ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන හෙවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නිර්දේශ කරන ව්‍යාපාර හා නිපුණතා සංක්‍රමණික වැඩසටහන් 2019 පෙබරවාරි 08 වන දින සිට නතර කර ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුවේ සඳහන් වෘත්තීන් සඳහා 2019 පෙබරවාරි 08 වන දිනෙන් පසුව කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් නොකරන බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.

Source: Wikipedia
ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුව
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය ලබා දෙන නිපුණතා සංක්‍රමණික ජාතික වැඩසටහනට අමතරව විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි ඔස්සේද නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඒ ඒ ප්‍රාන්තයට හෝ ටෙරිටරියට අදාළ නිපුණතා රැකියා ලැයිස්තු වෙන වෙනම ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් කටයුතු කරයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නිර්දේශ කරන ව්‍යාපාර හා නිපුණතා සංක්‍රමණික වැඩසටහන් 2018/19 මුල්‍ය වර්ෂය සඳහා නතර කිරීම හේතුවෙන් 2019 පෙබරවාරි 08 දක්වා නිකුත් කෙරුණු ආරාධනා පත්‍ර වලට අදාළ අයදුම්පත් පමණක් මේ වන විට සලකා බලන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයවැඩි දුරටත් සඳහන් කරයි.

Source: Getty Images
ක්වීන්ස්ලන්ත රැකියා ලැයිස්තුව යාවත්කාලීන කිරීම
ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන Queensland Occupation List හෙවත් ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුව පසුගිය පෙබරවාරි 01 වන දින නැවත වරක් යාවත්කාලීන (update) කෙරුණි.
මීට පෙර අවස්ථා 4 කදී 2018/19 වසර සඳහා වූ ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුව යාවත් කාලීන කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පියවර ගෙන තිබුණි.
2018 වසරේ ජූලි 16, සැප්තැම්බර් 17, ඔක්තෝබර් 24 සහ නොවැම්බර් 22 යන දිනවල එම යාවත්කාලීන කිරීම් සිදුකර තිබේ.
ඒ අනුව පහත වෘත්තීන් එම අවස්ථා පහේදී ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුවෙන් ඉවත් කෙරුණි.
ICT Business Analyst – (Occupation ID: 261111)
Quantity Surveyor – (Occupation ID: 233213)
Construction Project Manager – (Occupation ID: 133111)
Marketing Specialist – (Occupation ID: 225113)
Finance Manager – (Occupation ID: 132211)
Registered Nurse (Aged Care) – (Occupation ID: 254412)
Registered Nurse (Critical Care and Emergency) – (Occupation ID: 254415)
Developer Programmer – (Occupation ID: 261312)
Software Engineer – (Occupation ID: 261313)
Civil Engineer – (Occupation ID: 233211)
Electrical Engineer – (Occupation ID: 233311)
Mechanical Engineer – (Occupation ID: 233512)
Accountant (General) – (Occupation ID: 221111)
Engineering Technologist – (Occupation ID: 233914)

Source: AAP
ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන නැවත ආරම්භ කිරීම.
ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා නැවත විවෘත කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.
ඒ අනුව 2019 ජූලි මාසයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව නිපුණතා රැකියා ලැයිස්තුව නිවේදනය කරන බවත් එහි ඇතුළත් වෘත්තීන් සඳහා අයදුමරුවන්ට EOI යොමු කළ හැකි බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය වැඩි දුරටත් පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඕස්ට්‍රේලියාවේ හැදෙන ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපනයට හවුල් වන්නේ කෙසේද?