ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්රයේ සිදුවූ අක්‍රමිතා සහ සූරාකෑම් පිළිබඳ විමර්ශනයට පත් කළ රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාව පසුගියදා මධ්‍යම රජයට බාරදීමට කොමිසමේ ප්‍රධානී Kenneth Hayne කටයුතු කළේය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එහිදී හමුවූ තොරතුරු අනුව ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්රයේ සිදුවූ අක්රමිකතාවන් මගහරවා ගැනීමට රාජකීය බැංකු කොමිසම විසින් නිර්දේශ 76 ක් ඉදිරිපත් කර තිබේ.

Source: AAP
බැංකු සහ මුල්‍ය ආයතන අක්‍රමිකතා
රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාවට අනුව හඳුනාගත් ප්‍රබල අක්‍රමිකතා සිදුවීම් 18 ක් පිළිබඳ විමර්ශනය කරන ලෙස කොමිසමේ ප්‍රධානී Kenneth Hayne බලධාරීන්ට දැනුම් දී තිබේ.
පාරිභෝගිකයින්ට වංක ලෙස කටයුතු කිරීමේ අපාරාධ චෝදනා නිසා බැංකු හා මුල්‍ය ආයතන තුනකට අභි චෝදනා ගොනු කළ යුතු බවටද එම වාර්තාවේ සඳහන් බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාවට අනුව බහුලවම වැරදි සිදුකරමින් චෝදනා වලට ලක්ව ඇත්තේ Commonwealth බැංකුව වන අතර විමර්ශන වලදී ප්‍රධාන වශයෙන් නීති කඩ කිරීම් 12 කට ඔවුන් හසුව තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මුල්‍ය ආයතනයක් වන AMP ආයතනය ප්‍රධාන වශයෙන් නීති කඩ කිරීම් 9 කට හසුව ලයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත.
National Australia බැංකුව නීති කඩ කිරීම් 6 ක්ද ANZ බැංකුව නීති කඩ කිරීම් 2 ක්ද සහ Westpac බැංකුව එක් නීති කඩ කිරීමක්ද සිදුකර ඇති බව රාජකීය බැංකු කොමිසම හඳුනාගෙන ඇති බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: AAP
බැංකු වල මුල් පුටුවලට ඉහළ වැටුප් සහ බෝනස්
බැංකු සහ මුල්‍ය ක්ෂේත්රයේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරීන්ට ඔස්ට්‍රේලියාවේ විධායක රැකියාවල ඇති ඉහළම වැටුප් සහ බෝනස් හිමිවන බව වාර්තා වේ.
පසුගිය වසර 17 ඇතුළත ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්රයේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරීන්ට ඉහළම බෝනස් මුදලක් සහිත වැටුප් හිමිවූ වසර ලෙස 2018 වසර වාර්තා වන බව Australian Council of Superannuation Investors වාර්තාව පෙන්වා දෙයි.
බැංකු සහ මුල්‍ය කෂේත්රයේ දිගින් දිගටම සිදුවූ පාරිභෝගිකයින් සූරාකෑම් සහ අක්‍රමිකතා හමුවේ එම ආයතන වල ප්‍රධාන තනතුරු හොබවන පුද්ගලයින් රටේ ඉහළම වැටුප් සහ බෝනස් ලබන්නේ කෙසේදැයි Australian Prudential Regulation Authority හි සභාපති Wayne Byres ප්‍රශ්න කරයි.
ඔස්ට්‍රේලියානු බැංකු සහ මුල්‍ය පාරිභෝගිකයින් මගින් නඩත්තු කෙරෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු සහ මුල්‍ය ආයතන වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා news.com.au වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

Source: AAP
Commonwealth බැංකුව
Commonwealth බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Matt Comyn පත්වුයේ පසුගිය වසරේ අප්‍රේල් 09 වන දිනය.
ඔහුගේ වාර්ෂික වැටුප් පැකේජය ඩොලර් මිලියන 8.36 කි.
නමුත් ඒ සඳහා ඔහු තම කෙටිකාලීන සහ දිගු කාලීන ඉලක්ක සැපිරිය යුතුය.
මොහුට පෙර Commonwealth බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයතු කළ Ian Narev ගේ වාර්ෂික වැටුප් පැකේජය ඩොලර් මිලියන 10 කි.

Source: AAP
Westpac බැංකුව
Westpac බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනුයේ Brian Hartzer ය.
2018 වසරේදී ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 4.9 කි.
ඒ සඳහා ඩොලර් මිලියන 2.2 ක බෝනස් මුදලක්ද ඇතුළත්ය.
නමුත් පවතින අර්බුද හමුවේ ඔහුගේ බෝනස් මුදල් 30% කින් කප්පාදු කර තිබේ.

Source: AAP
National Australia බැංකුව
National Australia බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ Andrew Thorburn ය.
ඔහුගේ වාර්ෂික වැටුප් පැකේජය පසුගිය වසරේදී ඩොලර් මිලියන 2.1 කින් කප්පාදු කළ නමුත් 2018 වසරේ සැප්තැම්බර් වන විට අවසන් වූ වර්ෂයට ඔහු ඩොලර් මිලියන 4.3 ක වාර්ෂික වැටුප් පැකේජයකට හිමිකම් කීය.
නමුත් ඊට පෙර වසරේ ඔහුට ඩොලර් මිලියන 6.4 ක වාර්ෂික වැටුප් පැකේජයක් හිමිවිය.

Source: AAP
ANZ බැංකුව
2018 මුල්‍ය වර්ෂයේදී ANZ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී Shayne Elliot හට ඩොලර් මිලියන 5.25 ක වැටුප් පැකේජයක් හිමිවිය.
නමුත් ඊට පෙර ඔහුට ඩොලර් මිලියන 6.25 ක වැටුප් පැකේජයක් හිමිව තිබුණි.

Source: AAP
AMP මුල්‍ය ආයතනය
AMP යනු superannuation ඇතුළු අනෙකුත් මුල්‍ය පහසුකම් ලබාදෙන ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ මුල්‍ය ආයතනයකි.
එහි ප්‍රධාන විධායක නිලධාරී Craig Meller සහ සභාපතිනී Catherine Brenner පසුගිය වසරේදී ඉල්ලා අස්වූහ.
ඉන් අනතුරුව AMP හි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස Francesco De Ferrari පත් කෙරුණි.
කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක සැපිරිය හොත් ඔහුට ඩොලර් මිලියන 8.3 ක වාර්ෂික වැටුප් පැකේජයක් හිමිවන අතර අන්කෙඋත් ඉලක්ක සපුරාගතහොත් තවත් ඩොලර් මිලියන 17.7 ක් හිමිවනු ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------