිශ්චිත  ක්‍රියාකලාපයක්  මත රඳා පවතී, නමුත් එය අනාගතයේ දී ප්‍රයෝජනවත් වනු ඇති බවට  සහතික විය හැකිය. පාරිභෝගික සේවය, සන්නිවේදනය, ගැටළු විසඳීම, අලෙවිකරණය, අනුවර්තනය වීමේ හැකියාව සහ තවත් බොහෝ දේ ඔබට ලබා ගත හැකි කුසලතා වලින් කිහිපයක් ලෙස දැක්විය හැකියි.ස්වේච්ඡා සේවය මඟින් ඔබට වටිනා අත්දැකීම් ලබා ගැනීමට උපකාර කළ හැකි විවිධ වෘත්තිකයන් පිරිසක් සමඟ සම්බන්ධ වීමට සහ ඉගෙන ගැනීමට ඉඩ ලැබෙනවා
.4.   ඔබේ මානසික හා ශාරීරික යහපැවැත්ම වැඩි දියුණු කරගත හැකියි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින්ට වඩා හොඳ මානසික සුවයක් ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන බව වෙබ් අඩවියේ සදහන් වනවා. තවත්  අධ්‍යයනයකින්  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය තම ජීවිතය හා සෞඛ්‍යය පිළිබඳ ඉහළ තෘප්තියක් වාර්තා කරන බව මෙම  වෙබ් අඩවියේ තවදුරටත් සදහන් වනවා. Head to Health අනුව, ස්වේච්ඡා සේවයෙන් කාංසාව සහ මානසික අවපීඩනය ද අඩු කළ හැකි බවත් මෙහි සදහන් වනවා.
උදව් අවශ්‍ය  අයට උදව් කිරීම ට ඔබටත් පුලුවන්
ස්වේච්ඡා සේවයෙන් ලැබෙන වැදගත්ම දෙය නම්, ඔබට ඉන් ලැබෙන ප්‍රතිලභයට අමතරව ප්‍රජාවටද එහි ප්‍රතිලාභ ලැබීමයි . මෙහිදී ඔබට උපකාර අවශ්‍යම අයට ඔබගේ සේවය ලබා දීමට හැකි වනවා.
ස්වේච්ඡා සේවා අවස්ථා සොයා ගන්නේ කෙසේද ?
ස්වේච්ඡා අවස්ථාවක් සඳහා ඔබේ සෙවීම ආරම්භ කිරීමට ඔබට  govolunteer.com.au. යන වෙබ් අඩවියට පිවිසිය හැකියි
   ඔබේ අධ්‍යාපන සැපයුම්කරු විසින්  විශ්ව විද්‍යාලය තුළ  සහ ඉන් පිටත  ස්වේච්ඡා අවස්ථා රාශියක් ලබා දෙනු ඇත
  එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ ස්වේච්ඡා අවස්ථා සඳහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න:  
ඔබට තවත් වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිසෙන්න

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




*********************************************************************************

Share

Recommended for you