ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට යාමට අපේක්ෂා කරන නිපුණතා සංක්රමණිකයින්ගේ වීසා අයදුම්පත් කඩිනමින් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 19.4 ක පිරිවැයක් සහිත සැලසුමක් සකස් කර ඇති බව වාර්තා වන අතර ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman මේ සැලැස්ම පිළිබඳ පූර්ණ නිවේදනයක් අද පස්වරුවේදී සිදු කිරීමට නියමිතය.

Source: Department of Home Affairs
නිපුණතා සංක්‍රමණිකයින් සඳහා වූ නව සැලැස්ම
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් නිපුණතා සංක්‍රමණිකයින් බැහැර කොට ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
මේ යටතේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික වැඩසටහන වන Skilled Migration Program හෙවත් නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ජනගහන පීඩනය අධික නගරවලින් බැහැර කර දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, Northern Territory වැනි ජනගහනය අඩු ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් සකස් කරමින් පසුවෙයි.
එම සැලසුම් වලට අදාළව ඉදිරි වසර 4 ක කාලයකට ඩොලර් 19.4 ක මුල්‍ය ප්‍රතිපාදන ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දීමට මධ්‍යම රජය සූදානම් වෙයි.
ඒ යටතේ එම ප්‍රාදේශීය කලාප වල ක්‍රියාත්මක ව්‍යාපාර සහ කර්මාන්ත වල ශ්‍රම හිඟය පුරවාගැනීමට නිපුණතා සංක්‍රමණිකයින් ආකර්ෂණය කරගැනීමට එම මුදල් යෙදවෙනු ඇත.
මෙම සැලැස්ම යටතේ ප්‍රාදේශීය කලාප වල ව්‍යාපාර, සමාගම් හෝ කර්මාන්ත විසින් අනුග්‍රහය දක්වන නිපුණතා සංක්‍රමණිකයින් ගේ වීසා අයදුම්පත් මෙන්ම ප්‍රාදේශීය ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් විසින් බඳවා ගැනීමට කැමැත්ත පළ කළ නිපුණතා සංක්‍රමණිකයින් ගේ වීසා අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බැලෙනු ඇත.

Source: AAP
සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම පිළිබඳ අගමැති මොරිසන්ගේ යෝජනාව
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය නොවැම්බර් මාසයේදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
2012-13 වසරේ පටන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 ක උපරිම සීමාවක තබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය.
නමුත් ගතවූ කාලය තුළ ඉතිහාසයේ අවම ස්ථිර පදිංචිය ලබා දීම් 2017-18 වර්ෂයේදී සිදුවූ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංක්‍රමණික දත්ත පෙන්වා දෙයි.
එම ප්‍රමාණය 163,000 ක් ලෙස වාර්තා වන අතර ඊට නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුලේ උදවියගේ සංක්‍රමණ අයත්වේ.

Immigration Minister David Coleman with Australian PM Scott Morrisson Source: AAP
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
දකුණු ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය පුරවා ගැනීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය විසින්ම ක්‍රියාත්මක කරනු ලබන නිපුණතා සංක්‍රමණික වැඩසටහනක් පවතී.
ඒ යටතේ ඔවුන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන 190 වීසා වැඩසටහනක් මෙන්ම වසර 4 ක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන 489 වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට වැඩිපුර නිපුණතා සංක්‍රමණිකයින් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සකස් කරන ලෙස දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අගමැතිවරයා ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
තම ප්‍රාන්තයට වැඩිපුර නිපුණතා සංක්‍රමණිකයින් අවශ්‍ය බවද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall එහිදී පැහැදිලි කර තිබේ.

Source: Flickr
ටස්මේනියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
ශ්‍රම හිඟය පුරවා ගැනීම සඳහා ටස්මේනියාවද නිපුණතා සංක්‍රමණික වැඩසටහනක් තම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කරයි.
ඒ යටතේ ඔවුන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන 190 වීසා වැඩසටහනක් මෙන්ම වසර 4 ක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන 489 වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන් හට ටස්මේනියාවේ තම උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඉහත සඳහන් වීසා වැඩසටහන් වලට අයදුම් කිරීමට හැකියාවක් පවතින බවද වාර්තා වේ.

Migrant visas fast-tracked for regional Australia Source: AAP
Northern Territory නිපුණතා සංක්‍රමණික වැඩසටහන
ශ්‍රම හිඟය පුරවා ගැනීම සඳහා Northern Territory හිදීද නිපුණතා සංක්‍රමණික වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එහිදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන 190 වීසා වැඩසටහනක් මෙන්ම වසර 4 ක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන 489 වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ දෙවැනි කලාපය ලෙසද Northern Territory ප්‍රකාශයට පත් කර තිබේ.
Northern Territory හි පවතින ශ්‍රම හිඟය පුරවා එම කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් Northern Territory DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ වන විට Northern Territory හි ශ්‍රම හිඟය පවතින නිපුණතා (skilled) සහ අර්ධ නිපුණතා (semi-skilled) වෘත්තීන් 117 ක් පමණ හඳුනාගෙන ඇති බව Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Selena Uibo පැවසුවාය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------