මේ වසරේ මේ තාක් දුරට ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
සාමන්‍යයෙන් එක් මුදල් වර්ෂයක් තුළ ( ජූලි 01 සිට එළඹෙන වසරේ ජුනි 30 දක්වා) ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමනික කෝටාව 190,000 ක් වේ.
නමුත් 2017 - 18 මුදල් වර්ෂය සඳහා තවමත් ස්ථිර පදිංචිය ලබා දුන් සංක්‍රමණික සංඛ්‍යාව 138,086 ක් පමණක් බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනවරණය කරයි.
2016 - 17 මුදල් වර්ෂයේදී 183,608 ක පිරිසකට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනැමුණු අතර මේ වසරේදී එම අගය තවත් පහත බැස තිබෙන බව පෙනෙන්නට තිබේ.

Source: SBS
2017 - 18 සංක්‍රමණික කෝටාව
වාර්ෂික 190,000 කෝටාවෙන් 2017 - 18 මුදල් වර්ෂය සඳහා තවමත් ස්ථිර පදිංචිය ලබා දුන් සංක්‍රමණික සංඛ්‍යාව 138,086 කි.
ඒ අතරින් නිපුණතා සංක්‍රමණිකයින් 91,302 ක්ද family වීසා හරහා පැමිණි 44,193 ක්ද දරුවන් 2,591 ක්ද සිටින බව වාර්තා වේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ආගමන නිලධාරී Christine Dacey පැවසුවේය.

Source: AAP
සංක්‍රමණික සංඛ්‍යාව අඩු වීමට හේතු
ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ අපරාධ අවදානම හේතුවෙන් අයදුම්පත් පරීක්ෂා කිරීමේ කාලය දිගු වී ඇති බවත් අයදුම්කරුවන්ගේ ප්‍රමාණය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo පැවසීය.
සෑම සංක්‍රමණිකයෙකුගේම දත්ත ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක දත්ත ගබඩාවට ඇතුල් කිරීම සහ අපාරාධ ලැයිස්තු සමග පරීක්ෂා කිරීම හේතුවෙන් මෙසේ දිගු කාලයක් ගත වන බව ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව පසුගිය මුදල් වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ වීසා සහ පුරවැසිභාවය පිරි නැමීමේ අංශයේ සේවය කරනු ලැබූ සේවකයින් 355 ක් කප්පාදු කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනාවරණය කරන අතර එයද මෙම අයදුම්පත් සලකා බැලීමේ කටයුතු ප්‍රමාද වීමට දැඩිව බලපෑ ඇතැයි සඳහන්.

Source: SBS
ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණිකයින් මතින් ඉදිවූ රටකි.
ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණිකයින් මත වර්ධනය වූ රටක් බවත් ලොව පවතින බහු සංස්කෘතික රටවල් අතරින් ප්‍රමුඛතම රට ඔස්ට්‍රේලියාව බවත් නොරහසකි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් වැඩි පිරිසක් සංක්‍රමණිකයින් වන අතර මෙරට රැකියා උත්පාදනයට ප්‍රබලම සාධකය වන්නේ ද ආගමන කටයුතු බව පැවසේ.
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයෙන් 50% කට අධික ප්‍රමාණයක් සිදුවන්නේද සංක්‍රමණය හේතුවෙන් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo පැවසීය.
සංක්‍රමණිකයින් නිසා ඔස්ට්‍රේලියානු ජනතාවගේ රැකියා වලට පහරක් එල්ල වන බවට පසුගිය කාලයේදී ප්‍රබල චෝදනාවක් එල්ලවූ නමුත් පසුගිය මාසයේදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය එක්ව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුයේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන හේතුවෙන් රටේ ආරථික වර්ධනයක් සිදුවනවා මිස දේශීය රැකියා වලට පහරක් එල්ල නොවන බවය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------