ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු වල ගව තෙල් අඩංගුව පවතින බව අනාවරණය වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ හින්දු ජන ප්‍රජාව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මින් මතු ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු නිෂ්පාදනයේදී ගව තෙල් යොදා නොගන්නා ලෙස ඔවුන් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවෙන් ඉල්ලා ඇති බව dailymail වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු
ඔස්ට්‍රේලියාවේ සංසරණය වන ප්‍රධාන මුදල් නෝට්ටු වර්ග 5 කි.
එනම් $5, $10, $20, $50 සහ $100 වේ.
දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට මෙම මුදල් නෝට්ටු හඳුනාගැනීම තවත් පහසු කරමින් ඒ සියලු නෝට්ටු අලුත් මුහුණුවරකින් නිෂ්පාදනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පසුගිය වසරේදී තීරණය කළේය.
ඒ අනුව නවීන විශේෂාංග සමගින් නව ඩොලර් 5, 10 සහ 50 නෝට්ටු මේ වන විට නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පියවර ගෙන තිබේ.
නව ඔස්ට්‍රේලියානු ඩොලර් 20 නෝට්ටුව 2019 වසරේදීත් ඩොලර් 100 නෝට්ටුව 2020 වසරේදීත් එළිදැක්වීමට නියමිත බවද සඳහන්.

Source: Getty Images
ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු සහ ගව තෙල්
ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු polymer තාක්ෂණය හරහා polymer නෝට්ටු ලෙස නිමවෙයි.
එහිදී මුදල් නෝට්ටු වල දිගුකල් පැවැත්ම සහ ස්ථතික භාවය අවම කරගැනීමට ගව තෙල් හෝ බැටළු තෙල් ඉතා සුළු වශයෙන් යොදාගන්නා බව පැවසේ.
මෙම තොරතුරු හෙළිවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු නිෂ්පාදනයේදී ගව තෙල් යොදා නොගන්නා ලෙස හින්දු ජනතාවගේ විශ්වීය සංගමයේ සභාපති Rajan Zed ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු නිෂ්පාදනයේදී සත්ත්ව මේදය යොදාගන්නා බව මුල් වරට අනාවරණය කෙරුණේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය.

Source: Getty Images
ගවයා සහ හින්දු සංස්කෘතිය
හින්දු සංස්කෘතියට අනුව ගවයා දේවත්වයෙන් පුදනු ලබන සත්ත්වයෙකි.
එනිසාම ගවයාගේ කුමන හෝ කොටසක් අඩංගු ආහාරයක්, පානයක් හෝ භාණ්ඩයක් භාවිතා කිරීම හින්දු විශ්වාස වලට අනුව නොකළ යුත්තකි.
මේ හේතුවෙන් එවැනි භාණ්ඩ හින්දු ජනතාව දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.
මේ අතර ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු සම්බන්ධ මෙම ගැටලුව සම්බන්ධව බරපතල ලෙස අවධානය යොමු කරන ලෙස Rajan Zed ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe හට පවසා තිබේ.
ඔස්ට්‍රේලියාවේ බැංකු නෝට්ටු නිෂ්පාදන ක්‍රියාවලිය වැනි දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනය කිරීමට පෙර ඉන් විවිධ ආගම් සහ ජාතීන් ට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මීට වඩා කල්පනාකාරී විය යුතු බවද ඔහු Daily Mail වෙබ් අඩවියට පවසා තිබුණි.
ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු නිෂ්පාදනයේදී සත්ත්ව තෙල් යොදාගැනීම සම්බන්ධව මීට පෙර අවස්ථාවක ඔස්ට්‍රේලියාවේ වෙසෙන Vegan වරුන්ද තමන්ගේ දැඩි විරෝධතාව දක්වා තිබුණි.
2016 වසරේදී පැවති ඔස්ට්‍රේලියානු ජන සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ හින්දු ජාතිකයින් 440,000 ක් පමණ වාසය කරන අතර එය ඔස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම ආගම ලෙසද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ විශාල ලෙසම ව්‍යාප්ත වී ඇති ආගම ලෙස ක්‍රිස්තියානි ආගම හැඳින්වෙන අතර ඉස්ලාම් සහ බුද්ධාගම පිළිවෙලින් දෙවැනි හා තුන්වන තැනට පත්ව තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------