විශ්ව විද්‍යාල තුළදී අන්තර්ජාතික සිසුන් හට එල්ලවන ලිංගික හිංසනයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල අවශ්‍ය මට්ටමේ කාර්යභාරයක් සිදු කර නොමැති බව නවතම වාර්තාවකින් අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල සිසුන් හට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් සභාව විසින් නිකුත් කළ වාර්තාවෙන් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ව ඉන් මුදවා ගැනීමට අවම වශයෙන් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලින් 26 ක් සහ නේවාසික විද්‍යාල 16 ක් පමණක් පියවර ගෙන ඇති බව එම වාර්තාව පැහැදිලි කරයි.
Sexual consent යනු කුමක්ද යන්න පැහැදිලි කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවිකරණ පාඨ මාලවක් ඔවුන් තම සිසුන් වෙත සපයන බව සඳහන්.

Source: SBS
SBS වෙත දැක්වූ අදහස්
නමුත් එම වීඩියෝව සියලුම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් හට එකසේ සහය නොවන බව ඇතැම් විශේෂඥයින් සහ විශ්ව විද්‍යාල සිසුන් SBS පුවත් වෙත පැවසීය.
ඇතැම් විශ්ව විද්‍යාල වල එම වීඩියෝව පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් ඔවුන් පවසයි.
එම වීඩියෝව පැයක කාලයකින් යුක්ත වේ.
ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි ප්‍රවීණත්වය පිළිබඳ ගැටළු ඇති බවත් එනිසාම සිසුන් හට වඩා පහසු අයුරින් සහය සැපයිය යුතු බවත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය Bianca Fileborn, SBS පුවත් වෙත පැවසුවාය.
ඒ ඒ සිසුන්ගේ මව් භාෂාවෙන් මේ සම්බන්ධව නිමවුණු දිගු කාලීන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් වඩා ඵලදායී ප්‍රතිපල අත් කර ගැනීමට හැකි බවද ඇය පැහැදිලි කළාය.
දිගු කාලීන ප්‍රශ්නයට ලැබුණු පිළිතුර
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල සිසුන් හට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් සභාව තම වාර්තාව නිකුත් කර මේ වන විටත් වසරකට ආසන්න කාලයක් ගතව ඇති නමුත් තවමත් මෙම ගැටළුව විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව End Rape on Campus තානාපතිනී Nina Funnell පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල මෙම ගැටලුවේදී අන්තර්ජාතික සිසුන් පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය පෙන්වා දෙයි.
ඔවුන්ගෙන් බහුතරයක් පැමිණෙන්නේ ඉංග්‍රීසි නොවන පසුබිමක් යටතේ බවත් ඇතැම් දෙනා හට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලැබී නොමැති බවත් ඇතැම් දෙනා ලිංගික ගොදුරු බවට පත්ව සිට මෙහි පැමිණි ඇති බවත් ඇය පෙන්වා දෙයි.
එනිසාම ඔවුන් හට ආමන්ත්රනය කරන විට ඔවුන්ට වඩාත් සමීප වන ලෙස ඒ කටයුත්ත කළ යුතු බවත් Nina Funnell පැවසුවාය.

Source: End Rape on Campus
විශ්ව විද්‍යාල කිරීමට යන්නේ කුමක්ද?
Sexual consent යනු කුමක්ද යන්න පැහැදිලි කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවිකරණ පාඨ මාලවක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලින් 26 ක් සහ නේවාසික විද්‍යාල 16 ක් තම සිසුන් හට පිරිනමයි.
Oxford විශ්ව විද්‍යාලයේ ප්‍රකාශන ආයතනයේ කොටසක් වන Epigeum නැමති ආන්තර්ජාල අධ්‍යාපන සපයන්නා විසින් එම පාඨ මාලාව නිර්මාණය කර තිබේ.
ඉහත ලැබුණු විවේචන මත ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රියාත්මක මෙම පාඨ මාලාව අන්තර් ජාතික සිසුන් ගේ පහසුව සඳහා වෙනත් භාෂාවලින් නිර්මණය කරනවා දැයි SBS පුවත් සේවය අදාළ විශ්ව විද්‍යාල වලින් විමසා සිටියේය.
නමුත් මෙම මට්ටමේදී තවමත් මෙම පාඨ මාලාව පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් වෙනත් භාෂාවලින් එය නිර්මණය කිරීමට සැලසුම් ඇත්දැයි තමන් දැනුවත් නැති බවත් සිඩ්නි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සහයක සේවාවේ අධ්‍යක්ෂිකා Jordi Austin, SBS පුවත් සේවයට පැවසුවාය.
ඔස්ට්‍රේලියාව තුළ ලිංගික හිංසනයන් සහ පවුල් හිංසනයන් පිළිබඳ උපදේශන සේවාවන් අවශ්‍යනම් ඔබට පැය 24 පුරාම විවෘතව ඇති 1800RESPECT (1800 737 732) අංකයට අමතන්න.

Source: Epigeum
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------