අද (14/02) ලෝකයේ බොහෝ රටවල් පෙම්වතුන්ගේ දිනය සමරයි.
මේ අතර පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කරගනිමින් ලොව විවිධාකාරයේ වානිජ ප්‍රවර්ධන වැඩසහන් මෙන්ම අනිසි ලෙස මුදල් ගැරීමේ කූඨ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයද පෙම්වතුන්ගේ දිනයේදී සමස්ත ඔස්ට්රේලියානුවාසීන්ටම ඒ සම්බන්ධ වැදගත් පණිවිඩයක් ලබා දෙයි.

Source: Getty Images
Valentine’s Day scams
අදට යෙදී ඇති පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කරගනිමින් කූඨ ලෙස මුදල් සොරා ගැනීමේ scam වැඩසටහන් ක්‍රියාත්මක විය හැකි බවත් ඒවායින් ප්‍රවේශම් වන ලෙසත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ආදරය සොයා යන පුද්ගලයින් හට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන විවිධ dating වෙබ් අඩවි හරහා මෙලෙස බහුල වශයෙන් scam ක්‍රියාත්මක කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතිනී Marlene Kairouz නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
අන්තර්ජාලය ඔස්සේ මෙලේස ආදරය සොයා ගොස් 2018 වසරේදී ඔස්ට්‍රේලියානුවාසීන්ට ඩොලර් මිලියන 24 ක දැවැන්ත මුදලක් අහිමිවී ඇති බවද ඇය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
එහිදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අහිමිවූ මුදල ඩොලර් මිලියන 4.1ක පමණ වන බවද සඳහන්.

Source: SBS
විවාහයට $377,000 ක රැවටීමක්
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන අවුරුදු 69 ක් වයසැති එක්තරා පුද්ගලයෙකුගෙන් එක්තරා dating ඒජන්ත ආයතනයක් $377,000 ක දැවැන්ත මුදලක් සූරා කා ඇති බව අනාවරණය වී තිබේ.
ඔවුන්ගේ dating වෙබ් අඩවිය හරහා ඔහුට මුණගැසුණු කාන්තාව විවාහ කරගැනීමට අවශ්‍ය සියලු වියදම් ලෙස එම මුදල් වැයවන බව අදාළ ආයතනය ඔහුට දන්වා තිබේ.
එම මුදලින් විවාහ මංගල උත්සව කටයුතු, අදාළ කාන්තාව සිටින රටින් ඇයව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට යාමේදී සිදුවන නීතිමය ගාස්තු සහ ඇගේ පෙර විවාහයේ පවතින නීතිමය ගැටළු විසඳාගැනීම යන කටයුතු ආවරණය වන බව අදාළ ඒජන්ත ආයතනය අවුරුදු 69 ක් වයසැති එම පුද්ගලයාට පවසා තිබේ.
බොහෝ පුද්ගලයින් මෙවන්වූ අනත්රජාල dating වෙබ් අඩවි වලින් මුදල් ඉල්ලා සිටීමේදී කිසිදු ප්‍රශ්නයක් නොඅසා මුදල් ලබා දීමට පෙළඹෙන බවත් එනිසාම ඔවුන්ගේ මුදල් සූරා කෑමකට ලක්වන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතිනී Marlene Kairouz පවසයි.

Source: SBS
Dating scams වලින් මිදෙන්නේ කෙලෙසද?
අන්තර්ජාලය ඔස්සේ මුහුණ දෙන dating scams වලින් මිදීමට පහත කරුණු පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය ජනතාවට දන්වා සිටියි.
අතර්ජාලය ඔස්සේ පුද්ගලයින්ව හඳුනාගැනීමේදී අදාළ පුද්ගලයා ඔබව මුණගැසීමට නොපැමිණේ නම් හෝ ඔබත් සමග කතා බහ කිරීමේදී තම මුහුණ පෙන්වීමට අකමැති නම් හෝ එය ඉතා සැකසහිතය.
ප්‍රශ්න කිරීම් වලට නිසි පිළිතුරු ලබා නොදුන් විට ද එය ඉතා සැකසහිතය.
සැණින් ආදරය ප්‍රකාශ කිරීම හෝ විවාහ වීමට යෝජනා කිරීමද සැකයට භාජනය වන කරුණකි.
ඔබගේ සංවාදය සැණින් අදාළ dating වෙබ් අඩවියට හෝ dating app එකට හෝ ඔබගේ ඊමේල් ලිපිනය වෙත යොමු කිරීමද තවත් ප්‍රබල කරුණකි.
තමන්ට එලෙස සැකසහිත පුද්ගලයින්ට හෝ ආයතන වලට කිසිදු ලෙසක මුදල් ලබා නොදෙනබවත් Google’s reverse image search හරහා ඔබට ලබා දෙන ඡායාරූප අන්තර්ජාලයේ වෙනත් ස්ථාන වල තිබේදැයි සොයා බලන ලෙසත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවධාරණය කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------