ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පොලීසියේ highway patrol අංශයට නවතම තාක්ෂණික ක්රමෝපායන් හඳුන්වාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව මෙම නවීන තාක්ෂණය හරහා මහා මාර්ග වල රිය ධාවනය කරන භයානක රියදුරන්ව ඉතා සමීපව විමර්ශනය කිරීමටත් එමගින් මාර්ග ආරක්ෂණය වඩාත් තහවුරු කිරීමටත් හැකියාව ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් හා හදිසි සේවා කටයුතු පිළිබඳ ඇමතිනී Lisa Neville පසුගිය පෙබරවාරි 13 වන දින නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

Victorian Minister for Police and Emergency Services Lisa Neville. Source: AAP
නවතම තාක්ෂණික ක්රමෝපායන්
මෙම පියවර යටතේ වික්ටෝරියා ප්‍රාන්ත පොලීසියේ highway patrol අංශයේ මෝටර් රථ වලට නවතම තාක්ෂණික ක්‍රම ද්විත්වයක් ස්ථාපනය කෙරේ.
Automatic Number Plate Recognition හෙවත් ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීම සහ in-car video technology හෙවත් මාර්ගයේ පොලිස් ක්‍රියාකාරකම් වල ශබ්දය සහ වීඩියෝ පටිගත කිරීම එම නවතම තාක්ෂණික ක්‍රම ද්විත්වය වේ.
වාහන වල ගමන් කරන විටදී මේ හරහා නීති විරෝධී සහ භයානක පුද්ගලයින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
මෙම තාක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපනය කරන පළමු highway patrol රථය Bendigo ප්‍රදේශයේ highway patrol රථයක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් හා හදිසි සේවා කටයුතු පිළිබඳ ඇමතිනී Lisa Neville ගේ නිවේදනයේ දැක්වෙයි.
2019 වසර මැද භාගය වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ highway patrol රථ 38 ක මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බවත් 2021 වන විට ප්‍රාන්තය පුරාම ආවරණය වන පරිදි මෙය දියත් කරන බවත් එම නිවේදනය පවසයි.
එහිදී highway patrol රථ 221 කට මෙම පහසුකම් සැපයෙනු ඇත.
මේ සඳහා ඩොලර් බිලියන 2 ක පිරිවැයක් වැයවන බවද සඳහන්.

Source: AAP
Automatic Number Plate Recognition
Automatic Number Plate Recognition හෙවත් ස්වයංක්‍රීය වාහන අංක තහඩු හඳුනාගැනීමේ මෙම නවීන තාක්ෂණය ඔස්සේ පැයකට වාහන අංක තහඩු 2,500ක් දක්වා ස්කෑන් කිරීමේ හැකියාව පවතී.
එහිදී රියදුරු බලපත්‍ර නොමැති රියදුරන්, ලියා පදිංචි නොකළ වාහන, සොරකම් කළ වාහන, interlock කොන්දේසි මත රිය ධාවනය අත්හිටවූ රියදුරන් මෙන්ම වරෙන්තු සහිත රියදුරන් හඳුනාගැනීම පහසු වන බවද වාර්තා වේ.
එමෙන්ම ඉන්ධන පිරවුම් මධ්‍යස්ථාන වලින් ඉන්ධන පුරවා මුදල් නොගෙවා යන වාහන සහ රියදුරන් හඳුනා ගැනීමටද මේ හරහා අවකාශ ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

Victoria Police vehicle, Melbourne, Australia Source: Getty Images
In-car video technology
In-car video technology හරහා මාර්ගයේ පොලිස් ක්‍රියාකාරකම් වල ශබ්දය සහ වීඩියෝ පටිගත කෙරේ.
මෙම පටිගත කිරීම් ඉතා උසස් තත්ත්වයෙන් සිදුවන බැවින් ඒවා අධිකරණයේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමටද හැකිවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මෙය ප්‍රබල පිටිවහලක් වනු ඇතැයි පැවසේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------