ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට අදාළ නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව 2018 - 19 වසර සඳහා මේ වන විට ආරාධනා පත්‍ර (Invitation Rounds) වට දෙකක් ප්‍රකාශයට පත් කර ඇත.
2018 ජූලි 11 වන දින පළමුවැන්න නිකුත් කර ඇති අතර දෙවැන්න අගෝස්තු 11 වන දිනට නිකුත් කර තිබේ.

Source: SBS
අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය
මෙහිදී Skilled - Independent (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 2490 ක්ද Skilled - Regional (Provisional) (subclass 489) සඳහා ආරාධනා පත්‍ර 10 ක්ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටයෙදී නිකුත් කර ඇති මුළු ආරාධනා පත්‍ර ප්‍රමාණය 2500 කි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මීට පෙර වසර වල සෑම මාසයකටම ආරාධනා පත්‍ර වට දෙකක් සති දෙකකට වරක් ක්‍රියාත්මක විය.
එහිදී එක් වටයකට මුළු ආරධනා පත්‍ර 1250 ක් නිකුත් කෙරිණි.
නමුත් 2018 ජූලි මාසයේ පටන් සෑම මසකටම එක් වරක් ආරාධනා පත්‍ර නිකුත් කෙරෙන අතර එහිදී මුළු ආරධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරේ.

Source: Getty Images
IT කෝටාව ඉහළ දමයි.
2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 6,202 ක්ව තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පරිගණක මෘදුකාංග හා මෘදුකාංග ඉංජිනේරු (2613 - Software and Applications Programmers) ගේ කෝටාව 2018 -19 වසරේ 7,271 දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙවර 2613 ඛාණ්ඩයේ කෝටාව 1,069 කින් වැඩිවී ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උදවියට මෙය ඉතා සුබදායී පුවතකි.
ගණකාධිකාරී කෝටාව අඩු කරයි.
නමුත් 2018 -19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව ගණකාධිකාරී (2211 - Accountants) කෝටාව අඩු වී ඇත.
2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 4,785 ක්ව තිබූ ගණකාධිකාරී කෝටාව මෙවර 3,753 ක් දක්වා අඩු කර තිබේ.
එය 1,032 ක අඩුවීමකි.
මෙය ගණකාධිකාරී (2211 - Accountants) ක්ෂේත්රයේ උදවියට කණගාටුදායී පුවතකි.

Source: SBS
අගෝස්තු 11 වටයේ ප්‍රධාන වෘත්තීන් හි ලකුණු මට්ටම්
අගෝස්තු 11 වටයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර යොමු කෙරුණු ලකුණු මට්ටම පහත පරිදි වේ.
මීලඟ ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

