ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැදී සිටින බහුතරයක් පුද්ගලයින් සිය රැකියා ස්ථාන වලදී ශ්‍රමය සූරා කෑමකට ලක්වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
විශේෂයෙන් backpackerවරුන් සහ ජාත්‍යන්තර සිසුන් මෙලෙස ප්‍රධාන ලෙස ශ්‍රමය සූරා කෑමකට ලක්වන බව සඳහන්.

Source: AAP
පැයකට ඩොලර් 5 යි.
working holiday වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි Rodolphe Lafont හට වික්ටෝරියානු ප්‍රාන්තයේ ගොවිපොළක පළතුරු නෙලීමේ රැකියාව සඳහා පැයකට ඩොලර් 5 ක් පමණක් ලැබුණු බව සඳහන්.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔහුගේ රැකියාවට හිමි නියම වැටුප පිළිබඳ නිසි තොරතුරු තමන් නොදන්නා බවත් මේ පිළිබඳ නීති මාර්ගයෙන් කටයුතු කිරීම කාලය ගතවන හා කරදරකාරී කටයුත්තක් බවත් ඔහු SBS පුවත් වෙත පැවසීය.
ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි බොහෝ ගොවි පොළ වල මෙවනිවූ කම්කරු මට්ටමේ රැකියා සඳහා ඩොලර් 10 කට වඩා ඉතා අඩු මුදලක් ගෙවන බව මෙම නව වාර්තාවෙන් පෙන්වා දෙයි.

Source: SBS
නීතියේ සිදුරු සහ ශ්‍රමය සූරා කෑම
backpackerවරුන්, ජාත්‍යන්තර සිසුන් සහ අනෙකුත් තාවකාලික වීසා වල සිටිනන් හට මෙවැනි අන්දමේ අඩු වැටුප් ගෙවීම් මගින් දැවැන්ත ලෙස ශ්‍රම සූරා කෑමක් විවිධ සේවායෝජකයින් වෙතින් සිදුවන බව මෙම නවතම වාර්තාව දක්වයි.
එසේ අහිමිවූ වැටුප් නැවත ලබාගැනීමටද ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත මාර්ග කිහිපයක් බවද එය අනාවරණය කරයි.
මෙම අර්බුදය දිගින් දිගටම පැවතෙන නමුත් ඒ පිළිබඳ බොහෝ දෙනා සාකච්ඡා නොකරන බවත් එනිසාම එය යටගැසී ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Bassina Farbenblum පැවසුවාය.
මෙසේ සූරා කෑමට ලක්වූ වැටුප් වල ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් පමණ වන බව ඇය පෙන්වා දෙයි.

Source: AAP
වාර්තාවේ සාරාංශය
මෙම වාර්තාව සකස් කිරීම සඳහා විවිධවූ රටවල් 107 කින් ඔස්ට්‍රේලියාවට පැමිණි තාවකාලික වීසා හිමියන් 4,300 ක් සමීක්ෂණය සඳහා යොදාගත් බව සඳහන්.
තමන්ට අහිමිවූ වැටුප් නැවත ලබාගැනීමට සටන් කරනු ලැබ ඇත්තේ තාවකාලික වීසා හිමියන්ගෙන් දහයෙන් එකක් බව එහිදී හෙළිවිය.
සමීක්ෂණයට සහභාගී වූ අඩකටත් වඩා පිරිසකට පැයකට ඩොලර් 15 ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා විය.
එමෙන්ම තුනෙන් එකකට පැයකට ඩොලර් 12 ට හෝ ඊට අඩු ප්‍රමාණයක් ලැබෙන බවත් එම දත්ත පෙන්වා දී තිබේ.
උද්‍යාන විද්‍යාව සහ ගොවි පොළවල ආශ්රිත රැකියා වලදී මෙසේ ඉතා අඩුම වැටුප් ගෙවනබවද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප
ජාතික මට්ටමින් ඔස්ට්‍රේලියාවේ වර්තමාන අවම වැටුප ලෙස පැයකට ඩොලර් 18.93 හෙවත් සතියකට පැය 38 ක් සඳහා ඩොලර් 719.20 ලෙස දැක්වෙයි.
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප තීරණය කරනු ලබන්නේ Fair Work කොමිසම මගිනි.
මෙම වැටුප ආදායම් බදු අය කිරීමට පෙර වැටුප වේ.
ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ද (Casual employees) ඔස්ට්‍රේලියාවේ මෙම ජාතික අවම වැටුපෙන් ආවරණය වන අතරම අවම වශයෙන් 25% ක හෝ casual loading ද ඔවුන්ට හිමිවිය යුතුය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------