ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යනතර සිසුන් අඩුවෙන්ම පැමිණෙන ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හැඳින්වේ.
එනිසාම බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වෙත ජාත්‍යන්තර සිසුන්ව ආකර්ෂණය කරගැනීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය නව සැලස්මක් ඉදිරිපත් කර තිබේ.

Source: SBS
බටහිර ඔස්ට්‍රේලියාවේ නව සැලැස්ම
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වෙත ජාත්‍යන්තර සිසුන්ව ආකර්ෂණය කරගැනීමට යන මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2ක් ආයෝජනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සූදානම් වෙයි.
මේ මගින් ජාත්‍යන්තර අධ්‍යාපනයේ නව උපායමාර්ග හඳුන්වා දී බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උපාධිධාරී සංක්‍රමණික වැඩසටහන හරහා ජාත්‍යන්තර සිසුන්ව ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට නව රැකියා කිහිපයක්ද අලුතින් එක් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Mark McGowan සූදානම් වේ.
ඒ හරහා බොහෝ විදේශ සිසුන් තම අධ්‍යපනයෙන් පසුවද බටහිර ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටිනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

WA Premier Mark McGowan Source: Facebook
බටහිර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට සහ පූර්ණ කාලීන රැකියා කිරීමට මග පාදන නිපුණතා රැකියා ලැයිස්තු දෙකක් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක වේ.
01. Western Australian skilled migration occupation list (WASMOL) හෙවත් බටහිර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව.
02. Graduate occupation list (GOL) හෙවත් උපාධිධාරී රැකියා ලැයිස්තුව.

Source: SBS
WASMOL සඳහා අයදුම්කිරීමට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම්
ඔබට අදාළ වෘත්තීය WASMOL ලයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය.
ඔබ යොමු කළ EOI හි සඳහන්වූ පරිදි අදාළ වෘත්තියට ඔබේ රැකියා පළපුරුද්ද ඔප්පු කිරීම සඳහා සාක්ෂි පෙන්විය යුතුය.
මෙහිදී පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයක වසරක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම හෝ;
පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ විදේශයකදී ලබාගත් වසර 3 ක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම සිදු කළ යුතුය.
ඒ ඒ වෘත්තියට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පෙන්විය යුතුය.
අයදුම්කරන වෘත්තියට හෝ ඊට ආසන්න වෘත්තියකට සම්බන්ධ අවම වශයෙන් මාස 12 ක් සහිත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සේවා යෝජක කොන්ත්‍රාත්තුවක් පෙන්විය යුතුය.
එමෙන්ම මාස තුනකට සරිලන ජීවන වියදම පියවාගැනීමේ මුල්‍ය තත්ත්වයන් පෙන්විය යුතුය යන අමතර අවශ්‍යතාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත අයදුම්කරුවන් සඳහා පනවා තිබේ.

Source: Pixabay
GOL සඳහා අයදුම්කිරීමට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම්
ඔබට අදාළ වෘත්තීය GOL ලයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය.
ශාස්ත්‍රපති සහ පශ්චාත් උපාධිධාරීන් හට GOL ලයිස්තුවේ ඇති සියලු වෘත්තීන් සඳහා අයදුම් කළ හැකි නමුත් සාමාන්‍ය උපාධි සහ උසස් අධ්‍යාපනය ලැබුවන්ට GOL ලයිස්තුවේ ඇති ඇතැම් වෘත්තීන් සඳහා පමණක් අයදුම් කළ හැකිවේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක වසර දෙකක පූර්ණ කාලීනව උසස් අධ්‍යාපනය හැදෑරිය යුතු වේ.
වෘත්තීය පළපුරුද්ද පිළිබඳ ඔබ යොමු කළ EOI හි සඳහන් කළහොත් ඒ සඳහා සාක්ෂි පෙන්විය යුතුය.
මෙහිදී පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයක වසරක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම හෝ;
පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ විදේශයකදී ලබාගත් වසර 3 ක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම සිදු කළ යුතුය.
ඒ ඒ වෘත්තියට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පෙන්විය යුතුය.
මෙහිදී ශාස්ත්‍රපති සහ පශ්චාත් උපාධිධාරීන් හට සේවා පළපුරුද්ද පෙන්වීමට අවශ්‍ය නැත.
අයදුම්කරන වෘත්තියට හෝ ඊට ආසන්න වෘත්තියකට සම්බන්ධ අවම වශයෙන් මාස 12 ක් සහිත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සේවා යෝජක කොන්ත්‍රාත්තුවක් පෙන්විය යුතුය.
එමෙන්ම මාස තුනකට සරිලන ජීවන වියදම පියවාගැනීමේ මුල්‍ය තත්ත්වයන් පෙන්විය යුතුය යන අමතර අවශ්‍යතාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත අයදුම්කරුවන් සඳහා පනවා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ගුවන් යානයක් තුළදී ඔබට හමුවිය හැකි කරදරකාරී ගුවන් මගීන් වර්ග 9ක්. (SBS සිංහල/වාර්තා)