Point scores and the dates of effect cut off for the pro rata occupations in the 11 August 2018 invitation round. Source: Department of Home Affairs
අගෝස්තු 11 වන විට “Occupation ceiling list 2018 – 19” හි තත්ත්වය පහත පරිදි වේ.
Occupation ID | Description | Occupation Ceiling Value 2018-19 | Invitations to 11/08/2018 |
---|---|---|---|
1213 | Livestock Farmers | 4,841 | 0 |
1331 | Construction Managers | 5,982 | 7 |
1332 | Engineering Managers | 1,131 | 8 |
1341 | Child Care Centre Managers | 1,000 | 1 |
1342 | Health and Welfare Services Managers | 1,302 | 2 |
2211 | Accountants* | 3,753 | 300 |
2212 | Auditors, Company Secretaries and Corporate Treasurers* | 1,342 | 107 |
2241 | Actuaries, Mathematicians and Statisticians | 1,000 | 15 |
2245 | Land Economists and Valuers | 1,000 | 8 |
2247 | Management consultant | 3,894 | 45 |
2321 | Architects and Landscape Architects | 1,251 | 67 |
2322 | Cartographers and Surveyors | 1,000 | 13 |
2331 | Chemical and Materials Engineers | 1,000 | 102 |
2332 | Civil Engineering Professionals | 3,510 | 230 |
2333 | Electrical Engineers | 1,000 | 116 |
2334 | Electronics Engineers* | 300 | 24 |
2335 | Industrial, Mechanical and Production Engineers* | 1,780 | 142 |
2339 | Other Engineering Professionals* | 700 | 56 |
2341 | Agricultural and Forestry Scientists | 1,000 | 29 |
2346 | Medical Laboratory Scientists | 1,600 | 28 |
2347 | Veterinarians | 1,000 | 20 |
2349 | Other Natural and Physical Science Professionals | 1,000 | 5 |
2411 | Early Childhood (Pre-primary School) Teachers | 2,488 | 49 |
2414 | Secondary School Teachers | 8,480 | 86 |
2415 | Special Education Teachers | 1,000 | 1 |
2512 | Medical Imaging Professionals | 1,224 | 2 |
2514 | Optometrists and Orthoptists | 1,000 | 0 |
2519 | Other Health Diagnostic and Promotion Professionals | 1,000 | 2 |
2521 | Chiropractors and Osteopaths | 1,000 | 6 |
2524 | Occupational Therapists | 1,227 | 15 |
2525 | Physiotherapists | 1,613 | 17 |
2526 | Podiatrists | 1,000 | 1 |
2527 | Speech Professionals and Audiologists | 1,000 | 17 |
2531 | General Practitioners and Resident Medical officers | 3,348 | 79 |
2533 | Internal Medicine Specialists | 1,000 | 7 |
2534 | Psychiatrists | 1,000 | 2 |
2535 | Surgeons | 1,000 | 4 |
2539 | Other Medical Practitioners | 1,145 | 177 |
2541 | Midwives | 1,000 | 6 |
2544 | Registered Nurses | 17,322 | 293 |
2611 | ICT Business and Systems Analysts* | 1,466 | 117 |
2613 | Software and Applications Programmers* | 7,271 | 581 |
2621 | Database and Systems Administrators and ICT Security Specialists | 2,660 | 204 |
2631 | Computer Network Professionals* | 2,167 | 173 |
2633 | Telecommunications Engineering Professionals | 1,000 | 182 |
2711 | Barristers | 1,000 | 0 |
2713 | Solicitors | 3,770 | 38 |
2723 | Psychologists | 2,228 | 14 |
2725 | Social Workers | 2,125 | 37 |
3122 | Civil Engineering Draftspersons and Technicians | 1,000 | 9 |
3123 | Electrical Engineering Draftspersons and Technicians | 1,000 | 3 |
3132 | Telecommunications Technical Specialists | 1,000 | 6 |
3211 | Automotive Electricians | 1,000 | 0 |
3212 | Motor Mechanics | 6,099 | 9 |
3222 | Sheetmetal Trades Workers | 1,000 | 0 |
3223 | Structural Steel and Welding Trades Workers | 4,639 | 2 |
3232 | Metal Fitters and Machinists | 6,989 | 2 |
3233 | Precision Metal Trades Workers | 1,000 | 0 |
3241 | Panelbeaters | 1,000 | 0 |
3311 | Bricklayers and Stonemasons | 1,594 | 1 |
3312 | Carpenters and Joiners | 8,372 | 5 |
3322 | Painting Trades Workers | 3,277 | 2 |
3331 | Glaziers | 1,000 | 0 |
3332 | Plasterers | 2,081 | 0 |
3334 | Wall and Floor Tilers | 1,259 | 0 |
3341 | Plumbers | 5,766 | 2 |
3411 | Electricians | 9,303 | 12 |
3421 | Airconditioning and Refrigeration Mechanics | 1,836 | 0 |
3422 | Electrical Distribution Trades Workers | 1,019 | 0 |
3423 | Electronics Trades Workers | 1,769 | 10 |
3513 | Chefs | 2,821 | 12 |
3941 | Cabinetmakers | 1,421 | 0 |
3991 | Boat Builders and Shipwrights | 1,000 | 0 |
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඕස්ට්‍රේලියාවේ සිට විදේශයන්ට මුදල් යවන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්