අදින් (19/04) ඇරඹුණු දීර්ග පාස්කු නිවාඩු සමයේදී ඔස්ට්‍රේලියානු මහා මාර්ග වල විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදීමට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි පොලීසි කටයුතු යොදා තිබේ.
මාර්ග ආරක්ෂණය වැඩි කිරීම සහ මාර්ග සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල දැඩි දඬුවම් සහ දඩ මුදල් පැනවීමට තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඒ අනුව අප්‍රේල් 18 සිට අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රී 12 දක්වා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරි වල double demerits ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

Victoria Police vehicle, Melbourne, Australia Source: Getty Images
Double demerits බලාත්මක වන රියදුරු වැරදි
පාස්කු නිවාඩුවේදී නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියාව සහ Australian Capital Territory (ACT) හි මෙම double demerits ක්‍රමය බලාත්මක කෙරේ.
වික්ටෝරියානු සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වල මෙන්ම Northern Territory, ක්වීන්ස්ලන්ත හා ටස්මේනියා ප්‍රාන්ත වලද මෙවර පාස්කු නිවාඩුවේ දී double demerits ක්‍රමය බලාත්මක නොකෙරෙන බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
Double demerits ක්‍රමයට අදාළ ප්‍රධාන රියදුරු වැරදි පහත පරිදි වේ.
- වේග සීමාවන් ඉක්මවා රිය පැදවීම.
- රිය ධාවනය කරන විට නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය.
- ආසන පටි පැළඳ නොසිටීම.
- හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම.
- බීමත්ව රිය ධාවනය කිරීම.

Source: AAP
ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වලට අනුව ලැබෙන දඩ සහ හිමිවන demerits ලකුණු.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 10 ත් 40 ත් අතර වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 6 ක් සහ $472 දඩයක්.
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 40 ට වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 14 ක් සහ $3821 දඩයක්.
- රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය - demerits ලකුණු 10 ක් සහ $337 දඩයක්.
- ආසන පටි පැළඳ නොසිටීම - demerits ලකුණු 6 ක් සහ $330 දඩයක්.
- හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම - demerits ලකුණු 6 ක් සහ $337 දඩයක්.

Source: AAP
බටහිර ඔස්ට්‍රේලියාව
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 9 ත් 19 ත් අතර වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 4 ක් සහ $200 දඩයක්.
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 40 ට වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 14 ක් සහ $1500 දඩයක්.
- රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය - demerits ලකුණු 6 ක් සහ $400 දඩයක්.
- ආසන පටි පැළඳ නොසිටීම - demerits ලකුණු 8 ක් සහ $550 දඩයක්.
- හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම - $550 දඩයක්.

Source: AAP
Australian Capital Territory (ACT)
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 1 ත් 15 ත් අතර වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 2 ක්
- නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 30 ත් 45 ත් අතර වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 8 ක්
- රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය - demerits ලකුණු 6 ක්.
- ආසන පටි පැළඳ නොසිටීම - demerits ලකුණු 6 ක්.
- හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම - demerits ලකුණු 6 ක්.

Double demerit points Source: AAP
වික්ටෝරියානු ප්‍රාන්තයේ Operation Nexus
අදින් ඇරඹි දීර්ග පාස්කු නිවාඩුව නිසා මාර්ග වල වාහන තදබදය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් ආදාල වේග සීමාවන්ට අනුකූලව රිය ධාවනය කරන ලෙස වික්ටෝරියානු පොලීසිය ජනතාවට පවසයි.
මේ වසරේ අද දක්වා වික්ටෝරියානු මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වික්ටෝරියානු මාර්ග පොලීසියේ සහකාර කොමසාරිස් Stephen Leane පවසයි.
පසුගිය වසරේදී මේ කාලය වන විට රිය අනතුරු නිසා වාර්තා වුයේ මරණ 58 ක් බවත් වික්ටෝරියානු පොලීසිය සඳහන් කරයි.
එනිසාම අදින් ඇරඹි දීර්ග පාස්කු නිවාඩුවේදී වික්ටෝරියානු ප්‍රන්තයේ මහා මාර්ග වල අනතුරු අවම කිරීම උදෙසා Operation Nexus නමැති පොලිස් මෙහෙයුමක් ඊයේ (18/04) සිට ක්‍රියාත්මක කළ බවද වික්ටෝරියානු මාර්ග පොලීසියේ සහකාර කොමසාරිස් Stephen Leane පැවසුවේය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------